16න් පහළ පොඩ්ඩෝ නුවර දෙවනත් කරන්නට සැරසේ

1184

වයස අවුරුදු 16න් පහළ සමස්ත ලංකා දස සාමාජික පාසල් රග්බි තරගාවලිය හෙට හා අනිද්දා (අගෝස්තු 4, 5) දෙදින පුරාවට මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි පිටියේ දී හා දිගන රග්බි පිටියේ දී පැවැත්වේ.

20න් පහළ සුක්කානම නවීන් හේනකංකානම්ගේට

ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය වෙනුවෙන් දාහත් …

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මේ රග්බි තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් 32ක් කාණ්ඩ 8ක් යටතේ තරග වදින ලැබේ.

තරගාවලියේ මූලික වටය අවසානයේ සෑම කාණ්ඩයකම පෙරමුණේ සිටින කණ්ඩායම් 8 කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගනු ඇත. කුසලාන තරගාවලියේ පරාජය වනු ලබන කණ්ඩායම් පලඟ කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට තේරී පත්වන අතර මේ තරගාවලිය මඟින් ඒ ඒ පාසල්වල රග්බි පුහුණුකරුවන් හට සිය පාසල් වල වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම සඳහා ඉතාමත් දක්ෂ ක්‍රීඩකයින් තෝරාගැනීමට විශාල පිටිවහලක් වනු නිසැකය.

මෙවර තරගාවලිය තුල තරග වදිනු ලබන කණ්ඩායම් අතරින් බොහෝ දෙනාගේ අවධානය දිනා ගනු ලබන පාසල් ලෙස කොළඹ ඉසිපතන විද්‍යාලය, සාන්ත ජෝසප්  විද්‍යාලය, රාජකීය විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාල කණ්ඩායම් හැඳින්වීමට හැකි අතර ගියවර පැවැත්වූ තරගාවලියේ ශූරතාවය දිනාගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා එහි අනුශූරතාවය දිනා ගත් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය ද මෙවර තරගාවලියේ සිටින අනෙකුත් පෙරළිකාර කණ්ඩායම් ලෙස හැඳින්වීමට හැකිය.

පාසැල් රග්බි පිටියේ තවත් තරගාවලියක් ලබන මස මුලදී

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 16න් පහළ …

ගියවර පැවැත්වූ තරගාවලියේ දී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරාජය කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය එහි සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව පලිහ, බඳුන හා පලඟ යන ශූරතා පිළිවෙළින් මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් ජයග්‍රහණය කරන ලදි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<