රාජකීයයන් හා සෙබස්තියන් විද්‍යාල අවසන් මහා තරගයට

309

සිංගර් කුසලාන වයස අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (19) කොළඹ දී ක්‍රියාත්මක වුන අතර එම තරගවලින් ජයග්‍රහණය ලබා ගත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය මේ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය.

යොවුන් ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

බංගලාදේශයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී…

සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මහානාම විද්‍යාලය

හොරණ තක්ෂිලා විද්‍යාල ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට කටයුතු කළ අතර සංදේශ ප්‍රනාන්දු නොදැවී ලකුණු 65*ක් ලබාගෙන සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු සටහනේ වැඩිම ලකුණු ලාභියා විය.

සනේෂ් ප්‍රනාන්දු හා කුෂාන් හේරත් පිළිවෙළින් ලකුණු 43ක් හා ලකුණු 30ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී මහානාම විද්‍යාලයේ ඉනුක කරන්නාගොඩ හා දේවින්ද කකිරිදෙණිය අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. අවසානයේ ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවන ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු 209ට පිළිතුරු දුන් මහානාම විද්‍යාලය දිනය අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගත්තේ ලකුණු 72ක් පමණයි. මනුෂ අනුරාධ ලකුණු 21යි. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවුවත් මූලික වටයේ ලබාගෙන තිබූ ප්‍රසාද ලකුණු පුවරුව දල ලකුණු අනුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය මේ තරගය ජයග්‍රහණය කළේය.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 209/7d (84): සංදේශ් ප්‍රනාන්දු 65*, සනේෂ් ප්‍රනාන්දු 43, කුෂාන් හේරත් 30, යෙශාන් අවිශ්ක 21, ඉඳුවර ද සිල්වා 21, ඉනුක කරන්නාගොඩ 2/34, දේවින්ද කකිරිදෙණිය  2/53.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 72/4 (18.2): මනූෂ අනුරාධ 21.

සාන්ත ඇලෝසියස් විද්‍යාලයට දැවැන්ත ජයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න්…

රාජකීය විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය

රාජකීය විද්‍යාලයට වැඩි වාසි හිමි වූ මේ තරගය සාන්ත ජෝසප් විදුහල් පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලය තරගය පුරාවට පිතිකරණයේ නිරත වෙමින් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට වූ අතර සදීෂ රාජපක්ෂ  නොදැවී ශතකයක් ලබාගෙන සුපිරි පිතිකරණයක නිරත වෙද්දී ඩයස් මංචනායක, උවිඳු වීරසේකර හා අශේන් ගමගේ යන රාජකීය පිතිකරුවෝ අර්ධ ශතකවලින් සිය ඉනිම් වර්ණවත් කරගත්හ. පන්දු යැවීමේ දී අදිත ඉමේෂ හා කුන්චන පෙරේරා අතරේ පිළිවෙළින් කඩුලු 3ක් හා කඩුලු දෙකක් බෙදී යන ලදි.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 372/6 (109): සදීෂ රාජපක්ෂ 103*, ඩයස් මංචනායක 60, උවිඳු  වීරසේකර 58, අශේන් ගමගේ 55*, අදිත ඉමේෂ 3/80, කුන්චන පෙරේරා 2/97

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<