රාජකීයයෝ දෙවැනි පෙළේ ප්‍රමුඛයෝ

196

සදීෂ රාජපක්ෂගේ තුන් ඉරියව් දක්ෂතා සහ රෙසඳු තිලකරත්නගේ දක්ෂ පිතකරණයත් හේතුවෙන් කොළඹ රාජකීය “B” කණ්ඩායමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි විය.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී අද (25දා) නිමා වූ මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ මීගමුව සාන්ත පීතර විද්‍යාලයයි. ඔවුන්ට  එරෙහිව රාජකීය ක්‍රීඩකයෝ ලකුණු 110ක ජයක් ලබා ගත්හ.

දෙවැනි කොටසේ ශූරතාව සාන්ත පීතර විදුහලට

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවති අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ දෙවැනි කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට්…

මෙම තරගයේ ප්‍රතිඵල අනුව 2018 වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී මීගමුව සාන්ත පීතර විද්‍යාලය “A” කාණ්ඩයෙන් තරග කිරීමට උසස් වීමක් ලැබුවේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 240ක් ලබා ගත්තේ ය. එම ඉනිමේ කැපී පෙණෙන ක්‍රීඩකයා වූයේ රෙසඳු තිලකරත්න ය. ඔහු පන්දු 67කට මුහුණ දෙමින් ලකුණු 58ක් ලබා ගත්තේ තම ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ද ඇතුලත් කරමිනි.

ඔහුත් සමඟ එක් වූ සදිෂ රාජපක්ෂ තම කණ්ඩායමේ ඉනිම නිමා වන විට නොදැවී ලකුණු 48ක් ලබා සිටියේය. ඔහුගේ ඉනිම පන්දු 56කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඇතුලත් කිරීමට ද සමත් විය. ඔවුන් දෙදෙනා එක්ව රාජකීය ඉනිමේ 6 වැනි කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් ගොඩ නැගූහ. සාන්ත පීතරයන් වෙනුවෙන් අසිත ස්ටිවන් සහ දිනෙත් සත්සර කඩුලු 2 බැගින් දවා ගත්හ.

සාන්ත පීතර විද්‍යාලයීය ඉනිම 40 වැනි පන්දුවාරයේ දී නිමා කිරීමට රාජකීයයෝ සමත් වූයේ සෑම පන්දු යවන්නෙක්ම තමන්ගේ යුතුකම මනා ලෙස ඉටු කිරීම හේතුවෙනි. ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූයේ සදිෂ රාජපක්ෂ ය. ඔහු ලකුණු 8කට කඩුලු 2ක් දවා ගත්තේ ය. ඊට අමතරව චමිඳු දෙව්හාන් ද කඩුලු 2ක් දවා ගත්තේය.

සාන්ත පීතර ඉනිම වෙනුවෙන් ලසිත් නිසලංක (39), බ්‍රයන් ජුලියස් (26), ශේන් මලීෂ (22) සහ දිනෙත් සත්සර (13) ඉලක්කම් දෙකේ ලකුණු රැස් කිරීමට සමත් වූව ද අන් සියල්ලෝම අසාර්ථක වීම ඔවුන්ගේ පරාජය ඉක්මන් කළෝය. වරෙක ලකුණු 93කට කඩුලු 5ක්ව තිබූ සාන්ත පීතර ඉනිමේ ඉතිරි කඩුලු සියල්ල ම ලකුණු 37කට දවාලීමට රාජකීයයෝ සමත් වූහ.

තරගයේ ලකුණු සාරාංශය

රාජකීය විද්‍යාලය; කඩුලු 7ක් දැවී 240 (50.0) තෙවිඳු හංසජ කවීන් ආනන්ද 23, නෙතින් පන්නිපිටිය 30, රෙසඳු තිලකරත්න 58, සදීෂ රාජපක්ෂ නොදැවී 48, අසිත ස්ටීවන් 2/33, දිනෙත් සත්සර 2/53

සාන්ත පීතර විද්‍යාලය; සියලුම දෙනා දැවී 130 (39.5) ලසිත් නිසලංක 39, බ්‍රයන් ජුලියස් 26, ශේන් මලීෂ 22, චමිඳු දෙව්හාන් 2/27, සදීෂ රාජපක්ෂ 2/08

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට