මැදිරිගිරියේ අපරාජිතභාවය ගලේවෙල හමුවේ බිඳවැටේ

903
U14 All Island Baseball

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ අනුදැනුම මත ගාල්ල සිරිධම්ම විද්‍යාලයීය බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා වයස අවුරුදු 14න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලිය ඊයේ (15) සාර්ථකව නිමාවට පත්විය. එහි දී තරගාවලිය පුරා අපරාජිතව සිටි මැදිරිගිරිය ජාතික පාසල් කණ්ඩායම අවසන් මහා තරගයේ දී පරාජයට පත් කරමින් ශූරතාවය හිමිකර ගැනීමට ගලේවෙල ජාතික පාසල සමත් විය.

දශකයක් පුරා ක්‍රීඩාවට හදවතින්ම

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අපි, විජයග්‍රාහී 10..

දෙවන අවසන් පූර්ව තරගය – ගලේවෙල ජාතික පාසල සහ දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය

තරගයේ කාසියේ වාසිය හිමිකරගෙන ප්‍රථමයෙන් පිතිකරණ අවස්ථාව තෝරාගත් ගලේවෙල ජාතික පාසලට තම පළමු ඉනිමේ දී ලකුණු රැස්කිරීමට නොහැකි වූ අතර පිළිතුරු ඉනිමේ දී වෑවලවැව මහා විද්‍යාල කණ්ඩායම ලකුණු 3ක් රැස්කරමින් පෙරමුණ ගැනීමට සමත් විය. (පළමු ඉනිම අවසානයේ – ගලේවෙල ජාතික පාසල  00 – 03 දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය)

දෙවන ඉනිමේ දී ගලේවෙල ජාතික පාසල ලකුණු 5ක් රැස්කරමින් පෙරමුණ ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිමේ දී වෑවලවැව මහා විද්‍යාල කණ්ඩායම ලකුණු දෙකක් රැස්කරමින් ලකුණු තත්ත්වය සම කිරීමට සමත් විය. (දෙවන ඉනිම අවසානයේ – ගලේවෙල ජාතික පාසල  05 – 05 දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය)

තෙවන ඉනිමේ දී නැවත ගලේවෙල ජාතික පාසල් කණ්ඩායම ලකුණු දෙකක් රැස්කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිමේ දී එකදු ලකුණක්වත් රැස්කිරීමට වෑවලවැව මහා විද්‍යාල කණ්ඩායම අසමත් විය. (තෙවන ඉනිම අවසානයේ – ගලේවෙල ජාතික පාසල  07 – 05 දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය)

සිව්වැනි ඉනිමේ දී ගලේවෙල ජාතික පාසල් කණ්ඩායම එක් ලකුණක් පමණක් රැස්කළ අතර මෙවරත් පිළිතුරු ඉනිමේ දී වෑවලවැව මහා විද්‍යාල කණ්ඩායමට ලකුණු රැස්කිරීමට අවස්ථාවක් හිමි නොවීය. (සිව්වැනි ඉනිම අවසානයේ – ගලේවෙල ජාතික පාසල  08 – 05 දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය)

මැදිරිගිරිය අපරාජිතව පෙරමුණ ගනී

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ පූර්ණ අනුදැනුම මත ගාල්ල සිරිධම්ම විද්‍යාලයීය..

ඉන්පසු ක්‍රියාත්මක වූ තරගයේ අවසාන ඉනිමේ දී නැවත එක් ලකුණක් රැස්කිරීමට ගලේවෙල ජාතික පාසල් කණ්ඩායම සමත්වූ අතර වෑවලවැව මහා විද්‍යාල කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 4ක් රැස්කරගත යුතු විය. නමුත්

වෑවලවැව මහා විද්‍යාල කණ්ඩායමට ලකුණු රැස්කිරීමට අවස්ථාවක් නොදෙමින් තරගය ජයග්‍රහණය කිරීමට ගලේවෙල ජාතික පාසල් කණ්ඩායම සමත් විය. (තරගය අවසානයේ – ගලේවෙල ජාතික පාසල  09 – 05 දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය)

අවසන් මහා තරගය – ගලේවෙල ජාතික පාසල සහ මැදිරිගිරිය ජාතික පාසල

කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පිතිකරණයේ යෙදුණු ගලේවෙල ජාතික පාසල් කණ්ඩායමට ලකුණු රැස්කිරීමට නොහැකි වූ අතර පිළිතුරු ඉනිමේ දී මැදිරිගිරිය ජාතික පාසල් කණ්ඩායමට ද ලකුණු රැස්කිරීමට අවස්ථාවක් හිමි නොවීය. (පළමු ඉනිම අවසානයේ – ගලේවෙල ජාතික පාසල  00 – 00 මැදිරිගිරිය ජාතික පාසල)

තරගයේ දෙවන ඉනිමේ දී ද කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කිරීමට අවස්ථාවක් හිමි නොවීය. (දෙවන ඉනිම අවසානයේ – ගලේවෙල ජාතික පාසල  00 – 00 මැදිරිගිරිය ජාතික පාසල)

තෙවන ඉනිමේ පිතිකරණයේ දී එක් ලකුණක් රැස්කිරීමට ගලේවෙල ජාතික පාසල් කණ්ඩායම සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැදිරිගිරිය ජාතික පාසල් කණ්ඩායමට ලකුණු රැස්කිරීමට අවස්ථාවක් හිමි නොවීය. (තෙවන ඉනිම අවසානයේ – ගලේවෙල ජාතික පාසල  01 – 00 මැදිරිගිරිය ජාතික පාසල)

>> ජාත්‍යන්තර බේස්බෝල් ශූරතාවලියක් ශ්‍රී ලංකාවේ දී

තරගයේ සිව්වැනි ඉනිමේ දී ලකුණු දෙකක් රැස්කිරීමට ගලේවෙල ජාතික පාසල් කණ්ඩායම සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැදිරිගිරිය ජාතික පාසල් කණ්ඩායම එහි දී එක් ලකුණක් පමණක් රැස්කිරීමට සමත් විය. (සිව්වැනි ඉනිම අවසානයේ – ගලේවෙල ජාතික පාසල  03 – 01 මැදිරිගිරිය ජාතික පාසල)

පස්වැනි ඉනිමේ දී නැවත එක් ලකුණක් රැස්කිරීමට ගලේවෙල ජාතික පාසල් කණ්ඩායම සමත්වූ අතර පිළිතුරු ඉනිමේ දී මැදිරිගිරිය ජාතික පාසල් කණ්ඩායම ද එක් ලකුණක් රැස්කිරීමට සමත් විය. (පස්වැනි ඉනිම අවසානයේ – ගලේවෙල ජාතික පාසල  04 – 02 මැදිරිගිරිය ජාතික පාසල)

තරගයේ අවසන් ඉනිමේ පළමුව පිතිකරණයේ යෙදුණු ගලේවෙල ජාතික පාසල් කණ්ඩායම එහි දී ලකුණු 5ක් රැස්කරමින් ප්‍රතිවාදී මැදිරිගිරිය ජාතික පාසල් කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය. ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 8ක් රැස්කිරීම සඳහා පිතිකරණයට පිවිසි මැදිරිගිරිය ජාතික පාසල් කණ්ඩායමට එකදු ලකුණක්වත් රැස්කිරීමට නොහැකි විය. (තරගය අවසානයේ – ගලේවෙල ජාතික පාසල  09 – 02 මැදිරිගිරිය ජාතික පාසල)

  • ශූරතාවය – ගලේවෙල ජාතික පාසල
  • අනුශූරතාවය – මැදිරිගිරිය ජාතික පාසල
  • තෙවන ස්ථානය – වෑවලවැව මහා විද්‍යාලය  

>> විශේෂ කාර්ය බලකායටත් බේස්බෝල්

පෞද්ගලික දක්ෂතා

  • හොඳම පන්දු යොමුකරන්නා (Best Pitcher) – හර්ෂණ විරාජ් (මැදිරිගිරිය ජාතික පාසල)
  • හොඳම පන්දු යොමුව රකින්නා (Best Catcher) – හර්ෂණ තීක්ෂණ (ගලේවෙල ජාතික පාසල)
  • හොඳම පිතිකරුවා (Best Batter) – ගයරු දිනිෂ්ක (මැදිරිගිරිය ජාතික පාසල)
  • හොඳම පන්දු රකින්නා (Best Fielder) – පසිඳු මනරංජන (ගලේවෙල ජාතික පාසල)
  • තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player) – බුද්ධික රුවන් (ගලේවෙල ජාතික පාසල)

All Star කණ්ඩායම

  • පන්දු යොමුකරන්නා (Pitcher) – හර්ෂණ විරාජ් (මැදිරිගිරිය ජාතික පාසල)
  • පන්දු යොමුව රකින්නා (Catcher) – රසිඳු ප්රමෝද් (වෑවල වැව මහා විද්‍යාලය)
  • පළමු බේස් රකින්නා (1st Base Player) – පියුෂාන් තරීන් (රිච්මන්ඩ් විද්‍යාලය)
  • දෙවන බේස් රකින්නා (2nd Base Player) – රුචිත දුල්ෂාන් (ගලේවෙල ජාතික පාසල)
  • ශෝර්ට්-ස්ටොප් ක්‍රීඩකයා (Short-Stop Player) – සෙනේස් මාධව (වෑවල වැව මහා විද්‍යාලය)
  • තෙවැනි බේස් රකින්නා (3rd Base Player) – තිළිණ ලක්මාල් (ගලේවෙල ජාතික පාසල)
  • වම්පස පිටිය රකින්නා (Left Fielder) – චමිත සේනාරත්න (රිච්මන්ඩ් විද්‍යාලය)
  • මැද පිටිය රකින්නා (Center Fielder) – මෙනත් මතීෂ (මැදිරිගිරිය ජාතික පාසල)
  • දකුණුපස පිටිය රකින්නා Right Fielder) – සදීර රශ්මින් (ගලේවෙල ජාතික පාසල)  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<