19න් පහළ ආසියානු බීච් වොලිබෝල් ශූරතාවයට ශ්‍රී ලංකාවත්

183
Asian U19 Beach Volleyball Championship 2018
Asian U19 Beach Volleyball Championship 2018 (Photo Credits - Sri Lanka Volleyball Federation)

දෙවන වරටත් පවත්වන වයස අවුරුදු 19න් පහළ ආසියානු බීච් වොලිබෝල් ශූරතා තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා බාලක හා බාලිකා බීච් වොලිබෝල් ක්‍රීඩකයින් ඊයේ (22) තායිලන්තයේ නකහොන් පාතොම් බලා පිටත්ව ගියේය.

ජාතික මට්ටමේ බීච් වොලිබෝල් තරගාවලියක් ළඟදීම

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ශ්‍රී ලංකා බීච් වොලිබෝල් සංගමයේ එක්ව සංචිධානය කරනු…

මෙම තරගාවලිය හෙට (23) සිට 25 වැනිදා දක්වා පැවැත්වෙන අතර මෙම තරගාවලිය මේ වසරේ ආර්ජෙන්ටිනාවේ බුනොස් අයිරිස් හිදී පැවැත්වෙන තරුණ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග ඉසව්වක් ලෙස ද සලකනු ඇත.

ඩී. එස්. අයි වොලිබෝල් ශූරතා තරගාවලියේ ශූරතාව දිනාගත් ගලිගමුව මධ්‍ය විද්‍යාලයේ රශ්මි ලක්මාලි හා දිලුක්ෂි සේනාරත්න මෙහි බාලිකා කණ්ඩායම නියෝජනය කරන අතර එහි පුහුණුකරු ලෙස  අමිල එරංග විජේපාල මහතා පත් කර ඇත.

බාලක කණ්ඩායමට මහේල ඉන්දීවර බණ්ඩාර හා කවිඳු මාලින්ද යන ක්‍රීඩකයින් ඇතුළත් කර ඇති අතර ඔවුන් නිමා වූ ඩී. එස්. අයි වොලිබෝල් ශූරතා තරගාවලියේ බාලක අංශයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් විය. එහි පුහුණුකරු ලෙස පී. ආර්. එස්. ඩී. පොල්ගම්පල මහතා පත් කර තිබේ.

බාලිකා කණ්ඩායම: රශ්මි ලක්මාලි, දිලුක්ෂි හර්ෂනී සේනාරත්න, අමිල එරංග විජේපාල (බාලිකා කණ්ඩායම් පුහුණුකරු), ස්වර්ණා මල්කාන්ති (කාන්තා කණ්ඩායම් භාර නිලධාරි)

බාලක කණ්ඩායම: මහේල ඉන්දිවර බණ්ඩාර, කවිඳු මාලින්ද, සජිත් නන්දසිරි (බාලක කණ්ඩායම් පුහුණුකරු), පී. ආර්. එස්. ඩී. පොල්ගම්පල (බාලක කණ්ඩායම් භාර නිලධාරි).

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <