යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තා 2ක්

280
54th Army Athletics

54 වන වරට පැවති ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය දින 3ක් පුරාවට යුද හමුදාවේ රෙජිමේන්තු නියෝජනය කරමින් තරග කළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පැවති ඉතා උණුසුම් තරග කිහිපයකින් අනතුරුව ඊයේ (09) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය. 

දෙවැනි දිනයේදීත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වාර්තා තබති

ශ්‍රී ලංකා යුධ හමුදා මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන 54 වැනි…

තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය මුළු ලකුණු 302ක් හිමිකර ගනිමින් තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර සමස්ත අනුශූරතාවය හිමි වූයේ මුළු ලකුණු 238ක් හිමිකර ගත් ශ්‍රී ලංකා කාලතුවක්කු බලකායයි. සමස්ත 3 වන ස්ථානය මුළු ලකුණු 150ක් ලබාගත් ගැමුණු හේවා බලකාය විසින් දිනාගන්නා ලදි.

දින 3 පුරාවටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ හරහා ඔවුන්ගේ දක්‍ෂතාවලට ද යම් බලපෑමක් සිදු විය. කෙසේ නමුත් ඒ ආකාරයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය උපරිමයෙන් තරග කළ අතර ඒ අනුව තරගාවලියේ තුළ දී නව ශ්‍රී ලංකා ජාතික වාර්තා 2ක් ද ඇතුළුව නව තරගාවලි වාර්තා 12ක් බිහිවනු දැකගත හැකි විය.

සංජය වාර්තා පොත් අතරට 

පසුගිය දා අවසන් වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ද තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන සංජය ජයසිංහ මෙම තරගාවලියේ දී නැවත වරක් එම ඉසව්වේ සිය අණසක පතුරුවන්නට සමත් විය. ඒ අනුව කාලතුවක්කු බලකාය නියෝජනය කළ ඔහු මීටර 16.39ක දක්ෂතාවයක් දක්වමින් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය. ඒ අනුව ඔහු එහි දී බිඳහෙළුවේ මීට වසර 5කට පෙර දිනේෂ් ප්‍රනාන්දු විසින් මීටර 16.37ක දක්ෂතාවයක් දක්වමින් පිහිටුවනු ලැබූ වාර්තාවයි.

මේ වන විට 35 වන වියේ පසුවන සංජය ජයසිංහ පසුගිය කාලය පුරාවට තුන් පිම්ම ඉසව්වේ ඉහළ දක්‍ෂතා අතර සිටි ඔහු අනුගමනය කරන ආහාර පාලන ක්‍රම සහ පුහුණු විධිවිධාන ඒ සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. සිය ජයග්‍රහණය පිළිබඳව ThePapare.com සමඟින් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඔහුට මෙම ජයග්‍රහණ ලබා ගැනීමට මාර්ගෝපදේශකත්වය ලබා දුන් සිය පුහුණුකරු කියුබානු ජාතික ලුවිස් මිරැන්ඩා හට සහ ඔහුට දැක්වූ සහයෝගය වෙනුවෙන් කාලතුවක්කු බලකාය හට ඔහු සිය ස්තූතිය පුදකර සිටින බවයි.

හිමාෂට සහ සුගන්ධිට රන් පදක්කම් මඟ හැරේ

54 වන වරට පැවැත්වෙන ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (03) දියගම මහින්ද…

ගැමුණු හේවා බලකාය මීටර 1500×4 ඉසව්වේ දී ඉතිහාසය අලුත් කරයි

මීටර 1500×4 සහාය දිවීම ඉසව්ව සඳහා සහභාගී වූ ගැමුණු හේවා බලකාය මිනිත්තු 15:51.3ක කාලයක් වාර්තා කර ගනිමින් එම ඉසව්ව සඳහා නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එහි දී එච්. කේ. පී. කුමාර, එම්. එස්. ආර්. විජේවික්‍රම, ජී. අයි. දර්ශන සහ ජී. ආර්. චතුරංග එම කණ්ඩායම නියෝජනය කරනු ලැබීය.

හිමාෂට රන් පදක්කම අහිමි වේ 

මීටර 100 ඉසව්ව සඳහා ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන, එම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව තුළ සිටින ප්‍රමුඛ පෙළේ ධාවකයා වන හිමාෂ ඒශාන් මෙම තරග වාරය පුරාවට ඔහුගේ සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ අතර මෙහි දී ද ඔහුට දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

ඒ අනුව හිමාෂව දෙවන ස්ථානයට ඇද දමමින් යුපුන් අබේකෝන් එහි දී පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඔහු තරගය අවසන් කිරීමට තත්පර 10.47ක කාලයක් වාර්තා කළ අතර හිමාෂ ඒ සඳහා වැය කළ කාලය තත්පර 10.64කි. එහි දී තුන්වන ස්ථානය හිමි වූයේ තත්පර 10.65ක කාලයක් වාර්තා කළ එම්. අෂ්රෆ් ය.

‘යකඩ ගැහැණිය’ සුගන්ධි වේගවත්ම කාන්තාව වෙයි

සත්ප්‍රයාම ඉසව්ව සඳහා ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන ලක්ෂිකා සුගන්ධි මෙහි දී මීටර 100 කාන්තා ඉසව්ව ජයග්‍රහණය කරමින් තරගාවලියේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට සමත් විය. එම ඉසව්ව අවසන් කිරීම සඳහා ඇය වැය කළ කාලය තත්පර 12.14කි. තවදුරටත් ඇය මීටර 200 ඉසව්වේ ලෝකඩ පදක්කම සහ මීටර 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී තත්පර 14.47ක කාලයක් වාර්තා කර ගනිමින් එහි රන් පදක්කම ද දිනා ගැනීමට සමත් විය.

කඹ ඇදීමේ ගෞරවය බෙදී යයි

මලල ක්‍රීඩා තරගාවලිය සමඟ පැවති කඹ ඇදීමේ තරගාවලියේ දී කාලතුවක්කු බලකාය සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව අවසන් තරගය බැගින් ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම බලකා දෙක නිතර අවසන් තරග සඳහා සුදුසුකම් ලැබූ අතර ඒ අනුව මෙහි දී කිලෝග්‍රෑම් 640 බර පන්තියේ ශූරතාවය කාලතුවක්කු බලකාය දිනා ගනිද්දී කිලෝග්‍රෑම් 540 බර පන්තියේ ශූරතාවය මිනිත්තු 10කට අධික කාලයක් පුරාවට පැවති උණුසුම් තරගයකින් අනතුරුව දිනා ගැනීමට පාබල හමුදා රෙජිමේන්තුව සමත් විය.

54 වෙනි ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ වාර්තා

නව ශ්‍රී ලංකා වාර්තා : 02                                                

තුන් පිම්ම      පිරිමි   S/157206         Bdr      අයි. ඩී. එස්. එස්. ජයසිංහ     SLA      16.39M

4 x 1500M       පිරිමි   S/431904         Pte       එච්. කේ. පී. කුමාර                GW      15:51.3 Min

                        S/417487                     Cpl       එම්. එස්. ආර්. විජේවික්‍රම                 GW

                        S/430397                     Cpl       ජී. අයි. දර්ශන                                                GW

                        S/432592                     L/Cpl   ජී. ආර්. චතුරංග                                GW

නව යුද හමුදා වාර්තා : 03                                                         

4 x 1500M       පිරිමි   S/431904, S/417487, S/430397, S/432592                 GW      15:51.3Min

තුන් පිම්ම      පිරිමි   S/157206         Bdr      අයි. ඩී. එස්. එස්. ජයසිංහ     SLA      16.39 M

දුර පැනීම       පිරිමි   S/284373         L/Cpl   ඩී. ඒ. ජී. ජේ. පී. විමලසිරි      SLSC    8.13 M w3.3, 7.91M

නව තරගාවලිය වාර්තා : 12                                                                 

දුර පැනීම       පිරිමි   S/284373         L/Cpl   ඩී. ඒ. ජී. ජේ. පී. විමලසිරි      SLSC    8.13 M w3.3, 7.91M

තුන් පිම්ම      පිරිමි   S/157206         Bdr      අයි. ඩී. එස්. එස්. ජයසිංහ     SLA      16.39 M

මීටර 400 කඩුලු මතින් දිවීම            පිරිමි   S/629624         L/Cpl   එස්. එම්. ඒ. චතුරංග SLEME             51.37 SEC

හෙල්ල විසිකිරීම       පිරිමි   S/578696         Pte       ඩී. එස්. රණසිංහ       SLASC              78.70 M

4 x 800M         පිරිමි   S/M100861, S/M100621, S/629058, S/M100027      SLEME             7:29.6 Min

4 x 1500M       පිරිමි   S/431904, S/417487, S/430397, S/432592     GW                  15:51.3 Min

මීටර 400 කඩුලු මතින් දිවීම            කාන්තා          S/2014VFRD86398      Rec      ඊ. කේ. මදුෂානි            6(v)SLAWC                  1:01.19 Min

මීටර 10000    කාන්තා          S/73934           Rec      කේ. කේ. කුමාරි        2(v) SLAWC                 37:35.2 Min

මීටර 10000 RW         කාන්තා          S/R100427      Pte       යූ. වී. කේ. මධිරිකා    6(v)SLAWC                  51:45.33 Min

මීටර 3000 බාධක දිවීම        කාන්තා          S/725333         Pte       යූ. කේ. එන්. රත්නායක        7 SLAWC                        10:13.12 Min

මීටර 400        කාන්තා          S/R100266      L/Cpl   ඊ. එම්. යූ. රත්න කුමාරි        5(v)SLAWC                  53.68 Sec

4 x 800M         කාන්තා          S/R101347, S/R100844, S/2015VFRD89171, S/2013VFRD77526      6(v)SLAWC                        9:36.7 Min

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<