තරග පාවාදීමක් නිසා හොංකොං ක්‍රීඩකයන්ට වැඩ වරදී

321

හොංකොං ක්‍රිකට් ක්‍රීඩකයන් වන ඉර්ෆාන් අහමඩ් හා නදීම් අහමඩ් වෙත ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇත. හොංකොං කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු වන හසීබ් අම්ජාඩ්ට වසර 5ක තරග තහනමක් ද පනවා ඇත. මෙම තහනමට හේතුවී ඇත්තේ ඔවුන්ට එල්ල වී තිබූ තරග පාවාදීමේ චෝදනා තහවුරු වීමයි. 

පිතිකරුවන්ගේ දුර්වලතා වාර්තා ගත ජයග්‍රහණයකට හරස් වෙයි

ගාල්ලේ දී පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ….

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සල විනිසුරු මණ්ඩලය විසින් මෙම ක්‍රීඩකයන් වෙත එල්ල වී තිබූ චෝදනා වලට පරීක්ෂණයක් සිදු කළ අතර එම පරීක්ෂණවල දී ඔවුන් “තරග පාවාදීම හෝ තරග පාවාදීමට උපක්‍රම යෙදවීම” යන චෝදනා සඳහා වැරදිකරුවන් වූ අතර “වසර දෙකක කාලයක් තුල අන්තර්ජාතික ක්‍රිකට් තරගවල දී තරග පාවාදීමට උත්සාහ කිරීමෙන් වැළකී සිටීමට අපොහොසත් වීම” යන චෝදනා ද ඔවුන්ට එල්ල වී තිබුණි. 

ඔවුන්ට මෙම චෝදනා එල්ල වී තිබුණේ හොංකොං කණ්ඩායම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත හා කැනඩා තරගාවලිවල දී ය. එම තරගාවලියේ දී මෙම ක්‍රීඩකයන් පන්දුවාර කීපයක් තුල දී තරග පාවාදීමේ ක්‍රියාවන් කීපයක් කර තිබුණි. ඉර්ෆාන් අහමඩ් වෙත චෝදනා 9ක් එල්ල වී තිබූ අතර එයට තරග පාවාදීම, තරග පාවාදීමට අනුබල දුන් පුද්ගලයන් හා ඒ සඳහා මුදල් ලබා දුන් පුද්ගලයන් හෙළිකිරීමට අපොහොසත් වීම යන චෝදනා ද ඇතුළත් විය. නදීම් අහම්ඩ් හා හසීබ් අම්ජාඩ්ට චෝදනා තුන බැගින් එල්ල වී තිබුණි. 

“මේක විශාල වගේම පැටලුම් සහගත ක්‍රියාදාමයක් වුනා. මේකෙ දී අපිට පුළුවන් වුනා මේ වගේ තරග පාවාදීමට උත්සාහ කළ අවස්ථාවන් කීපයක් ගැන තොරතුරු හෙළිකර ගැනීමට. ඔවුන්ගේ ක්‍රියාවන් පූර්ව විමර්ශනාත්මක හා නවීන ක්‍රියාදාමයන්. අහමඩ් සහෝදරයන් එකිනෙකා මේ සඳහා පෙළඹවා ගෙන තියනවා.” අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ සාමාන්‍ය අධ්‍යක්ෂක ඇලෙක්ස් මාශල් පවසා සිටියා. 

“මෙම ක්‍රීඩකයන්ගේ ප්‍රධාන චෝදනා එල්ල වෙලා තිබුණේ ස්කොට්ලන්ත හා කැනඩා තරගාවලිවල දී. එම තරගාවලියේ දී මේ ක්‍රීඩකයන් අවස්ථාවන් කීපයක දී ම මෙලෙස තරග පාවාදීම කර තිබෙනවා. මේ තරග ජයග්‍රහණය කළේ හොංකොං කණ්ඩායමයි. ඒක නිසා මේ තරග පාවාදීම් තරගයේ අවසන් ප්‍රතිඵලයට බලපෑමක් කර නෑ. අපිට විශේෂයෙන්ම පෙන්වන්න අවශ්‍යයි මොන ආකාරයේ තරග පාවාදීමක දී වුනත් අපි දැඩිව ක්‍රියා කරන බව.”

අළුබඳුන කැලඹූ අවසන් කඩුල්ලේ වික්‍රමය!

තරගයක් ජයග්‍රහණය කිරීමට උරදීම සඳහා ඕනෑම ……

“තරග පාවාදීම් වලට සම්බන්ධ වන පුද්ගලයන්ට වර්තමානයේ දී ක්‍රීඩාවේ ඉහල මට්ටම් වලට ඒමට අවස්ථාව අඩුයි. ඒක නිසා ඔවුන් වෙනත් ආකාරයෙන් තරග පාවාදීමේ කටයුතු කරන්න උත්සාහ කරනවා. මේක නිසා අපි සියලුම මට්ටම් වල සිටින ක්‍රීඩකයන් මේ පාවාදීමේ ප්‍රතිඵල පිළිබඳව දැනුවත් කිරීමට පියවර අරන් තියෙනවා.”

“මෙම සිදුවීම සම්බන්ධයෙන් අපි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළා. මම හිතනවා මේකෙන් අනෙකුත් ක්‍රීඩකයන්ට මේ වැරැද්දේ බලපෑම පිළිබඳව අදහසක් ඒවි කියලා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට අවබෝධ වේවි අපි මේ දූෂණයෙන් තොර ක්‍රීඩාවක් සඳහා කරන කැපවීම.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<