ලොව පුරා ක්‍රිකට් පිස්සෝ ට්විටර් වලින් සිංහයින්ට කිව්ව දේවල්

2564

ඉන්දීය කණ්ඩායම හමුවේ තරග 9-0ක් ලෙස අත්විඳි දැවැන්ත පරාජයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය සටන්කාමීත්වය පෙන්නුම් කළේ අතිශය තියුණු සටනකින් පසු පාකිස්තානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගනිමිනුයි.

ඓතිහාසික දිවා-රාත්‍රී ටෙස්ට් තරගයෙන් සිංහයින්ට විශිෂ්ට ජයක්!

ඉතිහාසයේ කිසිදු ප්‍රබල කණ්ඩායමකට මැද පෙරදිග දී දැක්වීමට නොහැකි වූ වික්‍රමයක් සිදු කිරීමට අද (10) ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. ඒ 2010 වසරේ…

මේ වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසි ලෙසකින් හෝ සුබ දායක කාල පරිච්ඡේදයක් වී තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිර්දය ප්‍රහාරයට ලක්වන බංග්ලාදේශය  සිම්බාබ්වේ කණ්ඩායම් හමුවේ පවා තරග පරාජය වීම මෙන්ම ඉන්දීය කණ්ඩායම හමුවේ ලද ලැජ්ජා සහගත ප්‍රතිඵලය මෙරට ක්‍රීඩාලෝලීන්ගේ හදවත් සිදුරු කිරීමට තරම් දරුණු වීම ඊට හේතුවයි. ඒ සමඟින් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් මෙන්ම ක්‍රිකට් පරිපාලනය ද දැඩි විවේචනයට ලක්වෙමින් තිබුණු අවස්ථාවේ ලද මේ ජයග්‍රහණය ක්‍රීඩාලෝලීන්ට, ක්‍රිකට් පඬිවරුන්ට මෙන්ම හිටපු ක්‍රීඩකයන්ට ද තම හඬ අවදි කිරීමට  අවස්ථාවක් උදා කරන ලදි.

බලාපොරොත්තු වූ පරිද්දෙන්ම, මේ ජයග්‍රහණය ලද විලසම බොහෝ දෙනා උත්සුක වුනේ කණ්ඩායමට සුබ පැතීමටයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මෙන්ම වර්තමානයේ ටෙන් ආයතනයේ ක්‍රිකට් විචාරකයෙකු ලෙස කටයුතු කරන රසල් ආර්නල්ඩ්, පරාජයන් ගොන්නක් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවදි කළ සිය හඬ ජයග්‍රාහී ලීලාවෙන් ඉදිරිපත් කරන්නට ලැබීම පිළිබඳ අතිශයින් සතුටුවනු නොඅනුමානයි.

මෙරට ක්‍රීඩාලෝලීන් මේ ජයග්‍රහණයෙන් උදාමයට පත් වූ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන දෙකම තමන් සතු කර ගත් දිමුත්, තම කණ්ඩායම් සගයන් වෙත සුභාශිංසන පිරිනැමුවේ මෙලෙසින්.

රාජ්‍ය නායකයා ද මේ ඓතිහාසික ජයග්‍රහණය හමුවේ නිහඬ නොවීය.

කෙසේ වෙතත්, පසුගිය සති දෙකක කාලය තුළ මේ කණ්ඩායම් දෙකේම දස්කම් හමුවේ සතුටට පත් නොවූ ඇතැමෙක්ද නොසිටියේ නොවේ.

අවසන් වශයෙන් කිව හැක්කේ ක්‍රීඩකයකු හෝ ක්‍රීඩා විශාරදයෙකු හෝ ක්‍රීඩාලෝලියකු හෝ වේවා, ශ්‍රී ලාංකිකයන් හට නම් මේ ජයග්‍රහණය කලකට අමතක නොවන සුන්දර අත්දැකීමක් බවට පත්වනු නොඅනුමානයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න