ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

359

බෝනියෝ හිදී පැවැත්වෙන ‘Borneo Sevens’ රග්බි තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායම තරගාවලියේ ඔවුන් සහභාගී වූ පළමු තරගයේ දී ‘Islanders Rugby Club’ කණ්ඩායම හමුවේ ලකුණු 80-00ක වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වූ අතර අනෙක් පසින් තරගාවලිය සඳහා එක්වන කාන්තා කණ්ඩායම ද ඉහළ දස්කම් දැක්වීමට සමත් විය.

බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියට නවක මුහුණු දෙකක්

2018 වසරේ සත් සාමාජික තරග වාරය ආරම්භ කරමින් බෝර්නියෝ හී පැවැත්වෙන බෝර්නියෝ

ඊයේ (16) ආරම්භ වූ මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 22ක් එක්වන අතර තරගාවලිය දින 3ක් පුරාවට පැවැත්වේ. එහි දී සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ සවස ‘Islanders Rugby Club’ කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේ පළමු තරගයට ක්‍රීඩා කළ අතර එම තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කර ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කර ගනිමින් ඔවුන් එම තරගය ලකුණු 80-00ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන්නට සමත් විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහක දිනුම් 12ක් සහ ප්‍රවර්තන අවස්ථාවන් 10ක් හරහා ලකුණු රැස්කරගන්නා ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ඊළඟ තරගය ‘Sabah Eagles’ කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

අනෙක් පසින් රන්දිකා කුමුදුමලීගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔවුන් සහභාගී වූ පළමු තරගයේ දී ‘Sabah Sukma Club’ කණ්ඩායම හමුවේ ලකුණු 50-00ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට ඔවුන් සමත් විය. පසුගිය වසරේ පැවති මෙම තරගාවලිය ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියේ ද සිටින ප්‍රබලම කණ්ඩායම වේ. ඒ අනුව ඔවුන් ලබාගත් මෙම ජයග්‍රහණය ඉදිරියේ දී ප්‍රබල කණ්ඩායම් හමුවේ තරග වදින විට උත්තේජකයක් වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මිළඟට ‘Eagles RFC’ කණ්ඩායමට එරෙහිවත්, ඉන් අනතුරුව හොං කොං කණ්ඩායමට එරෙහිවත් තරග වදිනු ඇත.   

ලකුණු සටහන

Sri Lanka Men 80 (12T 10C) 0 Islanders RC

Sri Lanka Women 50 (10T) 0 Sabah Sukma

අද දිනයේ තරග කාලසටහන

Sri Lanka Women v Eagles RFC Select – 6.30 a.m. (SL time)

Sri Lanka Women v Hong Kong – 10.30 a.m. (SL time)

Sri Lanka Men v Sabah Eagles – 1.30 p.m. (SL time)

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<