ත්‍රිත්ව කණ්ඩායමේ අනුග්‍රාහකත්වය NDB බැංකුවට

75

Figure 1NDB බැංකු ප්‍රධාන විධායක නිලධාරි දිමන්ත සෙනවිරත්න (වම් පස සිට දෙවැනියා) හා ත්‍රිත්ව විද්‍යාලයේ වැඩබලන විදුහල්පති වෛද්‍ය නලීන් වික්‍රමනායක (දකුණුපස සිට දෙවැනියා) හා ත්‍රිත්ව රග්බි සභාපති චන්න පතිරණ මහතා සමඟින් ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව

මෙවර අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය සඳහා ත්‍රිත්ව විද්‍යාලය මනා සූදානමකින් පසුවේ. මෙම තරගාවලිය සඳහා සහභාගි වන ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය NDB බැංකුවට හිමිව ඇත. 

පාසල් රග්බි ලීග් තරගාවලියට පරිබාහිරව පැවැත්වෙන ත්‍රිත්ව රාජකීය 76 වැනි බ්‍රැඩ්බි කුසලාන තරගාවලිය සඳහා ද NDB බැංකුව තම අනුග්‍රහය දැක්වීමට නියමිතය. එම තරගය මැයි මස අවසානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. 

මෙම අනුග්‍රාහකත්වය පිළිබඳව නිල වශයෙන් දැනුම්දීම සඳහා පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්විනි. එහි දී NDB බැංකු ප්‍රධාන විධායක නිලධාරි දිමන්ත සෙනවිරත්න මහතා පවසා සිටියේ ත්‍රිත්ව විද්‍යාලය සමඟින් රග්බි ලීග් තරගාවලිය සඳහා සහභාගි වීමට ලැබීම වටිනා අවස්ථාවක් බවයි. එමෙන්ම බ්‍රැඩ්බි කුසලානය සඳහා එක්වීමට ද ඔවුන් නොඉවසිල්ලෙන් බලා සිටින බවත් ඒ මහතා පවසා සිටියා. 

“ත්‍රිත්ව විද්‍යාලය වසර 100 කට වඩා රග්බි ඉතිහාසයක් තියන පාසලක්. ඒ වගේම ශ්‍රී ලංකාව තුල රග්බි ක්‍රීඩා කරන්න පටන්ගත්ත මූලික පාසලක්. බ්‍රැඩ්බි කුසලානයත් එහෙමයි. අපි අනුග්‍රාහකත්වය දරන මේ පාසල් දෙකම ඉතාමත් පොහොසත් රග්බි ඉතිහාසයක් තියන පාසල් දෙකක්.”

ත්‍රිත්ව කණ්ඩායමේ වගකීම නව නායකයෙකුට

2020 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ඇරඹීමට ඇත්තේ තවත් සති කීපයක්……

“NDB බැංකුව විදිහට අපි මේ රටේ සාර්ථකත්වයට හා අපේ පාරිභෝගිකයන්ගේ සාර්ථකත්වයට කැපවෙලා ඉන්නවා. ඒ නිසා අපි තීරණය කලා අපි ක්‍රීඩාවටත් සහයෝගය දැක්විය යුතුයි කියලා. ඒක අපේ රට ඉහලට ගෙන එන එක් අංශයක්. 

පසුගිය වසර කීපය තුල පාසල් රග්බි වේදිකාව තුල මෙම රග්බි ලීග් තරගාවලිය සඳහා වියදම් වන මුදල් සම්බන්ධයෙන් විශාල කතාබහක් ගොඩනැගී තිබිණි. ත්‍රිත්ව විද්‍යාලය හා NDB බැංකුවේ මෙම අනුග්‍රාහකත්වය මෙම වසර තුල ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායමට අවශ්‍ය මූල්‍යමය සහයෝගය සඳහා මනා පිටිවහලක් වනු ඇත. 

මෙම වසරේ දී ත්‍රිත්ව විද්‍යාල ප්‍රධාන රග්බි පුහුණුකරු ලෙස කටයුතු කරන Rodney So’oialo ද මෙම අවස්ථාව සඳහා සහභාගි වී සිටියේය. 

මෙම අවස්ථාව සඳහා සහභාගි වූ ත්‍රිත්ව විද්‍යාල වැඩබලන විදුහල්පති වෛද්‍ය නලින් වික්‍රමනායක මහතා පවසා සිටියේ මෙම අනුග්‍රාහකත්වය මඟින් ඔවුන්ට ලැබෙන සහයෝගය අඩු පහසුකම් සහිත පාසල් සඳහා උපකාර කිරීමට ද යෙදවීමට සූදානම් බවයි. 

“අපි පාසලක් විදිහට අද මේ ලබා ගන්න සහයෝගය මඟින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ආදායම් අඩු, පහසුකම් අඩු පාසල් වල ක්‍රීඩාව නඟා සිටුවීමට යොදාගන්න. ඒක තමයි පාසලක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක අපේ ප්‍රධානම ඉලක්කයක් වේවි මේ වසරේ. “

ත්‍රිත්ව විද්‍යාල රග්බි කණ්ඩායම සඳහා සම අනුග්‍රාහකයන් ලෙස වටවල වැවිලි ආයතනය, Montreal Consultants හා ශොක්මන් සමරසිංහ වෙන්දේසි සමාගම කටයුතු කරන අතර EFL, Polydime International හා Ceylon Cold Stores ද ත්‍රිත්ව අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි. 

2020 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය මාර්තු මස 04 වැනිදා ආරම්භ වන අතර 76 වන බ්‍රැඩ්බි කුසලාන තරග මැයි මස 30 වැනිදා හා ජූනි මස 13 වනදා පැවැත්වීමට නියමිතය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<