ත්‍රිත්ව විදුහලට සහ අන්තෝනිවරුන්ට සත්සාමාජික කිරුළු

1803
Trinity finally earn long awaited silverware

22-12ක් ලෙස මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කළ ත්‍රිත්ව විද්‍යාලය, 18න් පහළ සත්සාමාජික රග්බි කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය. තරගය පැවැත්වුණේ තුරග තරග පිටියේදීයි.

කණ්ඩායම් 8ක් අපරාජිත වෙද්දී සහිරා විද්‍යාලයට අනපේක්ෂිත පරාජයක්

සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (7) ආරම්භ වුනේ කොළඹ තුරඟ තරග රග්බි ක්‍රීඩාංගණයේ දීයි.

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය 33-17ක් ලෙස සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය 22-5ක් ලෙස පරාජය කරමින් ත්‍රිත්ව විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් මහා තරගයට පැමිණියේ පිළිවෙළින් රාජකීය විද්‍යාලය 12-5ක් ලෙසින් සහ විද්‍යා විද්‍යාලය 22-17ක් ලෙසින් පරාජය කරමිනුයි.

තරගය ඇරඹීමෙන් පසු ත්‍රිත්ව විද්‍යාලයේ අමිත් කුලතුංගට කහ කාඩ්පත හිමිවුණත් පළමු උත්සාහක දිනුම වාර්තා වූයේ ත්‍රිත්ව විද්‍යාල අන්තයෙනි. ඒ වොරන් වීරකෝන් නමටයි. එහි ප්‍රවර්තනය සාර්ථක විය. (ත්‍රිත්ව 07-00 ජෝශප්)

පසුව වොරන් වීරකෝන් හටද කහ කාඩ්පතක් හිමිවීම නිසා ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම 5දෙනෙකු දක්වා සීමා වූ අතර ජෝශප් විද්‍යාලයේ නෙහාන් පෙරේරා උත්සාහක දිනුමක් වාර්තා කළේය. පිටියෙන් ඉවත් කරන ලද දෙදෙනා එක්ව ත්‍රිත්ව විද්‍යාලයට උත්සාහක දිනුමක් එක්කළේ ඉන් අනතුරුවයි. වොරන්ගේ සහයෙන් අමිත් එය තමා නමින් ලියාගත්තේය.

පළමු අර්ධය – ත්‍රිත්ව විද්‍යාලය 12 (2T 1C) – 05 (1T) සාන්ත ජෝසප් විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භ කරමින් ත්‍රිත්ව විද්‍යාලයේ වොරන් වීරකෝන් ගීෂප කුලතුංග එක්ව උත්සාහක දිනුමක් රැස්කළේය. ප්‍රබාත් විමල් විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමෙන් අනතුරුව ලකුණු පුවරුව ත්‍රිත්ව විදුහලේ ජයග්‍රහණය පැහැදිලි විය. (ත්‍රිත්ව 22-05 ජෝසප්)

තරගයේ අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් රැස්කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයන් සමත් වූවත් ජයග්‍රහණය අසලට පැමිණීමට ඔවුන්ට නොහැකි විය.

තරගයේ වීරයා  – වොරන් වීරකෝන්

“කාලෙකට පස්සේ ශූරතාවයක් දිනා ගන්න ලැබුණු එක ගැන සතුටුයි. ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න මං බලාපොරොත්තු වෙනවා. හොඳම ක්‍රීඩකයා වෙන්න ලැබුණු එක ගෞරවයක්. මට කවදාවත්  එහෙම සම්මානයක් ලැබිලා නැහැ.”

වොරන් වීරකෝන් ThePapare.com හා පැවසුවේය.

සම්පූර්ණ කාලය – ත්‍රිත්ව විද්‍යාලය 22 (4T 1C) -12 (2T 1C) සාන්ත ජෝසප් විද්‍යාලය

පලඟ ශූරතාවය

කොළඹ රාජකීය විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පලඟ අවසන් මහා තරගය පැවැත්විණි. එය 22-12ක් ලෙස ජයගත්තේ අන්තෝනිවරුන් ය.

තරගයේ පළමු උත්සාහක දිනුම් දෙකම වාර්තා කළේ සාන්ත අන්තෝනි ක්‍රීඩකයන් විසිනි. (අන්තෝනි 12-00 රාජකීය)

ලහිරු යොමාල් විසින් වාර්තා වූ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම අරඹන්නට රාජකීයයන්ට හැකි විය. එහෙත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. නමුත් රාජකීයයන් නැවතත් කලබලයට පත්කරමින් මාධව ප්‍රනාන්දු අන්තෝනිවරුන්ට තවත් උත්සාහක දිනුමක් එක්කළේය.

පළමු අර්ධය – සාන්ත අන්තෝනි විද්‍යාලය 17 (3T 1C) – 05 (1T) රාජකීය විද්‍යාලය

නෝවා වික්‍රමසිංහ විසින් වාර්තා වූ ප්‍රවර්තිත උත්සාහක දිනුමක් සමඟින් ලකුණු පරතරය 5ක් දක්වා අඩුකරගන්නට රාජකීයයන් සමත් වුවත් අන්තෝනිවරුන් තරගය අවසන් වීමට පෙර තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ජයග්‍රහණය සහතික කරගත්තේය.

සම්පූර්ණ කාලය – සාන්ත අන්තෝනි විද්‍යාලය 22 (4T 1C) – 12 (2T 1C) රාජකීය විද්‍යාලය

බඳුන ශූරතාවය

ලකුණු 27-10ක් ලෙස ලුම්බිණි විද්‍යාලය පරාජය කළ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය බඳුන ශූරතාවය දිනා ගත්තේ ශූරයන් වූ තෙවන මහනුවර පාසල වෙමිනි.

පලිහ ශූරතාවය

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය විසින් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය 26-00ක් ලෙස පරාජය කරමින් මෙහි ශූරතාවය දිනාගත්තේය.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට