හසිත බෝයගොඩ ආනන්ද සිහින බොඳ කරයි

1486

වයස අවුරුදු 19න් පහළ ලෝක වාර්තාලාභී හසිත බෝයගොඩ හා ඔහුට මනා සහයක් දුන් තිසරු දිල්ශාන්ගේ සුපිරි දස්කම් හේතුවෙන් අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් 16 දෙනාගේ තරගයකින් කොළඹ ආනන්ද විදුහල් ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් කඩුලු අටක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මොරටුවේ ක්‍රිකට් උන්මාදය – මොරටු මහා රන් සටන

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස මොරටුව හැඳින්වීම ඉතාම කාලෝචිත ය, සුදුසු ය. මන්දයත් ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවකගේ උප්ත්තිය…

මහනුවර අස්ගිරියේ දී ත්‍රිත්ව විදුහල වාර්තා කළ එම ජයත් සමඟ ආනන්ද විදුහල් ක්‍රිකට් කණ්ඩායම වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වන අතර ත්‍රිත්ව විදුහල් කණ්ඩායම අර්ධ අවසාන් පූර්ව වටය දක්වා ඉදිරියට යාමට සමත් විය.         

ත්‍රිත්ව විදුහල් නායක හසිත බෝයගොඩ කාසිය වාසිය ජයග්‍රහණයෙන් අනතුරුව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඔහුගේ තීරණයට මනා සහයක් දුන් ත්‍රිත්ව පන්දු යවන්නෝ ආනන්ද ඉනිම ලකුණු 190කට සීමා කිරීමට සමත් විය.

ලහිරු හිරන්‍ය අනගි අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වුවද ඔහුගේ සහයට කිසිදු පිතිකරුවෙකු ලකුණු අතරට පිවිසීමට අසමත් වීම ආනන්ද කණ්ඩයමේ ඉනිම පන්දුවාර 48කදී නිමා වීමට හේතු විය. ත්‍රිත්ව විදුහලේ තිසරු දිල්ශාන් ලකුණු 22කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වූ අතර ඔහුට අනගි සහයක් ලබා දෙමින් විමුක්ති නෙතුමාල් ලකුණු 38කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය.

ලකුණු 191ක ඉලක්කයක් හඹා ගිය ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ නායක හසිත බෝයගොඩ ආනන්ද විදුහල් කණ්ඩායමේ පන්දු යවන්නන්ට දිගට හරහට පහර එල්ල කරමින් ලකුණු 112ක් වාර්තා කිරීමට සමත්වූ අතර ත්‍රිත්ව විදුහල් පිතිකරුවෝ පළමු පන්දුවාර 20 තුල දී ලකුණු 124ක් රැස් කිරීමට සමත් වීම විශේෂත්වයක් විය. මනා සංයමයකින් යුතු ඉනිමක් දියත් කළ පුබුදු බණ්ඩාර ලකුණු 60ක් රැස් කරද්දී ත්‍රිත්ව විදුහල පන්දුවාර 30යි පන්දු තුනක් තුල දී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

ආනන්ද විද්‍යාලය – 190 (47.4) ලහිරු හිරන්‍ය 52, අසේල් සිගේරා 36,  කාවින්ද ගිම්හාන 28, තිසරු දිල්ශාන් 4/22, විමුක්ති නෙතුමාල් 3/38

ත්‍රිත්ව විද්‍යාලය – 191/2 (30.3) හසිත බෝයගොඩ  112, පුබුදු බණ්ඩාර 60*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<