ශ්‍රී ලංකාව එක්ක තරග කරනවා කියන්නේ පුහුණු තරගයක් වගේ – ගවස්කාර්

1530

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම පරාජය වීමට විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට සිදු වුනා. නමුත් ඉන්දීය කණ්ඩායම ඒ තරගාවලිය ආරම්භ වීමට පෙර සිය කණ්ඩායමට එංගලන්ත නිජබිමේ දී ම ඔවුන්ව තරගාවලි පරාජයකට ලක්කිරීමට හැකි වෙයි කියා ඉතාමත් අභිමානයකින් සිටියා.

වේල්ස් කුමර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය සුපිරි 4ට

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටය අද (6) ආරම්භ…

සුනිල් ගවස්කාර් කියන්නේ ඇත්තටම කවුද? ගවස්කාර් කියන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ ඉතාමත් දක්ෂ ආරම්භක පිතිකරුවෙක්. නමුත් ඔහුගේ අදහස් නම් තරමක් වෙනස්ම ආකාරයක ඒවා. ඒ අතර විරාත් කෝලි ඉන්දියාවෙන් පිටත දී පිතිකරුවෙක් ලෙස සිය වගකීම ඉටු කළත් නායකයෙක් ලෙස ඔහු එතරම් සාර්ථක නොවේ යැයි ඔහු ප්‍රකාශ කළේ පසුගිය දිනයක Sports Tak වෙබ් අඩවිය සමඟින් කළ සම්මුඛ සාකච්ඡාවක දී ය. මේ එම හමුවේ දී සුනිල් ගවස්කාර් දැක්වූ අදහස් කිහිපයක් ඇසුරෙන් පළ වන ලිපියකි.

“විරාත් කෝලි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීම ආරම්භ කළ විට, ඔහුගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම නව දිශාවකට පිවිසෙන බව පෙනෙන්නට තිබුණා. ජයග්‍රහණ පසුපස ඔවුන් හඹාගෙන ගියේ ඉතාමත් කෑදරකමකින් වගේ කියලයි මට නම් හිතෙන්නේ. මුළු ඉන්දියානු ප්‍රේක්ෂකයින් සියලුම දෙනාම ඔහුගේ නායකත්වය විශ්වාස කළා.” යැයි ගවස්කාර් එහි දී පැවසුවා.

“දකුණු අප්‍රිකාව, එංගලන්තය හා ඕස්ට්‍රේලියාව එක්ක ඔවුන්ගේ රටේ දී ක්‍රීඩා කරන එක අපේ කණ්ඩායමට ලේසි වෙන්නේ නෑ. ඒ තරග සංචාර ඉන්දියාවට තියෙන ඉතාමත් වැදගත් හා ප්‍රබල තරග සංචාර තුනක් කියලා ඔබ සියලු දෙනා දන්නා කරුණක්. ඒ තරග සංචාරවලින් දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය විතරයි. ඒ වගේ තරග සංචාරවලට පෙර  ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වගේ කණ්ඩායම් සමඟ සෙල්ලම් කරලා අපේ ක්‍රීඩකයින්ට හොඳ පුහුණුවක් ලබා දෙන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි කියලා මම හිතනවා.” යැයි ගවස්කාර් පැවසුවේ තරමක මුවට නැගුණු සිනහවක් සමඟයි.

ලෝක කණ්ඩායමට කුක් නම් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ කවුද?

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා මෙන්ම, වැඩිම ශතක ලාභියා ද වන හිටපු එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට පසුගිය දා…

“ඉන්දීය කණ්ඩායමේ හිටපු නායකයා පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ඉන්දීය කණ්ඩායම නැවතත් තරගාවලියට අවතීර්ණ කිරීමට සමත් වුනේ ඔවුන් එකමුතුව කණ්ඩායමක් ලෙස වැඩ කළ නිසයි. දැන් වෙලා තියෙන්නේ ඉන්දීය කණ්ඩායමේ සම්පූර්ණ බර පැටවිලා තියෙන්නේ කෝලි මත. ඒක වෙනස් වෙන්න ඕන. දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරගමාලාවල දී කෝලි ලකුණු 400-500ක දැවැන්ත ලකුණක් වෙත ගියා නම් ඉන්දීය කණ්ඩායමට ඒ තරගාවලිය පහසුවෙන්ම ජයගන්න තිබුණා” යැයි ගවස්කාර් පෙන්වා දුන්නා.

ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ තරග 4ක් අවසානයේ ඉන්දීය නායක කෝලි ලකුණු 544ක් ලබාගෙන තිබෙනවා. අනෙකුත් කිසිදු ඉන්දීය පිතිකරුවෙක් හට ලකුණු 300 සීමාව ඉක්මවා ලකුණු රැස්කර ගැනීමට අවස්ථාව ලැබුණේ නැහැ. නිමා වූ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දී ද එහි වෙනසක් නොවූ අතර එහි දී ද තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත්තේ නායක කෝලි (ලකුණු 286ක්) ය.

මේ වන විට පැවැත්වෙන ඉන්දු – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තුල දී ඉන්දීය පිතිකරුවෙක් වන කෝලි තරග වාර්තා කිහිපයක්ම අලුත් කරමින් දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වූයේ මහේන්ද්‍ර සිං දෝනිගේ නමට ඉදිරියෙන් තිබූ වාර්තා කිහිපයක්ම සිය නමට ඉදිරියෙන් ලියා ගනිමිනි. ගවස්කාර් පවසන පරිදි කෝලි පිතිකරුවෙක් ලෙස සම්පූර්ණ වී ඇති නමුත් නායකයෙකු ලෙස තවත් දිගු ගමනක් යා යුතු බවයි.

ඉන්දීය කණ්ඩායම එංගලන්තය හමුවේ ටෙස්ට් තරගාවලිය පරාද වූ පමණින් ඉන්දීය වර්තමාන ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු හට ප්‍රේක්ෂකයින් බැන වැදීම සුනිල් ගවස්කාර් එතරම් අනුමත කරන්නේ නොමැත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නැවතත් අතපත්තුට

එක්දින ක්‍රිකට් තරග 3කින් හා විස්සයි විස්ස තරග 5කින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා…

“කෝලි නායකත්වය ලබා ගත්තාම හැමෝම හිතුවේ ඔක්කොම හරියයි කියලා. දෝනිව උදාහරණයකට ගන්න ඔහු ඉතාමත් සන්සුන්ව ඔහුගේ ක්‍රීඩාව හරිම අපූරුවට කළා. නායකයා හා පුහුණුකරු ඔහුගේ කණ්ඩායම මෙන්ම හොඳයි. එසේ තිබිය දී ඉන්දීය කණ්ඩායමට එහි මට්ටම ඉහළ මට්ටමකට ඒමට නොහැකි නම්,  එක් පුද්ගලයෙකු මතම වරද පැටවීම කරන්න බෑ. ඒ අයට ප්‍රශ්න තියෙනවා නම් ඒ වලට ඉක්මනින්ම පිළිතුරු දෙන්න ඕන.” වැඩිදුරටත් අදහස් දැක්වූ ගවස්කාර් පැවසීය.

“පුහුණුකරුවන් ඔවුන්ගේ කාර්යභාරය ඉතාමත් හොඳින් ඉටු කරනවා. ක්‍රීඩාගාරයේ ඉඳන් ඔවුන්ට ක්‍රීඩා කරන්නට බෑනේ. ඔවුන්ට පුළුවන් ක්‍රීඩකයින්ට උපදෙස් දෙන්න විතරයි. ක්‍රීඩකයින් දැනගන්න ඕන ඒ උපදෙස් පිළිපදින්න. ක්‍රීඩකයින් ඒ දේ හරියට කළේ නෑ කියලා පුහුණුකරුවන්ට බනින එක එතරම් සාධාරණයි කියලා මම හිතන්නේ නෑ.” යැයි ගවස්කාර් අවසන් වශයෙන් පැවසීය.

Deccan Chronicle වෙබ් අඩවියේ “Gavaskar makes a big statement on captain Kohli, coach Shastri as India lose series” යන ලිපියේ පරිවර්තනයක් ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<