කෝලි හා විලියම්සන් අතර ද්වන්ද සටනක්

3021

කේන් විලියම්සන් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 900යේ සීමාව ඉක්මවා ගිය පළමු නවසීලන්ත පිතිකරුවා බවට පත් වීමට සමත් විය. එම දක්ෂතාව දැක්වූ ලොව 32 වැනි පිතිකරුවා ද ඔහුයි.

නවසීලන්ත කණ්ඩායම වසර 49කට පසු ආසියානු කණ්ඩායමක් ආසියාවේ දී පරාජය කිරීමට සමත් වූයේ කෙන් විලියම්සන්ගේ සුපිරි දස්කම් නිසයි. විලියම්සන් අබුඩාබි හිදී පන්දු 139කින් ලකුණු 89ක් වාර්තා කළේ නවසීලන්තය පාකිස්තානයට එරෙහිව ලකුණු 123ක ජයක් වාර්තා කරද්දීය. එම දක්ෂතාව නිසා ඔහුට ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 37ක් හිමි වූ අතර ඒ නිසාම ඔහු ස්ටීවන් ස්මිත් පසු කරමින් ලකුණු 913ක් සමඟින් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පත් කිරීමට සමත් විය.

කොදෙව් දේශයට යන එංගලන්ත සංචිතය නිකුත් වේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට්…

රිචඩ් හැඩ්ලි නවසීලන්තය වෙනුවෙන් ප්‍රසාද ලකුණු 900 සීමාව ඉක්මවූ එකම ක්‍රීඩකයා වන අතර ඔහු පන්දු යැවීමෙන් ප්‍රසාද ලකුණු 909ක් රැස්කරගෙන එම දක්ෂතාව දැක්වීමට සමත් විය.

ඔහුගේ මෙම දක්ෂතාවයත් සමඟ විලියම්සන් කෙන් බැරින්ග්ටන් (914) හා බ්‍රයන් ලාරා (911) අතරට පැමිණියේ එදා මෙදා තුර ලොව ඉහළම ශ්‍රේණිගත කිරීම්වල 27 වැනි ස්ථානයට පැමිණෙමිනි.

විලියම්සන් ඉහළ දස්කම් දක්වමින් ප්‍රසාද ලකුණු 37ක් එකතු කරගද්දී ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරගය ජය ගත්තත් ඉන්දීය නායක විරාත් කෝලි හට හිමි වූයේ ප්‍රසාද ලකුණු තුනක් පමණි.

ඒ අනුව කෝලි හට ලකුණු 15ක් අහිමි වූ අතර එම තරගයෙන් පසු ශ්‍රේණිගත කිරීම්වල ඔහුගේ ප්‍රසාද ලකුණු දැක්වූයේ ලකුණු 920ක් ලෙසයි.

ඒ අනුව විලියම්සන්ට කෝලි පසු කිරීමට තවත් ඇත්තේ ලකුණු 7ක් පමණි. ඉන්දීය කණ්ඩායම එළඹෙන 7 වැනිදා පර්ත් හිදී ඕස්ට්‍රේලියාව සමඟින් දෙවන ටෙස්ට් තරගය ක්‍රීඩා කරන අතර එහි දී දක්ෂතා දැක්වීමට ඔහු අසමත් වුවහොත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය නවසීලන්ත නායක කේන් විලියම්සන් හට හිමි වනු ඇත. පසුගිය අගෝස්තුවේ සිට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින්නට කෝලි සමත් විය.

IPL සත්කාරකත්වය පිළිබඳ අර්බුදය උග්‍ර වෙයි

IPL තරගාවලියේ දොළොස්වැනි අදියර ලබන වසරේ මාර්තු මස 29 වැනිදා ඇරඹීමට කටයුතු සූදානම්..

මීට අමතරව නවසිලන්ත ක්‍රීඩක හෙන්රි නිකොලස් පළමු වතාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථාන 10 තුළට පැමිණීමට සමත්ව තිබේ.17 වැනි ස්ථානයේ සිටි ඔහු පකිස්තානය සමඟ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී නොදැවී වාර්තා කළ ලකුණු 126 නිසා නව වන ස්ථානය දක්වා ස්ථාන අටකින් ඉදිරියට පැමිණ තිබේ.  

එම තරගාවලියේ දී ශතක වාර්තා කළ අසාර් අලී 10 වන ස්ථානයටත් අසාඩ් ශෆික් 21 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබේ.

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී ඉතා වටිනා ශතකයක් වාර්තා කළ චෙතිශ්වර් පුජාරා එංගලන්ත නායක ජෝ රූට් හා ඩේවිඩ් වෝනර් පසුකර ඉදිරියට පැමිණීමට සමත් විය. ඔහු ස්මිත්ට වඩා ලකුණු 55 ක් පසුපසින් සිටින අතර රූට්ට වඩා ලකුණු 39ක් ඉදිරියෙන් සිටියි.

MRF ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් පර්ත් ටෙස්ට් තරගයෙන් පසු නැවතත් වෙනස් වීමට නියමිතයි.

MRF ICC ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (ඇඩිලේඩ් හා අබුඩාබි ටෙස්ට් තරගවලින් පසු – දෙසැම්බර් 11 දා වන විට)

පිතිකරුවන්
ස්ථානය (+/-) ක්‍රීඩකයා කණ්ඩයම ලකුණු සාමාන්‍යය වැඩිම ප්‍රසාද ලකුණු
1 ( – ) විරාට් කෝලි ඉන්දියාව 920 53.96 937
2 (+1) කේන් විලියම්සන් නවසීලන්තය 913! 51.56 913
3 (-1) ස්ටීව් ස්මිත් ඔස්ට්‍රේලියාව 901 61.37 947
4 (+2) C . පුජාරා ඉන්දියාව 846 50.48 888
5 (-1) ජෝ රූට් එංගලන්තය 807 50.44 917
6 (-1) ඩේවිඩ් වෝනර් ඔස්ට්‍රේලියාව 795 48.20 880
7 ( – ) දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව 753 37.60 754
8 ( – ) ඩින් එල්ගාර්   දකුණු අප්‍රිකාව 724 41.05 784
9 (+8) හෙන්රි නිකොලස් නවසීලන්තය 709*! 39.20 709
10 (+2) අසාර් අලී පාකිස්ථානය 708 44.88 787
11 (-2) එඩින් මාකම් දකුණු අප්‍රිකාව 703* 47.27 759
12 (-1) දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාව 695 44.28 755

>> ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටන සඳහා නවසීලන්ත බලඇණිය නම් කරයි

පන්දු යවන්නන්
ස්ථානය (+/-) ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රසාද ලකුණු සාමාන්‍ය වැඩිම ප්‍රසාද ලකුණු
1 ( – ) කගිසෝ රබාඩා දකුණු අප්‍රිකාව 882 21.71 902
2 ( – ) ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්තය 874 26.98 903
3 (+1) වර්නන් ෆිලැන්ඩර් දකුණු අප්‍රිකාව 826 21.54 912
4 (-1) M. අබ්බාස් පකිස්ථානය 821* 16.62 838
5 ( – ) රවින්ද්‍ර ජඩේජා ඉන්දියාව 804 23.50 899
6 (+1) R. අශ්වින් ඉන්දියාව 786 25.43 904
7 (-1) පැට් කමින්ස්   ඔස්ට්‍රේලියාව 770* 24.64 800
8 ( – ) ට්‍රෙන්ට් බෝල්ට් නවසීලන්තය 764 28.14 825
9 ( – ) යසීර් ශා පකිස්ථානය 757 28.26 878
10 ( – ) ජේසන් හෝල්ඩර් බටහිර ඉන්දීය කොදෙව් 751* 28.50 766
තුන් ඉරියව් ක්‍රීඩකයින්
ස්ථානය (+/-) ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රසාද ලකුණු වැඩිම ප්‍රසාද ලකුණු
1 ( – ) ෂකිබ් අල්හසන් බංගලාදේශය 415 489
2 ( – ) රවින්ද්‍ර ජඩේජා ඉන්දියාව 392 438
3 ( – ) වර්නන් ෆිලැන්ඩර් දකුණු අප්‍රිකාව 370 378
4 ( – ) ජේසන් හෝල්ඩර් බටහිර ඉන්දීය කොදෙව් 365 /* 381
5 ( – ) බෙන් ස්ටෝක්ස් එංගලන්තය 342 396

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  පිටුවට<<