ජයග්‍රහණය සමරන්න සිකුරාදා නිවාඩු

82

ජාත්‍යන්තර රග්බි ලීග් පිටියේ නම් දැරූ දැවැන්ත කණ්ඩායම් දෙකක් වන ලෝක ශූර ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය පරාජයට පත්කරමින් ලෝකයේම අවධානය තමන් දෙසට ඇඳ ගැනීමට ටොංගා ආරාධිත රග්බි කණ්ඩායම පසුගිය දා සමත් විය.

CR වේගය ඉදිරිපිට CH අසරණයි!

2019 නායකයාගේ කුසලානය වෙනුවෙන් CR&FC සහ CH&FC කණ්ඩායම් අතර අද පැවති…

මෙසේ රග්බි ලීග් වංශ කතා පොතේ රන් අකුරින් ලියැවෙන ඉතිහාස ගත ජයග්‍රහණ ද්විත්වයක සාඩම්බර උරුම්කරුවන් බවට පත්වූ ටොංගා රාජ්‍ය මෙම සුවිශේෂී අවස්ථාව උත්සවශ්‍රීයෙන් සැමරීම සඳහා මේ වන විටත් ලහිලහියේ සූදානම් වන ආකාරය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා ඉතාමත් රසවත් ආකාරයෙන් ඉදිරිපත් කොට තිබුණි. 

ඒ අතරින් එළඹෙන සිකුරාදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට නිල වශයෙන් පත් කරමින් රග්බි ක්‍රීඩාව ආගමක් සේ අදහන තම රටවැසියන්ට මෙම විජයග්‍රහණයේ සතුට උපරිමයෙන් සැමරීමට ඉඩප්‍රස්තාව සලසා දීමට එරට රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම වඩාත් කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය.

තම ක්‍රීඩකයින්ගේ හපන්කම් දැක අමන්දා නන්දයට පත් ටොංගා රාජ්‍යය නායක Pohiva Tuionetoa සඳහන් කර සිටියේ නොයෙකුත් බාධක කම්කටොළු මධ්‍යයේ ඔවුන්ගේ රග්බි වීරයින් ලබා ගත් මෙම ජයග්‍රහණය නියත වශයෙන්ම ටොංගා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් බවට පත්වනු ඇති බවයි.

ඕෂනියා කුසලානය උදෙසා පැවති මෙම තරගාවලියේ දී ලකුණු 14-06ක් ලෙස මහ බ්‍රිතාන්‍යය කණ්ඩායම පරාජයට පත්කළ ටොංගා ක්‍රීඩකයින් ඉන් අනතුරුව වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම හට දැවැන්ත මරු පහරක් එල්ල කළේ ලකුණු 16-12ක් ලෙස එම තරගයත් ජයග්‍රාහී සටහනකින් අවසන් කරමිනි.

ශ්‍රී ලංකාවෙන් සටන්කාමී අවසානයක්!

ගෙවුණු කාලපරිච්ඡේදය පුරාවටම ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම හට…

අන්තර්ජාතික රග්බි ලීගය විසින් මීට මාස කිහිපයකට ඉහත දී ටොංගා රාජ්‍යය ඔවුන්ගේ සාමාජික ලැයිස්තුවෙන් නෙරපා හැරීමට කටයුතු කළ අතර එම නිසාවෙන් ආරාධිත කණ්ඩායමක් ලෙස මෙවර තරගාවලියට සහභාගී වීමට එරට ක්‍රීඩකයින් හට සිදු විය. 

ටොංගා කණ්ඩායමේ පුහුණුකරු ඕස්ට්‍රේලියානු ජාතික Kristian Woolf මහතා අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් ඔහුට රිසි සේ කණ්ඩායම සහ අනුග්‍රාහක බවතුන් මෙහෙයවන බවට රග්බි ලීගය විසින් ගොනු කළ චෝදනාව පදනම් විරහිත එකක් බවට සඳහන් කරමින් ඊට එරෙහිව අග්‍රාමාත්‍ය තුමා ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයින් ද ඔවුන්ගේ විරුද්ධත්වය දැඩිව ප්‍රකාශ කර සිටි අතර එය සාමාජිකත්වය අහිමි වී යාම සඳහා ඍජු ලෙස බලපා කරුණු අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය.

ළඟා කර ගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටින නියමුවානන් අන්කවරෙකුත් නොව පුහුණුකරු Kristian Woolf මහතා බව සඳහන් කර සිටි ගරු අග්‍රාමාත්‍ය Tuionetoa මහතා Woolfගේ “ජයග්‍රාහී රණශූරයින්” හට ඉහළම ආකාරයේ ගෞරවාන්විත පිළිගැනීමක් ලබා දීම වෙනුවෙන් සැවොම ඒකරාශී වන ලෙස තම පුරවැසියන්ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටියේය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<