කටාර් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ විශාල සමාජ මෙහෙවරක

787

මහරගම අපේක්ෂා රෝහලට Tomotherapy and Linear Accelerator යන්ත්‍ර දෙකක් ලබා දීමට අවැසි මූල්‍ය ප්‍රතිපාදන රැස්කිරීම අරමුණු කරගනිමින්, කටාර් ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ FIGHT FOR CANCER ක්‍රිකට් තරගාවලිය මෙම මස 3 වැනිදා Al-Waab ක්‍රීඩාංගණයේ දී සාර්ථක ලෙස නිමාවට පත්විය.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ටෙස්ට් ක්‍රිකට් තරු 150 බිහිවූ පාසල්

2019 වසරේ මැයි මස පළමු සතිය අවසන් වනවිට ……….

කණ්ඩායම් 64ක්, තරග 63ක්, ක්‍රීඩකයින් 704ක් සහ ක්‍රීඩාංගණ 10ක් යොදා ගෙන දවසින් තරගාවලිය නිමා කිරීමට හැකි වීම විශ්මයට කරුණකි. උදෑසන 6 සිට සවස් වනතුරු දෝහා Al-Waab හිදී තරගාවලිය පැවැත්වුණු අතර උතුම් අරමුණක් වෙනුවෙන් මෙවැනි දෙයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සියලු දෙනා සංවිධායකයින් වෙත ප්‍රශංසාව පලකළේය.

තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කටාර් දේශයේ ප්‍රබල කණ්ඩායමක් වන ගල්හින්න  ක්‍රිකට් කණ්ඩායම (GCC) සමත් වූ අතර තරගයේ අනුශූරතාවය මීගමුව ක්‍රිකට් කණ්ඩායමට (NCC) හිමි විය.

Wayamaba Blue Lions සහ Al-Meer යන කණ්ඩායම් අවසන් පූර්ව තරගවල දී පරාජයට පත්විය. මෙම තරගාවලි ව්‍යාපෘතියේ සභාපති එම්. ආර්. එම්. ෆර්හාන් ThePapare.com වෙත අදහස් දැක්වූයේ මෙසේයි.

“ලක්ෂ 1.5කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටාර් රාජ්‍ය තුල සේවයේ නිරත වෙනවා. 100කටත් අධික ක්‍රිකට් කණ්ඩායම් ප්‍රමාණයක් ඔවුන් විසින් පිහිටුවා ගෙන තිබෙනවා. ඉතින් අපි කල්පනා කළා මෙවැනි තරගාවලියක් සංවිධානය කරලා ලැබෙන මුදල්වලින් අපේක්ෂා රෝහලට අදාළ යන්ත්‍ර දෙක ගැනීමට සහාය ලබා දීමට. ක්‍රිකට් කණ්ඩායම්වල නායකයන් තමයි මේක පටන් ගත්තේ, මටත් ආරාධනයක් ලැබුණා මේකට එක්වීමට. ඉතා කෙටි කාලයක් තුල අපි මේක සංවිධානය කළා, පසුව අපි මේ තරගාවලිය අත්හැර දැමීමට තීරණය කළා රටේ සිදු වුන මේ ඛේදවාචකය දැකලා. නමුත් අපි දවස් 6ක් තුල අනිත් සියලු කටයුතු සූදානම් කරලා තරගාවලිය පැවැත්වූවා. එය නිසි ආකාරව ක්‍රියාත්මක කිරීමට අපිට හැකි වුනා. ඒ වගේම අපේ විශේෂ ස්තුතිය පුදකරන්න කැමති අපගේ අනුග්‍රාහකයන් සියලු දෙනාටම සහ ස්වේච්ඡා ක්‍රීඩකයන්ට මෙම තරගාවලියට අපිට ලබා දුන් සහයෝගයට.

QR 250/- තරග ලියාපදිංචි ගාස්තුව ලෙස නියම කර තියෙද්දී සමහර කණ්ඩායම් ඊටත් වැඩි මුදලක් ලබා දී තිබෙන අතර සමහර කණ්ඩායම් තරගවලට සහභාගි නොවී මුදල් පමණක් ලබා දී ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. මෙම තරගයෙන් ලැබුණු සියලු මුදල් අපේක්ෂා රෝහලට ලබා දෙන අතර මෙම තරගාවලියේ සියලු වියදම් සංවිධායක මණ්ඩලය විසින් බර ගෙන ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<