ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න මූඩි ශ්‍රී ලංකාවට?

90

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශේෂඥ උපදේශකවරයකු ලෙස හිටපු පුහුණුකරු ටොම් මූඩි බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙන බව The Sunday Times පුවත් සඳහන් කර තිබුණි. 

කොට්‍රෙල්ගේ හයේ පහරින් කොදෙව්වන්ගේ ජාමෙ බේරෙයි!

ක්‍රිකට් ක්‍රීඩාවටම ආවේණික අවිනිශ්චිතතාවයත්, අවසන් මොහොත දක්වා පවතින උද්වේගකර ස්වභාවයත්…

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන ටොම් මූඩි මහතා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2007 වසරේ ලෝක කුසලාන අවසන් තරගය දක්වා පැමිණි අතර ඔවුන් 1996 වසරේ ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අවසන් තරගයට පැමිණි ප්‍රථම අවස්ථාව ලෙස එය සටහන් විය. 

ඔහුගේ අත්දැකීම් හා විශේෂඥ දැනුම මෙරට ක්‍රිකට් කණ්ඩායම වෙත ලබා දී ඔවුන් දියුණු කිරීම ක්‍රිකට් ආයතනයේ අරමුණ වී ඇත. මෙම ඉල්ලීම සඳහා ටොම් මූඩි යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ඔහු පෙබරවාරි මස මැද සිට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත. 

එයට අමතරව දින 10-15 අතර පුහුණු සැසි සඳහා ඔහු මෙම වසරේ එක් එක් කාර්තුවල දී එක්වීමට සැලසුම් කර ඇත. ටොම් මූඩිගේ මෙම සේවාව වසර දෙකක් පුරා ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට මේ වන විට තීරණය කර ඇත. 

“දැනට තිබෙන ටෙස්ට් ක්‍රිකට් තරග රටාව කාලෝචිතයි” – මහේල ජයවර්ධන

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියටත් දින පහක් පුරාවට පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාමාජික…

ටොම් මූඩිගේ සේවාව පිළිබඳව මේ වන විට ක්‍රිකට් ආයතනය ඔහු සමඟින් සාකච්ඡා කරමින් පවතී. 54 වියැති මේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ක්‍රිකට් ආයතනය දැඩි වෙහෙසක් ගන්නා අතර ඒ සඳහා ඔහුට ඉදිරිපත් කර ඇති ගෙවීම් ද සුළුපටු නොවේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තම පුහුණුකරුවන්ගේ සැකැස්ම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තීරණය කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානියා  ලෙස ජෙරම් ජයරත්න මහතා නැවත පත්කිරීමට පියවර ගෙන ඇත. මිකී ආතර් මහතා ප්‍රධාන විශේෂඥ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<