නවසීලන්ත නායකත්වය වෙනස් වෙයි

605

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ⁣එක්දින තරග 3කින් යුතු පුහුණු තරගාවලිය සඳහා ක්‍රීඩා කරන නවසීලන්ත සංචිතය නිවේදනය කර තිබේ.

එංගලන්තයේ සිට නැවත සේවයට වාර්තා කරන ටෙස්ට් තරුව

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ සාර්ථකම කඩුලු රකින මැදපෙළ පිතිකරුවන් අතරින් ඉදිරියෙන්ම නම කියැවෙන ප්‍රසන්න

බ්‍රිස්බන් හීදි පැවැත්වෙන එම තරගාවලියට ක්‍රීඩා කරන නවසීලන්ත සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ සුපිරි පිතිකරුවෙකු සහ කඩුලු රකින ක්‍රීඩකයෙකු වන ටොම් ලේතම් හටයි.

කෙසේ වෙතත් පසුගියදා නිවේදනය කළ ලෝක කුසලාන තරගාවලිය සඳහා වන නවසීලන්ත සංචිතයේ ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 9 දෙනෙකු මේ දිනවලදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටීම හේතුවෙන් ඔවුන් මෙම සංචිතයට ඇතුළත් කර නොමැත.

නවසීලන්ත කණ්ඩායමේ සුපිරි මැද පෙල පිතිකරු රෝස් ටේලර්ද නොටින්හැම්ශයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්ව සිටීම හේතුවෙන් ඔහුද මෙම සංචිතයට ඇතුළත්ව නොමැත.

ඒ අනුව ලෝක කුසලාන සංචිතයට නම් කර ඇති නවසීලන්ත ක්‍රීඩකයින් 15 දෙනාගෙන් අදාළ පුහුණු තරගාවලිය සඳහා එක්වන්නේ ක්‍රීඩකයින් 5 දෙනෙකු පමණි. ලෝක කුසලානයට නම් කෙරුණු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ටොම් ලේතම්, ජේම්ස් නීෂම්, හෙන්රි නිකල්ස්, මැට් හෙන්රි සහ ටොම් බ්ලන්ඩෙල් පමණක් මෙම තරගාවලියට එක්වීමට නියමිත ඇත.

දුලිප් මෙන්ඩිස්ගේ ඉල ඇදුණු පොලිස් නිලධාරියාගේ ප්‍රශ්නය

හැත්තෑව දශකය තෙක්ම සාම්ප්‍රදායික ටෙස්ට් තරගවලට පමණක් ඉඩ වෙන්ව තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවට

නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් පුහුණු තරගාවලියේ පළමු තරගය එළඹෙන මැයි මස 05 වනදා බ්‍රිස්බන්හී දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. දෙවන පුහුණු තරගය මැයි මස 07 වනදාත්, තුන්වන සහ අවසන් පුහුණු තරගය මැයි මස 09 වනදාත් පැවැත්වේ.

කෙසේ වෙතත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට පෙර නවසීලන්ත ක්‍රීඩකයින් යලි සිය මව්රටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙම තරගාවලිය සංවිධාන කර ඇත්තේ එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් වශයෙනි.

නවසීලන්ත සංචිතය:

ටොම් ලේතම් (නායක), ටොඩ් ඇසල්, හැමිශ් බෙනෙඩ්, ටොම් බ්ලන්ඩන්, ඩොග් බ්රේස්වෙල්, මැට් හෙන්රි, ඩායිල් මිචෙල්, ජේම්ස් නීෂම්, හෙන්රි නිකොල්ස්, හැමිශ් රදර්ෆර්ඩ්, බ්ලෙයාර් ටික්නර්, ජෝර්ජ් වෝකර්, විල් යං.


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<