ඔලිම්පික් උළෙලට දින නිකුත් වෙයි

464

මෙම වසරේ පැවත්වීමට නියමිත බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ක්‍රීඩා උළෙල ලෙස ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වීමට නියමිත “ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල” හැඳින්විය හැක

කොරෝනාවට ඔලිම්පික් වැනසීමට ඉඩ නොදෙයි

මේ දිනවල දී ලොව පුරා ප්‍රධාන කතාබහ බවට පත්වී ඇති කොරෝනා වයිරසය ක්‍රීඩා ඉසව් සඳහා ද දැඩි …

මේ දින වල සීඝ්‍රයෙන් පැතිර යන “කොරෝනා වෛරසය” හේතුවෙන් මෙම ක්‍රීඩා උළෙල කල් යෑමේ අවදානමකට පත්ව තිබුනත් පසුගියදා ජපන් බලධාරීන් විසින් මෙම ක්‍රීඩා උළෙල නියමිත දින වලදීම ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව ප්‍රකාශ කර සිටියේය. එම ප්‍රකාශයත් සමඟ සියල්ලන් අවධානයෙන් බලා සිටි මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාල සටහන අද (17) දින නිකුත් කර තිබුනි. 

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි මස 24 වන දින ආරම්භ වීමට නියමිතය. එය පුරා දින 17ක් පැවැත්වෙන අතර මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු මස 09 වනදා අවසන් වේ. නමුත් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට දින දෙකකට පෙර කාන්තා පාපන්දු තරග සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අලුතින් එක්වූ බේස්බෝල් ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවක් වන සැහැල්ලු පන්දු තරග ආරම්භ වීමට නියමිතව ඇත. 

ආරම්භක දිනට පසුදින එනම් ජූලි 25 වන දින, මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රථම රන් පදක්කම දිනා ගැනීමට හැකි වන ඉසව්ව ලෙස කාන්තා වෙඩි තැබීම – මීටර 10 වායු රයිෆල් තරග පැවත්වීමට නියමිතය. එදින දුනු විදීම, පාපැදි ධාවනය, කඩු හරඹ, ජූඩෝ සහ ටයිකොන්ඩෝ වැනි ඉසව් සමඟින් සම්පූර්ණ පදක්කම් 11ක් බෙදී යාමට නියමිතය. 

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අලුතින් එක්වූ ඉසව් සඳහා මුල් දිනවල අවධානය ලබා දී ඇති අතර මෙම වසරේ සිට අලුතින් එක්වූ 3X3 පැසිපන්දු තරග පැවත්වීමට නියමිතය. 

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔබ නැරඹිය යුතුම දිනයක් ලෙස අගෝස්තු මස 01 වනදා නම් කර ඇති අතර එදින “සුපිරි සෙනසුරාදා” ලෙස නම් කර ඇත. එදින තුළ සමස්ත පදක්කම් 21ක් බෙදී යෑමට නියමිත අතර එදින බොහෝ දෙනාගේ අවධානය හිමි කර ගන්නා ඉසව්වක් වන 100m කාන්තා අවසන් තරග පැවත්වීමට ද නියමිතය. 

3X3 පැසිපන්දු තරගයක් 

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ජූලි මස 31 වනදා ආරම්භ වීමට නියමිත අතර ක්‍රීඩා උළෙලේ උණුසුම්ම ඉසව්වක් වන “ලොව වේගත්වම ක්‍රීඩකයා” තේරීමේ තරගය වන පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ අවසන් මහා තරගය අගෝස්තු මස 02 වනදා (ඉරිදා) පැවත්වීමට නියමිතය. එදින “රන් ඉරිදා” ලෙස හඳුන්වා ඇති අතර සම්පූර්ණ පදක්කම් 26ක් එදින බෙදී යාමට නියමිතය. 

මීට අමතරව අගෝස්තු මස 08 වන දින ඉසව් 30ක් පැවත්වීමට නියමිත අතර එය මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වැඩිම ඉසව් ප්‍රමාණයක් පැවැත්වෙන දිනය ලෙස සඳහන් කළ හැක. 

ක්‍රීඩා උළෙලේ අවසාන දිනයේ උදෑසන පිරිමි මැරතන් තරග පැවත්වීමට නියමිත අතර පිරිමි වෝටර් පෝලෝ  අවසන් තරග පවත්වා තරගාවලිය අවසන් කිරීමට කටයුතු සූදානම් කර ඇත. 

පෙර වසර වලදී ඔලිම්පික් උළෙලයන් තුළදී තම ආධිපත්‍ය පතුරවා තිබූ ජැමෙයිකාවේ හුසේන් බෝල්ට් සහ ඇමරිකානු ජාතික පිහිනුම් ශූරයෙකු වන මයිකල් ෆෙල්ප්ස් වැනි ක්‍රීඩකයන් නොමැති වීම නිසා මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී බිහිවන නව තරු කවුදැයි ලොවපුරා ක්‍රීඩාලෝලීන් සියල්ල දෑස් දල්වා බලා සිටිනු නොඅනුමානය. 

තරගාවලියේ තරග කාලසටහන පහතින් 


>> තවත් මලල
ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<