බංග්ලාදේශයට එරෙහි වන නවසීලන්ත සංචිතය එළියට

165

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන නවසීලන්ත ටෙස්ට් සංචිතය නිවේදනය කර තිබේ.

එම සංචිතය සඳහා වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ටොඩ් ඇස්ට්ල් වසරකට පසු කැඳවා තිබීම විශේෂත්වයකි. වමතින් දඟපන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් වෙනුවට ටොඩ් ඇස්ට්ල් නවසීලන්ත සංචිතයට කැඳවා ඇත.

නබී ඇෆ්ගනිස්තානය සතුටු කරයි

මොහොමඩ් …

2012 වසරේ නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත් ටොඩ් ඇස්ට්ල් මේ වන විට සහභාගී වී ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් තරග 3කට පමණක් වන අතර එහි දී ඔහු කඩුලු 4ක් දවාගෙන තිබේ.

පසුගිය වසරේ දී එංගලන්තයත් සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී ආබාධයකට ලක්වූ ටොඩ්ට එම ආබාධ තත්වය හේතුවෙන් නිමාවට පත්වූ පාකිස්තාන තරග සංචාරය ද අහිමි විය.

කෙසේ වෙතත් බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට නම් කළ නවසීලන්ත සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් අතර සුපුරුදු පරිදි එහි නායකත්වය පැවරී ඇත්තේ සුපිරි පිතිකරු කේන් විලියම්නස්ටයි.

තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් සැන්ටර් හට එම සංචිතයේ ස්ථානයක් අහිමි වී තිබෙන්නේ ඔහු ද ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ලකුණු සොයා ඉව අල්ලන සිංහයින්ට දකුණු අප්‍රිකාවෙන් අභියෝගයක්!

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ එංගලන්තයට …

මෙතෙක් ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබා නොමැති විල් යං ද බංග්ලාදේශයට එරෙහිව නම් කල නවසීලන්ත සංචිතයට කැඳවා තිබේ.

ට්‍රේන්ට් බෝල්ට්, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම්, මැට් හෙන්රි, ටොම් ලේතම්, හෙන්රි නිකොල්ස්, ජීට් රාවල්,ටිම් සවුති, රෝස් ටේලර්, නෙයිල්වොග්නර් හා බී ජේ වොට්ලිං නවසීලන්ත ටෙස්ට් සංචිතයට අයත් අනෙකුත් ක්‍රීඩකයන්ය.

තරග තුනකින් සමන්විත බංග්ලාදේශ – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය එළඹෙන 28 වැනිදා ආරම්භ වේ.

එහි පළමු තරගය හැමිල්ටන් හිදීත්, දෙවන තරගය විලිංටන් හීදීත් තුන්වැනි හා අවසන් තරගය ක්‍රයිස්චර්ච් හීදීත් පැවැත්වේ.

නවසීලන්ත සංචිතය – නායක කේන් විලියම්සන්, ටොම් ලේතම්, ජීට් රාවල්, රෝස් ටේලර්, හෙන්රි නිකොල්ස්, බී ජේ වොට්ලිං, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම්, ටොඩ් ඇස්ට්ල්, ටිම් සවුති, නීල් වොග්නර්, ට්‍රෙන්ට් බෝල්ට්, මැට් හෙන්රි, විල් යං

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<