හැදෙන්න දුන් කාලය අවසානයි, දැන් වැඩ පෙන්වන්න – ලසිත් මාලිංග

439

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග, සියලු දෙනා කණ්ඩායම වෙනුවෙන් නැගී සිට තමන්ගේ දක්ෂතා දැක්විය යුතු යැයි ප්‍රකාශ කළේ නවසීලන්තය සමඟ ආරම්භ වන එක්දින තරගාවලිය ආරම්භයට පෙර ICC වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමිනි.

පොඩි කුසල් ගැන ටෙස්ට් නායක චන්දිමාල් කියන කතාව

කුසල් මෙන්ඩිස්ගේ වයස ….

තරග තුනකින් සමන්විත නවසීලන්ත ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අද (3) Mount Maunganui හිදී ආරම්භ විය. මේ තරගාවලිය කණ්ඩායම් දෙකටම වැදගත් වන්නේ එංගලන්තයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය සඳහා සිය කණ්ඩායම් සූදානම් කර ගැනීමට ලැබෙන ඉතා අනගි අවස්ථාවක් වන බැවිනි.   

ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර පුරා එක්දින තරගවල දී එතරම් දක්ෂතා දැක්වූයේ නැත. කෙසේ වෙතත් නව වසරේ සිට ලසිත් මාලිංග කණ්ඩායමේ නායකත්වය භාර ගැනීම නිසා ක්‍රීඩාලෝලීන් නව බලාපොරොත්තු රැසක් සමඟින් කණ්ඩායම දෙස බලා සිටියි.  

“මේ නැවත ගොඩනගන්න කාලය නොවේ, ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් විශ්‍රාම ගෙන වසර තුනක් පමණ ගෙවී ගිහින්, ඊළඟ ලෝක කුසලානය තිබෙන්නේ මේ වසරේ. දැන් අපි සොයාගන්න ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට හොඳම අය. පසුගිය වසර දෙක තුන අපිට ඉතාමත් අමාරු කාලයක් වුනත් ගොඩක් නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබුණා, දැන් තමා නැගී සිට තමන් කවුදැයි පෙන්විය යුතු අවස්ථාව” මාලිංග පැවසීය.

නව වසරේ පළමු කුරුමානම සාර්ථක කරගැනීමට පෙර

35 හැවිරිදි මාලිංග එක්දින ලෝක කුසලානයක් දිනා නැතත් 2007 හා 2011 ලෝක කුසලාන අවසාන මහා තරග සඳහා ඔහු දායකත්වය ලබා දී තිබේ. ඔහු ඔහුගේ කණ්ඩායමට තරයේ අවවාද කර සිටින්නේ මේ තත්වයන් හා දේශගුණයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවයි. ඒ ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලිය පැවැත්වෙන තත්වයන් ලෝක කුසලානය පැවැත්වෙන එංගලන්තයේ තත්වයන්ට බොහෝ සමාන වන නිසාවෙනි.

“අපිට ලෝක කුසලානයට ප්‍රථම තවත් තරග අටක් තිබෙනවා, මේ තත්වයන් ලෝක කුසලානයේ දී පැවැත්වෙන තත්වයන්ට බොහෝ සමානයි, එම නිසා අපි එකතු වී මේ තත්වයන්ට සූදානම් විය යුතුයි.”

නවසීලන්තයට එරෙහිව හොඳ ආරම්භයක් අත්‍යවශ්‍යයි යැයි ද ඔහු ප්‍රකාශ කර සිටියා. “අවසන් තරගාවලි දෙක තුනේ දී අපි තරගාවලිය අවසානයේ හොඳින් ක්‍රීඩා කළා, කණ්ඩායම තේරුම් ගත යුතු දේ නම් අපි තරගාවලිය ආරම්භයේ දී හොඳින් ක්‍රීඩා කළ යුතු බවයි.”

මේ අතරම සත්කාරක නවසීලන්තය කණ්ඩායමට ප්‍රවේගකාරී පිතිකරුවන් වන මාර්ටින් ගප්ටිල් හා කොලින් මුන්රෝ කැඳවා ඇත. ගප්ටිල් පසුගිය ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා ද විය.

“ඔවුන් දෙදෙනාම ඉතා ධනාත්මක පිතිකරුවන්. ඔවුන් දෙදෙනා වෙනස් ආකාරයන් දෙකකට පිතිකරණයේ යෙදෙන්නේ, එම නිසා ඔවුන් දෙදෙනා අපේ කණ්ඩායම ඉතා වැදගත් ක්‍රීඩකයින්.” නායක කේන් විලියම්සන් ඔවුන් දෙදෙනා පිළිබඳ අදහස් දක්වා තිබුණේ එසේයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<