ඇෆ්ගනිස්තානයට තවත් පාඩුවක්

309
ICC

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරන ලද ක්‍රීඩකයින් අතරට තවත් ක්‍රීඩකයෙක් එක්ව තිබේ. ඒ ඇෆ්ගනිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක හමීඩ් හසන්ය.

රිචඩ්සන් වෙනුවට රිචඩ්සන් ඕස්ට්‍රේලියා සංචිතයට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ……..

31 හැවිරිදි හමීඩ් හසන් ඒ අනුව තවත් දින 21කින් ආරම්භ වන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඔහු කැඳවා ඇත්තේ වසර 3කට පසුව වීම විශේෂත්වයකි.

ඔහු අවසන් වරට ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් නියෝජනය කර ඇත්තේ 2016 වසරේ දී ය. විවිධ ආබාධවලට ගොදුරු වීම හේතුවෙන් වසර 3 කාලයක් හමීඩ්ට ජාත්‍යන්තර එක්දින පිටිය අහිමි විය.

2015 වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තරග 6කට සහභාගී වෙමින් හසන් කඩුලු 8ක් දවා ගත් අතර ලෝක කුසලාන ඉතිහාසයේ ලද පළමු ජයග්‍රහණය ද ඇෆ්ගනිස්ථානයට හිමිකර දීමට හසන් සිය දායකත්වය ලබා දෙන ලදි.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය වෙත අදහස් දක්වමින් හසන් ප්‍රකාශ කර ඇත්තේ මෙය සිය අවසාන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය බවත්, මින් පසු ඔහු ජාත්‍යන්තර එක්දින පිටියට සමු දෙන බවත්ය.

කෙසේ නමුත් තමන් පන්දුවාර විස්සයි විස්ස පිටියට සිය දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වන බවත්, දේශීය තරග බිමේ දී දක්ෂතා දක්වන්නටත් බලාපොරොත්තු වන බව හසන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ජොෆ්රා එංගලන්තයට කොළ එළි දල්වයි

දකුණතින් වේගපන්දු යවන ජොෆ්රා ආචර් එළඹෙන….

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිය දිවියේ සෑමදෙයම කැප කළ ක්‍රීඩකයෙකුට ඉන් ඉවත් වීම තරමක් අසීරු කරුණක් වූවත්, දිගින් දිගටම තමන් ගොදුරු වූ ආබාධ හමුවේ සිය සෞඛ්‍ය තත්වය පිළිබඳ සලකා බලමින් තමන් මෙලෙස ජාත්‍යන්තර එක්දින පිටියට සමු දීමට තීරණය කල බව හසන් ප්‍රකාශ කර තිබේ.

දිගින් දිගටම තමන් එක්දින පිටියේ ක්‍රීඩා කළහොත් තමන්ගේ දණහිසේ ඇති වී ඇති ආබාධය උග්‍ර වන බවත් හසන් මාධ්‍ය වෙත අදහස් දක්වමිත් සඳහන් කර සිටීම විශේෂත්වයකි.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 32කට ක්‍රීඩා කර ඇති හමීඩ් හසන් එහි දී ලකුණු 1153කට දවාගෙන ඇති කඩුලු ගණන 56කි. විස්සයි විස්ස තරග 22ක දී ඇෆ්ගනිස්ථානය නියෝජනය කර ඇති හසන් එහි දී ලකුණු 523කට කඩුලු 32ක් දවාගෙන තිබේ. හමීඩ් හසන් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් 2006 වසරේ අප්‍රේල් මස 19 වැනිදා එක්දින වරම් දිනා ගත්තේ ස්කොට්ලන්තයට එරෙහිවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<