සහිරා ක්‍රීඩකයෝ තරගාවලියේ අවසාන වටයට

206
Thriller in Jaffna as Zahira stuns St.Henry’s translation

කොත්මලේ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ තවත් උද්වේගකර අවසන් පූර්ව වටයේ තරගයක් පසුගිය දා නිමාව දුටුවේ යාපනය දොරෙඅප්පා ක්‍රීඩා පිටියේදීය. මෙම තරගය කොළඹ සහිරා විද්‍යාලය හා සාන්ත හෙන්රි විද්‍යාල අතර පැවැත්විය. තියුණු තරගයකින් අනතුරුව සහිරා විදුහල ජයග්‍රහණය තම නමින් සටහන් කරන්නට සමත් විය.  

පසුගිය ලිපි: සාන්ත පැට්‍රික් විදුහල අවසන් මහා තරගයට

තරග ආරම්භයේදී සාන්ත හෙන්රි ක්‍රීඩකයින් ගෝල 1-0 ලෙස ඉදිරියෙන් සිටින්නට සමත් වූ අතර සහිරා ක්‍රීඩකයින් එයට පිළිතුරු ගෝලයක් රැස් කරමින් නැවතත් තරගයට අවතීර්ණ විය. ඉන් අනතුරුව සත්කාරකයින් නැවතත් තරගයට එළැඹෙමින් තවත් ගෝලයක් ලබා ගත් අතර අවාසනාවන්ත ලෙස හෙන්රි ක්‍රීඩකයින්ගේ පන්දු රැකීමේ දෝශයක් හේතුවෙන් සහිරා ක්‍රීඩයින් නැවතත් තම හැකියාවන් පෙන්වීමට සමත් විය. ඒ තවත් ගෝලයක් ලබා ගනිමින් තරගය ගෝල 2-2 ලෙස සම ස්ථානයකට ගෙන එමිනි.

සාන්ත හෙන්රි විද්‍යාලයේ ගෝල රකින ක්‍රීඩක උකතීශ්වරම් අමල්රාජ්ගේ ගෝල රැකීමේ අඩු ලුහුඩුකම් නිසාවෙන් සහිරා කණ්ඩායම හට පිළිතුරු ගෝල රැස් කිරීමේ හා දඬුවම් ගෝල රැස්කිරීමට හැකියාවක් ලැබුණු ආකාරයක් පෙනී යනු ලැබීය. මේ හේතුවෙන් සාන්ත හෙන්රී ක්‍රීඩකයන්ගේ අවසාන බලාපොරොත්තුව සුන් කර දමමින් දඬුවම් පහර අවස්තාවෙන් තරගය ජයග්‍රහණය කිරීමට සහිරා ක්‍රීඩකයින් සමත් විය.

තරගයේ විනිසුරු ආර්. ඒ. තරංග විසින් මොහොමඩ් ශාහීල් වෙත ලබා දුන් නිදහස් පහරකින් ලබා ගත් ගෝලයත් සමගින් ගෝල සටහන ගෝල 2-2ක් ලෙස සම කරන්නට  ශාහිල් සමත් විය.

අමල්රාජ් ක්‍රීඩා රටාවෙන් තොරව ක්‍රීඩා කරන ආකාරයක් පෙනී ගිය අතර අනෙක් කණ්ඩායමේ පුහුණුකරු සමඟ යම් වචන හුවමාරුවක් ද සිදු වූ ආකාරයක් පෙනී ගියේය. කෙසේ වෙතත් තරගයේ 91 වන මිනිත්තුවේදී ඉතා විශිෂ්ට ගෝල ලබා ගැනීමක් පී. ක්‍රිශාන්ත් විසින් සිදු කරනු ලැබීය. හෙන්රි ක්‍රීඩක කස්තෝරියන් සඳහා විනිසුරු තුමා විසින් කහ කාඩ්පතක් නිකුත් කරනු ලැබුවේ අනිසි හැසිරීම නිසාවෙනි.

මෙම තරගය නැරඹූ දකුණු පළාතේ ප්‍රධාන පුහුණුකාර වරයෙකු ප්‍රකාශ කර සිටියේ මෙම තරගය පාපන්දු සමාජ අතර පවත්වනු ලබන තරගයක දක්නට ලැබෙන තරග විලාසයක් දිස්වු බවයි.

මේ අතර තරගයේ පළමු ගෝල ලබා ගැනීම ල‍ෙසින් 40 වන මිනිත්තුවේදී සාන්ත හෙන්රි විද්‍යාලයේ ආර්. ඒ. මිතුස්තාන් විසින් ලබා ගත් ගෝලය කැපී පෙනුනි.

ප්‍රථම අර්ධය: සාන්ත හෙන්රි විද්‍යාලය 01 00 සහිරා විද්‍යාලය

දෙවන අර්ධයේ ආරම්භයත් සමඟ ආරක්ෂිතව පන්දුව හුවමාරු කර ගනිමින් සහිරා ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වූවත්, ප්‍රතිවාදී හෙන්රි ක්‍රීඩකයින් දක්ෂ අන්දමින් පන්දුව ලබා ගැනීම සදහා කටයුතු කරන ආකාරයක් දක්නට ලැබුණි. එහෙත් තරගයේ 60 වන මිනිත්තුවේදී මොහොමඩ් ආකීබ් විසින් සහිරා විද්‍යාලය වෙත තවත් ගෝල දිණුමක් ලබා දීමට සමත් විය. තම දිස්ත්‍රික්කයේ ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් සහයෝගයත් සමඟ කරට කර තරගයක් ලබා දෙන අන්දමක් දක්නට ලැබුණු අතර ඔවුන්ගේ අවාසනාවකටදෝ දඬුවම් පහර අවස්ථාවන් අහිමි වීමෙන් තරගයේ ජය සහිරා ක්‍රීඩකයින් විසින් හිමිකර ගන්නා ලදී.

පී. ක්‍රිශාන්ත් විසින් පන්දුව තම ප්‍රතිවාදී පිළෙන් ඈත්ව තවත් ගෝලයක් ලබා ගැනීම සදහා ආරක්ෂිතව යොමු  කිරීමට සූදානම් වූවද, අවසාන මිනිත්තුවේදී සහිරා ක්‍රීඩකයින් නැවතත් තම සුපුරුදු ක්‍රීඩා රටාව පෙන්වාලමින් තවත් ගෝලයක් රැස් කරගනිමින් තරගයේ ලකුණු සම කරන ලදී.

අවසන් ලකුණු – සාන්ත හෙන්රි විද්‍යාලය 02 02 සහිරා විද්‍යාලය

සහිරා කණ්ඩායම දඩුවම් පහර අවස්ථා 05න් 04ක් සාර්ථක කර ගැනීමට සමත් වූ අතර, ෆාරූඩ් ෆාස්, මොහොමඩ් මුර්ශිඩ්, මොහොමඩ් ආකිබ්, මොහොමඩ් නාසික් දඩුවම් පහර සාර්ථක කර ගත් ක්‍රීඩකයින් වේ.

හෙන්රි කණ්ඩායම වෙනුවෙන් බෙනඩික් අනෝජන් දඩුවම් පහරක් සාර්ථක කර ගත් එකම ක්‍රීඩකයා විය. සහිරා විද්‍යාලීය ගෝල රකින ක්‍රීඩක යූ. ආර්. රහමාන් විසින් සාර්ථකව හෙන්රි ක්‍රීඩකයින්ගේ දඩුවම් පහර අවස්ථා හතරක් ඔවුන්ට ගෝල ලබා ගැනීමකින් තොරව නිමා කරවීමට සමත් වූයේ කොළඹ සහිරා පාපන්දු කණ්ඩායමේ හැකියාවන් මැනවින් පෙන්වාලමින්.

ගෝල ලබා ගැනීම් –

  • සාන්ත හෙන්රි විද්‍යාලය- ආර්. මතුස්ටන් 40’, පී.ක්‍රිශාන්ත් 90+1’
  • සහිරා විද්‍යාලය – මොහොමෙඩ් අකිබ් 60’, මොහොමෙඩ් ෂහෙල් 90+3’

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට