අයිස් ක්‍රිකට්වලට ශ්‍රී ලංකාවේ ප්‍රබලයින් තුන්දෙනෙක්

359

පෙබරවාරි 8 වැනිදා සහ 9 වැනිදා ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් ප්‍රදේශය ආශ්‍රිතව පැවැත්වෙන අයිස් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් තේරී ඇත. මෙම ක්‍රිකට් තරගාවලිය මේ වර්ෂයේ පැවැත්වෙන අලංකාරවත්ම හා අපූර්වතම ක්‍රිකට් තරගාවලියක් බව සඳහන් කළ යුතුම වේ.

[rev_slider LOLC]

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් වන මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ශාන් හා ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග එම ක්‍රීඩකයින් තිදෙනා මීට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වේ.

ජීවන් මෙන්ඩිස්ට විස්සයි විස්ස වරම් හිමි වේ

පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් බංග්ලාදේශය සමඟ තරගාවලියට නම් කළ …

මෙම අයිස් ක්‍රිකට් තරගය සඳහා විරේන්ද්‍ර ශෙවාග්ගේ නායකත්වයෙන් යුතු ඩයමන්ඩ් ඉලෙවන් කණ්ඩායම හා ශාහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුතු රෝයල් ඉලෙවන්ස් යන කණ්ඩායම් දෙක තරග කරනු ලබන කණ්ඩායම් දෙකයි. ඒ අතරින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනාම ඩයමන්ඩ් ඉලෙවන් කණ්ඩායම නියෝජනය කිරීම කැපී පෙනෙන සිදුවීමකි.

මෙවැනි ආකාරයක තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර වර්ෂ 1988 දී සාන්ත මොරිස් විල අසල දී ද මෙවැනි අයිස් ක්‍රිකට් තරගාවලියක් පවත්වා ඇත.

මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ ක්‍රිකට් තණතීරුවට යටින් ශීත ජලය තිබීමයි. ඒ මතුපිට ඇති ඝන අයිස් තට්ටුව මෙම ක්‍රිකට් තරගාවලියේ තණතීරුව වන අතර ඒ මත සාමාන්‍යයෙන් ටොන් 200ක පමණ බරක් දරා ගැනීමට හැකිය. එසේම රතු පන්දුවෙන් ක්‍රීඩා කරනු ලබන මෙම තරගය සඳහා ක්‍රීඩකයින් සාමාන්‍ය ක්‍රීඩා සපත්තු වෙනුවට විශේෂිත සපත්තු යුගලක් භාවිතා කරනු ඇත. (එම ඝන අයිස් තට්ටුව බිදීමට ලක්විය හැකි නිසා)

දිවා කාලය තුල හොඳින් සූර්යාලෝකය තිබුණ ද එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක -20ක පමණ අවම මට්ටමක ඇත.

ලකුණු වැඩි වුණු චිතගොං තණ තීරුවේ ලකුණු කැපේ

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණු චිතගොං ක්‍රීඩාංගණයේ තණ තීරුව ක්‍රීඩා කිරීම සඳහා සුදුසු …

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ සඳහා අවසර ලබා දීමත් සමඟ මෙය ලොව පුරා විශාල ලෙස ව්‍යාප්ත කිරීමට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා.” යැයි වි. ජේ. ස්පෝර්ට් ආයතන හිමිකරු වන විජේ සිං මහතා ඉන්දියාවේ දී පවසා ඇත.

විරේන්ද්‍ර ශෙවාග්ගේ නායකත්වයෙන් යුතු ඩයමන්ඩ් කණ්ඩායම – විරේන්ද්‍ර ශෙවාග් (ඉන්දියාව), සාහීර් කාන් (ඉන්දියාව), මොහාමඩ් කයිෆ් (ඉන්දියාව), අජිත් අගාකාර් (ඉන්දියාව), මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව), ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව), තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව), මයිකල් හසී (ඕස්ට්‍රේලියාව), ඇන්ඩෲ සයිමන්ස් (ඕස්ට්‍රේලියාව), මිතුන් මන්හාස් (ඉන්දියාව), රමේෂ් පවර් (ඉන්දියාව), රොහාන් ජයින් (ස්විස්ටර්ලන්තය),

ශාහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුතු රෝයල් කිංග්ස් කණ්ඩායම – ශාහීඩ් අෆ්රිඩි (පාකිස්තානය), ශොයිබ් අක්තාර් (පාකිස්තානය), අබ්දුල් රසාක් (පාකිස්තානය), ජැක් කැලිස් (දකුණු අප්‍රිකාව), ග්‍රෑම් ස්මිත් (දකුණු අප්‍රිකාව), ඩැනියල් විටෝරි (නවසීලන්තය), නේදන් මැකලම් (නවසීලන්තය), ග්‍රනාට් එලියට් (නවසීලන්තය), මොන්ටි පන්සේර් (එංගලන්තය), ඕවායිස් ෂා (එංගලන්තය), මැට් ප්‍රියර් (එංගලන්තය), අයිඩ්න් ඇන්ඩෲස් (ස්විස්ටර්ලන්තය).

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<