දූෂණ චෝදනාව “ත්‍රිබල්” වෙයි

259

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව නැගෙන කාන්තා දූෂණ චෝදනාව ගැන දිගින් දිගටම පුවත් මැවෙමින් තිබේ. මේ වන විට වාර්තා වන්නේ තවත් චෝදනා තුනක් ඊට එක්වී ඇති බවයි.

පසුගිය සතියේ දී රොනාල්ඩෝ විසින් කැතරින් මයෝර්ගා නම් කාන්තාව එල්ල කළ දූෂණ චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ ඕනෑම පරීක්ෂණයකට තමන් සූදානම් බවයි. ඒ අතර ඔහුගේ වත්මන් කණ්ඩායම වන ජුවෙන්ටස් කණ්ඩායමේ පුහුණුකරු මැසිමෝ ඇලෙග්රි ද රොනාල්ඩෝ හොඳින් සිටින බව පවසා තිබුණි.

“රොනාල්ඩෝ හොඳින්” – ජුවෙන්ටස් පුහුණුකරු

“ඔහුට සිදුවුණු කරදරය ගැන කිව්වොත්, මම දැනට මාස තුනක ඉඳන් ඔහුව දන්නවා…” ජුවෙන්ටස් …

තත්වය සමථයකට පත්වෙමින් තිබිය දී සුපිරි පාපන්දු ක්‍රීඩකයාට තවත් චෝදනාවන් දෙකකට මුහුණ පාන්නට සිදුව තිබේ. කතරින් මයෝර්ගා පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරිය, ලෙස්ලි ස්ටෝවෝල් පවසන්නේ නව වින්දිතයන් ඇයට දුරකතනයෙන් අමතා සියල්ල හෙළි කළ බවයි. එක් කාන්තාවකට සාදයකින් අනතුරුව අතවරයක් සිදුව ඇති බවත්, තවත් කාන්තාවකට පහර දීමක් සිදුව ඇති බවත්, අනෙක් කාන්තාවට කැතරින් මයෝර්ගාට සමාන අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වූ බවත් කියැවේ.

පාපන්දු ලොවේ කිරුළු පළන් කුමාරයා

රුසියාවේ සිට ඇමරිකාවටත්, ශ්‍රී ලංකාවේ සිට නෝර්වේටත් ඔහු නොදන්නා කුඩා දරුවෙකු …

Der Spiegel නම් සතිපතා ජර්මානු සඟරාව හෙළිදරව් කරන පරිදි මේ කාන්තාවන් නිහඬ කිරීමට ඔවුන්ගේ අත්සන් සහිත ගිවිසුමක් රොනාල්ඩෝ විසින් තබාගෙන ඇත. මීට පෙර 2010 වසරේ දී ද 17 හැවිරිදි කාමුක නර්තන ශිල්පිනියකට තමන් හා එක්වීමට යුරෝ 4,000ක් රොනාල්ඩෝ විසින් ගෙවා ඇති බව සඳහන් වේ. 2005 වසරේ දී ද ඔහුට ලන්ඩන් නුවර දී සිදු වූ දූෂණයක් පිළිබඳ චෝදනා එල්ල වූ අතර පසුව ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය විසින් එය විමර්ශනය කොට ඔහුව නිදොස් කරනු ලැබීය.

රොයිටර් ඇසුරෙනි  

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<