ක්‍රිකට් නිලවරණයට පෙර නව කමිටු දෙකක්

114

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් තිදෙනෙකුගෙන් සමන්විත නිලවරණ කමිටුවක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු මෙහෙයවීම වෙනුවෙන් පස්දෙනෙකුගෙන් සමන්විත පරිපාලන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඊයේ (12) පියවර ගෙන ඇත.

එකට එක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව දෙවැනි තරගයට

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන සංචාරයේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (14) මහනුවර පල්ලෙකැලේ…

පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මහතා මීට සති කිහිපයකට ඉහත දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉහළ පෙළේ නිලධාරීන් සමඟ පැවැත්වුණු හමුවක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා අවසන් වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු මෙහෙයවීම වෙනුවෙන් කමිටුවක් පත් කරන බවට යම් එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු මෙහෙයවීම වෙනුවෙන් පහත නම් සඳහන් නිලධාරීන් ඇතුළත් කරමින් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටුව

  • ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස්
  • සමන්ත රාජපක්ෂ
  • මොහොමඩ් හිෂාම් ජමාල්ඩීන්
  • රනිල් පතිරණ
  • ලසන්ත වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි වැඩ බලන්න කමිටු තුනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා එය ස්ථාවර වන තෙක් එහි පරිපාලන කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ක්‍රිකට් ආයතනයේ සාමාජික සංගම්වල එක් නියෝජිතයෙකුගෙන්…

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ඇතුළු එහි මූලික වැඩකටයුතු සිදු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නව නිලවරණ කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙන අතර ඊයේ (12) කොළඹ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමේ දී එම නිලධාරීන් පත්වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව නිලවරණ කමිටුව

  • හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක
  • හිටපු මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න
  • අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙක් වන සුනිල් සිරිසේන මහතා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <