තරග පාවාදීමකින් හොංකොං ක්‍රිකට් උණුසුම් වේ

258

හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් වන ඉර්ෆාන් අහමඩ්, නදීම් අහමඩ් හා හසීබ් අම්ජාඩ් යන ක්‍රීඩකයින් තිදෙනා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති 19ක් කඩ කර ඇති බව අනාවරණය වී ඇති නිසාවෙන් ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබේ.

ඉර්ෆාන් අහමඩ් යන ක්‍රීඩකයා විසින් නීති 9ක් කඩ කර තිබෙන අතර අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා නීති 5 බැගින් කඩ කර තිබෙන බවටයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ආසියානු අනුශූරයින් සමඟ සටනට බංග්ලාදේශය මෙරටට

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න්…

ඉර්ෆාන් අහමඩ් විසින් පහත දැක්වෙන කරුණු කඩ කර තිබේ.

2012 පනතේ 2.1.1 වගන්තිය – තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම – 2014 ජනවාරි 13 දින ස්කොට්ලන්තය සමග පැවති තරගයක දී.

2012 පනතේ 2.4.2 වගන්තිය – 2014 ජනවාරි 13 දින ස්කොට්ලන්තය සමඟ පැවති තරගය සම්බන්ධව තරග පාවාදීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

2012 පනතේ 2.1.1 වගන්තිය –  තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම – 2014 ජනවාරි 17 දින කැනඩාව සමග පැවති තරගයක දී.

2012 පනතේ 2.1.3 වගන්තිය – 2014 ජනවාරි 17 දින කැනඩාව සමඟ පැවති තරගයේ දී සිය ශක්‍යතාවයක් (for reward, to perform to one’s abilities) ඉටු කිරීමට අසමත් වීම.

2012 පනතේ 2.4.2 වගන්තිය – 2014 ජනවාරි 17 දින කැනඩාව සමඟ පැවති තරගය සම්බන්ධව තරග පාවාදීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

2012 පනතේ 2.1.2 වගන්තිය – 2014 මාර්තු 12 වන දින හොංකොං හා සිම්බාබ්වේ තරගයේ අවසන් ප්‍රතිඵලය, තරගය අතරතුර හැසිරීම හෝ වෙනත් ඕනෑම ආකාරයක බලපෑමක්, වෙනත් ආකාරයේ ත්‍යාගයක් පිළිගැනීම, ලබා ගැනීම හෝ පිළිගැනීමට එකඟ වීම.

වසර 11කට පසුව දඹුල්ලට එන මහත්වරුන් පිළිගැනීමට සිංහයින් සීරුවෙන්?

වසර 36ක ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට්…

2014 පනතේ 2.1.3 වගන්තිය – 2015 ජූලි මස ICC ලෝක විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවති තරගාවලිය අතරතුර යම් තරගයක අවසන් ප්‍රතිඵලය, තරගය අතරතුර හැසිරීම හෝ වෙනත් ඕනෑම ආකාරයක බලපෑමක්, වෙනත් ආකාරයේ ත්‍යාගයක් පිළිගැනීම, ලබා ගැනීම හෝ පිළිගැනීමට එකඟ වීම.

2014 පනතේ 2.4.4 වගන්තිය – 2015 ජූලි මාසයේ ICC ලෝක විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවති තරගාවලිය අතරතුර නොමනා ලෙස හැසිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

2014 පනතේ 2.1.3 වගන්තිය – 2016 ICC ලෝක විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර යම් තරගයක අවසන් ප්‍රතිඵලය, තරගය අතරතුර හැසිරීම හෝ වෙනත් ඕනෑම ආකාරයක බලපෑමක්, වෙනත් ආකාරයේ ත්‍යාගයක් පිළිගැනීම, ලබා ගැනීම හෝ පිළිගැනීමට එකඟ වීම.

නදීම් අහමඩ් විසින් පහත දැක්වෙන කරුණු පහ කඩ කර තිබේ

2012 පනතේ 2.1.1 වගන්තිය – තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම – 2014 ජනවාරි 13 දින ස්කොට්ලන්තය සමඟ පැවති තරගයක දී.

2012 පනතේ 2.4.2 වගන්තිය – 2014 ජනවාරි 13 දින ස්කොට්ලන්තය සමඟ පැවති තරගය සම්බන්ධව තරග පාවාදීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

2012 පනතේ 2.1.1 වගන්තිය –  තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම – 2014 ජනවාරි 17 දින කැනඩාව සමඟ පැවති තරගයක දී.

2012 පනතේ 2.4.2 වගන්තිය – 2014 ජනවාරි 17 දින කැනඩාව සමඟ පැවති තරගය සම්බන්ධව තරග පාවාදීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

2014 පනතේ 2.1.3 වගන්තිය – 2016 ICC ලෝක විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර යම් තරගයක අවසන් ප්‍රතිඵලය, තරගය අතරතුර හැසිරීම හෝ වෙනත් ඕනෑම ආකාරයක බලපෑමක්, වෙනත් ආකාරයේ ත්‍යාගයක් පිළිගැනීම, ලබා ගැනීම හෝ පිළිගැනීමට එකඟ වීම.

තුන් ඉරියව් ක්‍රීඩක හසීබ් අම්ජාඩ්  වීසින් පහත දැක්වෙන කරුණු පහ කඩ කර තිබේ

2012 පනතේ 2.1.1 වගන්තිය – තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම – 2014 ජනවාරි 13 දින ස්කොට්ලන්තය සමඟ පැවති තරගයක දී.

2012 පනතේ 2.4.2 වගන්තිය – 2014 ජනවාරි 13 දින ස්කොට්ලන්තය සමඟ පැවති තරගය සම්බන්ධව තරග පාවාදීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

2012 පනතේ 2.1.1 වගන්තිය –  තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම – 2014 ජනවාරි 17 දින කැනඩාව සමඟ පැවති තරගයක දී.

2012 පනතේ 2.4.2 වගන්තිය – 2014 ජනවාරි 17 දින කැනඩාව සමඟ පැවති තරගය සම්බන්ධව තරග පාවාදීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

2012 පනතේ 2.1.3 වගන්තිය – 2014 ජනවාරි 17 දින කැනඩාව සමඟ පැවති තරගයේ දී සිය ශක්‍යතාවයක් (for reward, to perform to one’s abilities) ඉටු කිරීමට අසමත් වීම.

මේ සියලුම ක්‍රීඩකයින් සඳහා 2018 වසරේ ඔක්තෝබර් 8 සිට දින 14ක කාලයක් සිය නිරවද්‍යතාවය ඔප්පු කිරීම වෙනුවෙන් ලබා දෙන අතර ඉන් අනතුරුව ඔවුන්ට ලබා දෙන දඬුවම් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවසන් තීරණයකට එළඹෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<