දික්වැල්ල, තිසර සහ උදාන කැනඩාවට වෙන්දේසි වේ

8793

දෙවන වතාවටත් පැවැත්වෙන ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (20) පැවැත්වුණු අතර එහි දී තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල හා ඉසුරු උදාන යන ක්‍රීඩකයින් වෙන්දේසියේ දී අලෙවි වී ඇත.

දැවැන්ත ශතකයක් සමඟින් වෝනර් වීරයා වෙයි

ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව …….

ජූලි 25 වැනිදා ආරම්භ වන මේ තරගාවලිය අගෝස්තු මස 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගී වන අතර කැනඩාවේ නගර නියෝජනය කරමින් මොන්ට්‍රියල් ටයිගර්ස්, එඩ්මන්ටන් රෝයල්ස්, විනිපෙග් ඊගල්ස්, වැන්කුවර් නයිට්ස්, බ්‍රාම්ප්ටන් වොල්ෆ්ස් හා ටොරෙන්ටෝ නැෂනල්ස් යන කණ්ඩායම් හය තරග වදිනු ඇත.

ගියවර තරගාවලිය සඳහා කැනඩාව නියෝජනය කරමින් ප්‍රාන්ත කණ්ඩායම් 5ක් හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමින් එක් කණ්ඩායමක් සහභාගී වූ නමුත් මෙවර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම වෙනුවට කැනඩාවේ තවත් නගරයක් තෝරාගෙන ඇත. එම කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා එක්වන්නේ බ්‍රාම්ප්ටන් වොල්ෆ්ස් යන නමිනි.

ක්‍රීඩක වෙන්දේසියේ මුල් වට කිහිපයේ දී ම තිසර පෙරේරාව (ඇමරිකන් ඩොලර් 90,000කට) මොන්ට්‍රියල් ටයිගර්ස් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබූ අතර ඉසුරු උදාන (ඇමරිකන් ඩොලර් 40,000කට) හා නිරෝෂන් දික්වැල්ල (ඇමරිකන් ඩොලර් 25,000කට)  යන ක්‍රීඩකයින් ද එම කණ්ඩායම විසින්ම මිල දී ගැනීම සුවිශේෂී සිදුවීමකි.

“චන්දිමාල් හා දික්වැල්ල නැති එක ගැන පුදුමයි” – හිටපු පුහුණුකරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පසුගිය වසර කිහිපය ……

කෙසේ නමුත් පසුගිය තරග  කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග හා දසුන් ශානක මෙවර පැවැත්වුණු වෙන්දේසියේ දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගෙන තිබීම තවත් එක් සුවිශේෂී සිදුවීමකි.

එසේම මොන්ට්‍රියල් ටයිගර්ස් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක සුනිල් නාරයින් වැනි ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ඇති ක්‍රීඩකයින් සිය කණ්ඩායමට එක් කරගන්නා ලදි. තවද පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං නැවත වතාවක් ක්‍රිකට් පිටියට පැමිණ ඇත්තේ ටොරෙන්ටෝ නැෂනල්ස් කණ්ඩායම විසින් ඔහුව මිල දී ගෙන තිබෙන නිසාවෙනි.

Video – අපිට දැන් නැතිවෙන්න දෙයක් නැහැ – ඉසුරු උදාන

12 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ……….

තවද ක්‍රිස් ගේල්, ජේ. පි. ඩුමිනි, බ්‍රෙන්ඩන් මැකලම්, ෆෆ් ඩු ප්ලේසී, ඩැරන් සැමී, ඩ්වෙන් බ්‍රාවෝ, ඇන්ඩෘ රසල්, ශකිබ් අල් හසන්, කේන් විලියම්සන්, කිරන් පොලාඩ් හා ක්‍රිස් ලින් වැනි සුපිරි ක්‍රීඩා තරු රැසක් ද මෙම වෙන්දේසියේ දී කණ්ඩායම් කිහිපයක් වෙත බෙදී ගියේය.

පසුගිය වසරේ පළමු වතාවට පැවැත්වුණු ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ වැන්කුවර් නයිට්ස් කණ්ඩායම විසිනි.

සම්පූර්ණ සංචිත:

මොන්ට්‍රියල් ටයිගර්ස් – ජෝර්ජ් බෙයිලි, සුනිල් නාරයින්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ඉසුරු උදාන, ෆවාඩ් අහමඩ්, කීමෝ පෝල්, මුහමඩ් නවීඩ්,කයිල් කෝටේසර්, මැතිව් ක්‍රොස්, නිස්කට් කාන්, ස්ටීවන් ටේලර්, ඩිලෝන් හෙලින්ගර්, නිඛිල් ඩුටා, බුපින්ඩර් සිං, අර්ස්ලාන් කාන්, යැක් පටෙල්, ටොම් මූඩි (පුහුණුකරු).

එඩ්මන්ටන් රෝයල්ස් – කේන් විලියම්සන්, ෆෆ් ඩු ප්ලේසි, බෙන් කටින්, ශදබ් කාන්, මුහමඩ් නවාස්, ශ්‍රෙෆාන් රතර්ෆර්ඩ්, ජේම්ස් නිෂාම්, සෆ්යාන් ෂරීෆ්, අනුශ්මන් රාත්, රිචී බෙර්න්ගටන්, එශාන් නවාස්, කයිල් පිල්, ඩේව් ජෝකොබ්ස්, නව්නීත් ධලිවාල්, අකාෂ් ගිල්, ශාෂාඩ් අහමඩ්සායි, සතිස්ම්රන්ජිත් දින්සා, ස්ටීවන් ෆ්ලෙමින් (පුහුණුකරු).

විනිපෙග් ඊගල්ස් – ක්රිස් ලින්, ජේ.පි. ඩුමිනි, ඩ්වෙන් බ්රාවෝ, ඩ්වෙන් ස්මිත්, උමාර් අක්මාල්, රයාඩ් අම්රිත්, නජිබුල්ල සද්රාන්, හම්සා තාරික්, රොමේෂ් එරංග, පෝල් වෑන් මෙක්රෙන්, වරුන් ශේදව්, සොම්පල් කාමී, රමීස් ශශාඩ්, ශයිමාන් අන්වර්, සනී සොහාල්, කලීම් රහීම්, උමෙයිර් ගානී, ලාල්චන්ට් රාජ්පුත් (පුහුණුකරු)

වැන්කුවර් නයිට්ස් – ක්රිස් ගේල්, ඇන්ඩෘ රසල්, ෂොයිබ් මලික්, ටිම් සවුතී, රාසී වැන්ඩර් ඩුසෙන්, චැඩ්වික් වෝල්ටන්, ඩැනියල් සෑම්ස්, හේයිඩ්න් වොල්ෂ්, ජේජේ ස්මිත්, ටෝබියස් වයිසේ, මයිකල් රිපන්, අලි ඛාන්, සසාඩ් සාෆ්ර්, රිස්වාන් චීමා, රයන් පතන්, හර්ෂ් තාකීර්, මැතිව් නාන්ඩු, ඩොන්වන් මිලර් (පුහුණුකරු)

ටොරෙන්ටෝ නැෂනල්ස් – යුවරාජ් සිං, බ්රෙන්ඩන් මැකලම්, කිරන් පොලාඩ්, ට්රෙන්ට් බෝල්ට්, හෙන්රික් ක්ලාසෙන්, මන්ප්රීට් ගෝනි, ක්රිස් ග්රීන්, සංදීප් ලැමිචේන්, කාලම් මැක්ලියඩ්, චිරාග් සූරි, ගුලාම් ශාබීර්, ජස්දීප් සිං, ජෙරමි ගෝර්ඩ්න්, රවීන්ද්රපල සිං, සල්මාන් නසීර්, මාකර් මොන්ෆර්ඩ්, රොද්රිගෝ තෝමස්, ජෙෆ් ලෝසන් (පුහුණුකරු)

බ්රාම්ප්ටන් වොල්ෆ්ස් (නව කණ්ඩායම) – ඩැරන් සැමී, ෂකීබ් අල් හසන්, කොලින් මන්රෝ, ශහීඩ් අෆ්රිඩි, වහබ් රියාස්, ලෙන්ඩ්ල් සයිමන්ස්, ඇන්ඩෘ ෆලේචර්, බාබර් හයිට්, ජෝර්ජ් මන්සී, රොහාන් මුස්තාෆා, සහූර් ඛාන්, ටිලිල් පටෙල්, නිතීෂ් කුමාර්, අබ්රාශ් ඛාන්, අර්මාන් කපූර්, ෆයිසාල් ජමක්න්ඩි, නවාබ් සිං, පිල් සයිමන්ස් (පුහුණුකරු)

මෙම තරගාවලිය පුරා තරග 22ක් පැවැත්වෙන අතර අගෝස්තු 11 වැනිදා අවසාන මහා තරගය පැවැත්වෙනු ඇත. සියලු තරග ටොරෙන්ටෝ නගරයට උතුරෙන් ඇති මේපල් ලීෆ් ක්‍රිකට් සමාජයේ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන අතර අසුන් 7000ක සිට ප්‍රේක්ෂකයින් හට තරග නැරඹීමට හැකි වන ලෙස එම ක්‍රීඩාංගණය නවීකරණය කරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<