තිසර පෙර්රා, සෝධී, ෆර්ගසන් එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

237

නවසීලන්ත යොවුන් ක්‍රීඩක ලෝකි ෆර්ගසන්, ඉෂ් සෝධි හා තිසර පෙරේරා නවතම ICC එක්දින ශ්‍රේණිගත කිරීම් හි ඉහළට පැමිණීමට සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් තරමක් පුදුම හිතෙන සංචිතයක්

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මේ මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත තරග….

නිමා වූ නවසීලන්ත සංචාරයේ දී දැක්වූ සුපිරි දක්ෂතා නිසා ශ්‍රී ලංකා පිළේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ICC පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ස්ථාන 22 ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති අතර ඔහු සිය ක්‍රීඩා දිවියේ ලද ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 509 ක් වාර්තා කරමින් ශ්‍රේණිගත කිරීම් වල 65 වන ස්ථානයේ පසු වෙනවා. තිසර පෙරේරා නවසීලන්තය සමඟ පැවැති තරග 3කින් යුත් එක් දින තරගාවලියේ දී ලකුණු 240 ක් රැස් කළේ දෙවන තරගයේ පන්දු 74 තුළ ලකුණු 140ක දැවැන්ත ඉනිමක් ද දියත් කරමිනි.

පන්දු යැවීමේ අංශයෙන් නවසීලන්ත ක්‍රීඩකයින් වන ඉෂ් සෝධි හා ලෝකි ෆර්ගසන් ICC පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 31 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව ඇත. ඉෂ් සෝධී තරගාවලිය පුරාවට කඩුලු අටක් දවා ගත් අතර ඔහු ස්ථාන 26 කින් ද වේග පන්දු යවන ක්‍රීඩක ෆර්ගසන් ඉනිම දෙකක දී කඩුලු 6 ක් ලබාගෙන ස්ථාන 12 කින් ද ඉදිරියට පැමිණ සිටිනවා. සුපිරි ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා, ලසිත් මාලිංග ස්ථාන තුනකින් ඉදිරියට පැමිණ 46 වන ස්ථානයේ රැඳී සිටින අතර ලක්ෂාන් සඳකැන් 124 වන ස්ථානයට පත් ව ඇත්තේ ස්ථාන 14 කින් ඉදිරියට පැමිණීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාවට හිසරදයක් වූ ජිමී නිෂම් ඊළඟ තරගයට නැහැ

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජිමී නිෂම් හට ශ්‍රී ලංකාව සමඟ සිකුරාදා…

තරගාවලිය ජය ගත්තත් ශ්‍රේණිගත කිරීම් හි පල්ලම් බසින්නට අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 132ක් රැස්කරගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් හට සිදු වුනා. ඒ ඔහු 10 වන ස්ථානයේ සිටිය දී දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩි කොක් විසින් විලියම්සන්ව පසු කිරීමට සමත් වීමත් සමඟයි. ධනුෂ්ක ගුණතිලක ඉනිම තුනේ දී ලකුණු පිළිවෙළින් 43, 71 හා 31 ක් බැගින් රැස් කළ අතර ඔහු පියවර .11 ක් ඉදිරියට පැමිණ 82 වන ස්ථානයේ රැඳී සිටිනවා.

එක් දින තරග ආකෘතියේ පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි අනෙකුත් ස්ථානයන් වල කිසිඳු වෙනසක් සිදු වී නොමැති අතර විරාට් කෝලි හා රෝහිත් ශර්මා තවමත් පළමු හා දෙවන ස්ථාන වල පසු වෙනවා. තරඟ තුනක දී කඩුලු තුනක් පමණක් රැස් කරගත් ට්‍රෙන්ට් බෝල්ට් ඔහු කලින් සිටි ස්ථානයේ සිට පියවර දෙකක් පහළට වැටී ඇත.

තුන් ඉරියව් ක්‍රීඩකයින් අතුරින් ඉෂ් සෝධි සැලකිය යුතු පියවර ගණනක් ඉදිරියට පැමිණීමට සමත් වී සිටින්නේ ස්ථාන 23 ක් පසුකොට විත් 85 වන ස්ථානයේ නැවතෙමින් ය. තිසර පෙරේරා මෙම ලැයිස්තුවේ 23 වන ස්ථානයේ ද ලක්ෂාන් සඳකැන් එහි 127 වන ස්ථානයේ ද සිය නම් සටහන් කරගෙන සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<