තිසරගේ හිසේ පන්දුවක් වදියි

11572

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර අතිශය තීරණාත්මක තරගයක් හෙට (12) දිනයේ පැවැත්වීමට නියමිතව තිබිය දී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ හිසේ පන්දුවක් වැදී ඇති බව එංගලන්තයෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි. හෙට තරගය පැවැත්වීමට නියමිත කාඩිෆ් ක්‍රීඩාංගණයේ දී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණුවීම්වල නිරත වෙමින් සිටිය දී මෙම අවස්ථාවට මුහුණ පා තිබේ. ඒ ඊයේ (10) දිනයේදීයි.

[rev_slider ct17-dsccricket]

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිළේ වාසනාවට එතරම් දරුණු ගණයේ ආබාධයක් මෙම පන්දුව වැදීම නිසා තිසරගේ හිසට සිදු වී නොමැති අතර ඔහු මේ වන විට වෛද්‍යවරුන්ගේ දැඩි අවධානය යටතේ පසුවෙයි. කෙසේ වෙතත් පන්දුව ගැටුණු ස්ථානයේ යම් තරමක තැලීමක ලකුණු පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දිගින් දිගටම තිසර පෙරේරාට අවශ්‍ය සියලු වෛද්‍ය පහසුකම් ආදිය ලබා දෙමින් සිටියි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට