තිසරට හමුදාවෙන් ලොකු තනතුරක්!

86

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තිසර පෙරේරා හට ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ මේජර් තනතුරක් පිරිනමා තිබෙනවා. 

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනාවකට අනුව යුද හමුදාව සඳහා බැදුණු බව තිසර පෙරේරා සිය Twitter ගිණුමේ සටහනක් දමමින් ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වන පෙරේරා මෙය සිය ජීවිතයේ ලද විශාලතම ජයග්‍රහණයක් බව ද සඳහන් කර තිබුණි.

නායක දිමුත් ICC පළමු 10න් ඇද වැටෙයි?

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථාන 10 න් ඉවතට ඇද වැටී තිබේ. ඒ නිමාවූ පාකිස්තාන සංචාරයෙන් පසුව ය. එහිදී ශ්‍රී ලංකාව තරග ……….

තිසර පෙරේරා මේ වන විටත් යුද හමුදාව වෙනුවෙන් සිය ප්‍රථම තරගය ක්‍රීඩා කළේ අසේල ගුණරත්නගේ නායකත්වය හමුවේය. ඒ ශ්‍රී ලංකා ආරාධිත සීමිත පන්දුවාර තරගාවලියේ අර්ධ අවසන් තරගය සඳහා සහභාගී වෙමිනි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල් ද මේ වසරේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකාය සමඟ සම්බන්ධ වූයේ යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<