තිලිණ, ලොව හොඳම තිදෙනා අතරට

1712

Picture 1

ඕස්ට්‍රේලියානු iCompete natural සමාජය මඟින් සංවිධානය කරන ලද ලෝක ආධුනික ශක්තිවන්තයන්ගේ තරගාවලිය (World pro fitness) තුළදී ලොව තෙවන ස්ථානය ලබාගන්නට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙකු වන තිලිණ සසංක චන්ද්‍රපාල, පසුගිය 24 වැනිදා සමත් විය. තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේ ෆුකට් නුවරදී යි.

Thilina

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ප්‍රාන්ත කායවර්ධන තරඟවලදී පිට පිටම ජයග්‍රහණ හතක් වාර්තා කරමින් විදේශිකයන් පවා මවිත කොට, ලොව දකුණු අර්ධ ගෝලයේ Men’s fitness අංශයේ නැගී එන තරුව බවට පත්වී අවසන් ය.

ඕස්ට්‍රේලියාව දිග්විජය කළ ශ්‍රී ලාංකික තරුණයා – තිලිණ සසංක

තිලිණ සසංක, ශ්‍රී ලංකාවෙන් බිහිවූ නවතම කායවර්ධන තරුවයි. ශ්‍රී ලංකාවේ ඉපිද,මූලික අධ්‍යාපනය ලැබූ ඔහු මේ වනවිට ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරය. ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ප්‍රාන්ත කායවර්ධන තරඟවලදී පිට පිටම ජයග්‍රහණ හතක් වාර්තා කරමින් විදේශිකයන් පවා මවිත කළ…

“මේ  තමයි මෙතෙක් මං තරගාවලියක් වෙනුවෙන් සිදුකළ අපහසුම සූදානම් වීම. මං කොහොමහරි ඒක කළා. ගයාන් පෙරේරා කියන සුපිරි පුහුණුකරුවාව මේ වෙලාවේ සිහිකරනවා. හිරාන් බදුල්ලගේ සහ සන්තික තේනුවර කියන මිත්‍රයන් දෙදෙනා තමයි මට මාස 18කට කලින් මේ තරගාවලියට සහභාගී වෙන්න යැයි කිව්වේ. ඔබ සියළුදෙනාගේ සහය ලබන්නට මම වාසනාවන්ත වී තිබෙනවා.” තරගාවලියෙන් අනතුරුව තිලිණ සමාජ වෙබ් අඩවියක් මත සටහන්කොට තිබිණි.

ලොව දකුණු අර්ධ ගෝලයේ ශරීර සුවතාවය අගය කරන්නන් අතර ප්‍රසිද්ධියට පත්ව ඇති තිලිණ සමාජ වෙබ් අඩවි තුළ ආධුනිකයන්ට උපදේශන කටයුතුද සිදුකරයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට