ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුර තිලාන් සමරවීරට

1985

හිටපු ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කර ඇති බව අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් ThePapare.com වෙත වාර්තා වේ. තිලාන්ගේ පත්වීම 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වන තුරු බලපැවැත්වෙනු ඇති.

චමරි අතපත්තුට තවත් ඉතිහාසගත අවස්ථාවක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු, ඕස්ට්‍රේලියානු කාන්තා බිග්…

හතලිස් වන වියේ පසුවන තිලාන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 81ක දී ලකුණු 5000 ඉක්මවා රැස් කරගෙන තිබුණේ ලකුණු 48 ඉක්මවන සාමාන්‍යයක් ද රඳවා ගනිමිනුයි.

2013 වසරේ ජනවාරි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් තිලාන්, ඉන් අනතුරුව එංගලන්ත ප්‍රාන්ත තරගාවලියකින් සහ බංගලාදේශ දේශීය ක්‍රිකට් තරගාවලියකින් පසු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූයේ එම වසරේම අවසන් භාගයේ දී යි. ඔස්ට්‍රේලියාවේ දී පුහුණුකරුවකු ලෙස වැඩ ආරම්භ කළ තිලාන්ගේ සුදුසුකම් ලැයිස්තුවේ ඉහළින්ම සටහන්ව තිබෙන්නේ බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමයි.

එළඹෙන සඳුදා මෙරටට පැමිණීමට නියමිත තිලාන් එතැන් පටන් තම නව තනතුරේ වැඩ ආරම්භ කිරීමට සූදානම් වන අතර ඔහුගේ පළමු අභියෝගය වන්නේ තවත් දින කිහිපයකින් ඇරඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට පිතිකරුවන් සූදානම් කිරීමයි. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ පන්දු වාර 20 ක්‍රිකට් තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

‘Dialog’ ක්‍රිකට් සම්මාන උළෙලේ දී හේරත්ට සහ ගුණරත්නට ඉහළ පැසසුම්

කාන්තා ක්‍රිකට් (පන්දුවාර 20 – පළමු කාණ්ඩය) හොඳම පිතිකාරිණිය – ප්‍රසාදිනී වීරක්කොඩි (නාවික හමුදා ක්‍රී.ස.) හොඳම පන්දු…

ග්‍රැහැම් ෆෝර්ඩ් තනතුරෙන් ඉල්ලා අස් වීමත් සමඟ අවිශ්ක ගුණවර්ධන සහ හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුර පිරවීම සඳහා කටයුතු කර තිබුණි. ඔවුන් පුහුණුකරුවන් ලෙස වැඩි දුර හැදෑරීමක් සඳහා පාඨමාලාවකට යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<