ධනංජයගේ තැනට කිසිවෙකු නැහැ

1179

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ධනංජය ද සිල්වාගෙන් හිස්වන ශ්‍රී ලංකා සංචිතයේ පුරප්පාඩුවට කිසිවෙකු නම් නොකරන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩයම අද (25) කොදෙව් සංචාරයට පිටත්ව යෑමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වීමට පැය 12කටත් අඩු කාලයක් තිබිය දී ඊයේ (24) රාත්‍රියේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා අවාසනාවන්ත වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ දී  ජිවිතක්ෂයට පත්වූ බව වාර්තා විය.

ධනංජයගේ පියාට වෙඩි ප්‍රහාරයක්

මොරටුව ප්‍රදේශයේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්…

“ධනංජය වෙනුවට කිසිවෙකුත් ඇතුල් කරන්නේ නැහැ” ක්‍රිකට් ආයතනයේ බලධාරියෙක් AFP පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණි. “ක්‍රීඩකයින් 17 දෙනෙකු වෙනුවට ක්‍රීඩකයින් 16 දෙනෙක් කොදෙව් සංචාරයට එක්වේවි.”

“මගේ මිතුරනි, සහෝදර ක්‍රීඩකයිනී, ලොව පුරා ක්‍රිකට් රසිකයිනි, මම මගේ පවුල වෙනුවෙන් ඔබට දැනුම් දෙනවා මගේ ආදරණීය පියා වූ රන්ජන් ද සිල්වා මහතා ඊයේ රාත්‍රියේ අකාලයේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ වග. මේ සියල්ල සිදු වූයේ මා ඉතා වැදගත් කොදෙව් සංචාරයට යෑමට කෙටි වෙලාවක් ඉතිරිව තිබිය දී. මගේ මව හා මගේ පවුල වෙනුවෙන් ඔබේ ප්‍රාර්ථනාවලින් අපිට සහයෝගය ලබා දෙන්න, මීළඟ දින කිහිපය තුල අපට වේදනාකාරී වෙනස්කම් රාශියකට මුහුණ දීමට සිදුවේවි. කරුණාකර මේ ශෝකජනක මොහොතේ අපේ පෞද්ගලිකත්වය අගය කරන්න, ඔබේ කනගාටුවට, සියලුම, මාධ්‍ය  ඔස්සේ ඔබ එවූ පණිවුඩවලට ස්තුතියි, මම ශ්‍රී ලංකාවේ කොදෙව් සංචාරයට සුබ පතනවා, – කොල්ලනේ මම ඔබත් එක්ක නැති වුනත් මගේ හදවත තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම සමඟයි.” ප්‍රකාශයක්  නිකුත් කරමින් සංචාරයෙන් ඉවත් වූ ධනංජය ද සිල්වා පැවසීය.

>> ශ්‍රී ලංකාව සමඟ හැප්පෙන කොදෙව් සංචිතය නිකුත් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ධනංජය ද සිල්වාට හා ඔහුගේ පවුලේ සැමට සිය ශෝකය පල කළ අතර ධනංජය සංචාරයට එක්නොවන බව තහවුරු කර සිටියේය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ අවස්ථාවේ දී ධනංජයට හා ඔහුගේ පවුලට සහය විය හැකි සෑම ආකාරයෙන්ම සහය වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා.” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා  පැවසිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<