2019ත් ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා සාන්ත පීතර විදුහලෙන්!

246

2019 ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා ලෙස අභිෂේක ලබන්නට සාන්ත පීතර විදුහල් ක්‍රීඩක රවීන් ප්‍රනාන්දු සමත්විය. එක් පාසලකින් එක් ක්‍රීඩකයෙකු බැගින් පාසල් 16කින් ඉදිරිපත් වූ ක්‍රීඩකයින් 16 දෙනෙකු අතරින් මනාප 32,339ක් සමඟින් රවීන් ප්‍රනාන්දු පළමුවැන්නා බවට පත්වන්නේ වෙස්ලි ක්‍රීඩක මුර්ෂිඩ් සුබෙයිර් දෙවැනි ස්ථානයට පත් කරමිනි. සුබෙයිර් වෙනුවෙන් ලැබී තිබූ මනාප සංඛ්‍යාව 27,198ක්.

CR&FC කණ්ඩායම දුෂාන්ත් ලෙව්කේගේ භාරයට

ශ්‍රී ලංකාවේ හිටපු ජාතික නායක හා 2019 පාසල් රග්බි ලීගයේ ජයග්‍රාහී පුහුණුකරු දුෂාන්ත් ලෙව්කේ…

2016 වසරේ සාන්ත තෝමස් විදුහලේ දක්ෂ රග්බි ක්‍රීඩකයෙකු වූ නවීන් හේනකන්කනමගේ, 2017 මරදාන සහිරා විදුහල වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකු වන යුස්රාන් ලන්ත්‍රා සහ 2018 වසරේ දී සාන්ත පීතර ක්‍රීඩකයින් වෙනුවෙන් කැප වී ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු වන ජේසන් කරුණාරත්න ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබූවන් වෙයි. පසුගිය වසරේ දී මෙන්ම මේ වසරේ දී සාන්ත පීතර විදුහලේ ක්‍රීඩකයෙකු ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබීම විශේෂත්වයකි.

සිංගර් සත් සාමාජික තරගාවලිය වෙනදාට වඩා පස්සට යයි

සිංගර් අන්තර් පාසල් 19න් පහළ සත් සාමාජික තරග සහ කනිෂ්ඨ අංශයේ තරග කාලසටහන් ශ්‍රී ලංකා…

ජනප්‍රියතම ක්‍රීඩකයා තේරීම වෙනුවෙන් මනාප පලකිරීම ජුනි 6 මස වැනිදා පස්වරු 3.00 ආරම්භ වූ අතර රග්බි රසිකයින්ට ජූලි මස 10 වැනිදා දක්වා මනාප පලකිරීමට අවස්ථාව ලබා දී තිබුණි. අදියර දෙකක් යටතේ පැවති මනාප පළකිරීම සඳහා පෙර වසරට සාපේක්ෂව වැඩි ප්‍රේක්ෂකයින් පිරිසක් එකතු වී තිබුණි. 

ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා තරගයේ ප්‍රථම ස්ථාන පහට ලැබුණු මනාප සංඛ්‍යාව පහත පරිදි වේ.

  • රවීන් ප්‍රනාන්දු – සාන්ත පීතර විදුහල – මනාප 32,339
  • මුර්ෂිඩ් සුබෙයිර් – වෙස්ලි විදුහල – මනාප 27,198
  • සෙයිඩ් තාජුදීන් – සහිරා විදුහල – මනාප 19,754
  • ලලංක විජේසුන්දර – ඩී. එස්. සේනානායක විදුහල – මනාප 12,254
  • ෆාදිල් අදහන් – රාජකීය විදුහල – මනාප 3,272

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<