ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා මෙවරත්

639

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට සමගාමීව අඛණ්ඩව 6 වැනි වරටත් “ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා” තරගය පැවැත්වීමට තීරණය කර ඇත.

2014 වසරේ දී ආරම්භ වූ මෙම තරගය ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාලෝලීන්ට තමන්ගේ පාසලේ තමන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා “ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා” ලෙස අභිෂේක ගන්වන්නට අවස්ථාව සලසා දී තිබේ.

එසේම මෙවර කුසලාන ශූරතාවය මෙන්ම පළඟ ශූරතාවයේ පාසල්වලින් ද “ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා” තේරීමට ශ්‍රී ලංකා රග්බි රසිකයන්ට අවස්ථාව හිමිවී තිබේ.

අවසන් මොහොතේ වික්‍රමයෙන් ඉසිපතනය නූලෙන් බේරෙයි

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව දින නියමයක් නොමැතිව..

කාණ්ඩ දෙකේම පාසල්වලින් ඉදිරිපත් වූ නාම යෝජනා පහතින්:

කුසලාන ශූරතාවය

  1.  මනිල්ක රුබේරු – ඉසිපතන විදුහල
  2. මුර්ශීඩ් සුබෙයිර් – වෙස්ලි විදුහල
  3. රවීන් ප්‍රනාන්දු – සාන්ත පීතර විදුහල
  4. රෂේන් ගුණවර්ධන – සාන්ත ජෝසප් විදුහල
  5. ගීෂප කුලතුංග – ත්‍රිත්ව විදුහල
  6. කවීන් ජයසේකර – සාන්ත තෝමස් විදුහල
  7. ෆාදිල් අදහන් – රාජකීය විදුහල
  8. සංජුල රොහාන් – විද්‍යා විදුහල

පළඟ ශූරතාවය

  1. හිරුෂ සම්පත් – කිංග්ස්වුඩ් විදුහල
  2. උමේෂ් වීරකෝන් – ශ්‍රී සුමංගල විදුහල
  3. තරිඳු කපුවත්ත – ධර්මරාජ විදුහල
  4. සත්සර කළුගම්පිටිය – විද්‍යාර්ථ විදුහල
  5. ලලංක විජේසුන්දර – ඩී. එස්. සේනානායක විදුහල
  6. දිල්ශාන් ප්‍රමුජිත් – මලියදේව විදුහල
  7. සෙයිඩ් තාජුදීන් – සහිරා විදුහල
  8. තිරුෂ ඒකනායක – සාන්ත අන්තෝනි විදුහල

යුද පිටියෙන් රග්බි පිටියට

ශ්‍රී ලංකා රග්බි ජාතික සංචිතයට මෙවර ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් තිදෙනෙක්…

“ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා” තේරීමේ තරගයේ මනාප පල කිරීම ජුනි 6 වැනි දින පස්වරු 3.00 සිට ජූලි මස් 6 වැනි දින පස්වරු 3.00 දක්වා සිදු කළ හැක.

“ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා” වෙනුවෙන් ඔබගේ මනාපය පහත Link එක හරහා ප්‍රකාශ කළ හැක.

https://www.thepapare.com/schoolsrugby/vote/

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<