සාන්ත පීතර සහ සහිරා ThePapare පාපන්දු අවසන් තරගයට

144

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (19) දින පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විනි. එම තරග ජයග්‍රහණය කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සහ සහිරා විද්‍යාලය සමත් විය. 

නව බලාපොරොත්තු එක්ක පාපන්දුවට අලුත් පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සඳහා නව පුහුණුකරුවෙකු පත්කර තිබේ. ඒ අනුව නව…

පළමු තරගය – සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය 

තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ ප්‍රබල ක්‍රීඩා රටාවක් අනුගමනය කළ සාන්ත පීතර විද්‍යාලය 81 වන සහ 89 වන මිනිත්තු වලදී ගෝල වාර්තා කරමින් තරගය ගෝල 3-2 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.  

තරගය ආරම්භයේ දීම ගෝලයක් වාර්තා කර ගැනීමට පීතර විද්‍යාලයේ ශබීර් රසූනියා හට අවස්ථාව හිමි වුවද එය සාර්ථකව වැළැක්වීමට ජෝසප් කණ්ඩායමේ ගෝල රකින්නා සමත් විය. 

කෙසේවෙතත් තම ආක්‍රමණය තවත් වැඩි කළ පීතර කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට ශබීර් රසූනියා සමත් විය. ඒ තරගයේ 02 වන මිනිත්තුවේ දීය. ඒ පීතර කණ්ඩායමේ මිඩ් ෆීල්ඩ් ක්‍රීඩකයා ගෝල සීමාව ආසන්නයේ දී ලබා දුන් පන්දුව සාර්ථකව ගෝලය තුළට යොමු කරමිනි. (පීතර 1 – 0 ජෝසප්) 

තරගය ආරම්භයේ දී ජෝසප් කණ්ඩායම තරමක අභියෝගයට ලක්ව සිටි අතර ඔවුන් තරගයේ ග්‍රහණය හිමිකර ගැනීමට ප්‍රබල උත්සාහයක යෙදී සිටියහ. තරගයේ 05 වන මිනිත්තුවේ දී Corner අවස්ථාවක් මඟින් ගෝලයක් වාර්තා කර ගැනීමට ශෙනාල් සංදේශ් හට අවස්ථාව හිමිවූ අතර එය සාර්ථකව ව්‍යර්ථ කිරීමට පීතර කණ්ඩායම සමත් විය. 

Photos : St. Joseph’s College v St. Peter’s College | ThePapare Football Championship 2019 – Semi Final

තරගයේ 09 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් ජෝසප් කණ්ඩායමට හිමිවූ අතර පීතර කණ්ඩායමේ ආරක්ෂක පෙළ හමුවේ එය ව්‍යර්ථ විය. 

සාන්ත පීතර කණ්ඩායම තරගයේ ග්‍රහණය ක්‍රමයෙන් ලබා ගත් අතර ඔවුන්ට ද ගෝල වාර්තා කර ගැනීමේ අවස්ථා කිහිපයක් මඟහැරී ගියේ අවාසනාවන්ත අයුරිනි. 

ජෝසප් කණ්ඩායමේ ගෝල සීමාව ආසන්නයේ දී ශබීර් රසූනියා විසින් යොමු කරන ලද පන්දුව පහසුවෙන් ගෝලය තුළට යොමු කිරීමට මොහොමඩ් සයීඩ් ට අවස්ථාව තිබූ නමුත් ඔහුගේ ඉලක්කය වැරදි ගියේය. 

කෙසේවෙතත් තරගයේ පළමු අර්ධයේ කෙටි විවේකයෙන් අනතුරුව ජෝසප් කණ්ඩායම ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ අතර ජෝසප් කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට ශෙනාල් සංදේශ් සමත් විය. ඒ තරගයේ 33 වන මිනිත්තුවේ දීය. (පීතර 1 – 1 ජෝසප්) 

පළමු අර්ධය නිමා වූයේ ගෝල වාර්තා කර ගැනීමේ අසාර්ථක උත්සාහයන් කිහිපයකින් අනතුරුවය. 

පළමු අර්ධය : සාන්ත පීතර විද්‍යාලය 1 – 1 සාන්ත ජෝසප් විද්‍යාලය

තරගයේ දෙවන අර්ධය මන්දගාමීව ආරම්භ වූ අතර පන්දුව දෙපසටම දෝලනය වෙමින් පැවතිනි. 

තරගයේ දෙවන අර්ධයේ මුල් මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කර ගැනීමට උත්සාහ කළ නමුත් එම උත්සාහයන් සාර්ථක වූයේ නැත. කෙසේවෙතත් තරගයේ 69 වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් තරගයේ පළමු වරට පෙරමුණ ගැනීමට ජෝසප් කණ්ඩායම සමත් විය. එම ගෝලය ද ශෙනාල් සංදේශ් විසින් වාර්තා කළ අතර එය මෙම තරගාවලිය තුළ ඔහු වාර්තා කළ 10 වන ගෝලය ලෙස සටහන් විය. (පීතර 1 – 2 ජෝසප්) 

Photos : St. Patrick’s College v Zahira College | ThePapare Football Championship 2019 – Semi Final

තරගයේ 81 වන මිනිත්තුවේ දී නිදහස් පහරක් මඟින් ගෝලයක් වාර්තා කිරීමට සාන්ත පීතර කණ්ඩායම සමත් විය. ශබීර් රසූනියා විසින් පිරිනැමූ පන්දුව සාර්ථකව ගෝලය තුලට යොමුකිරීමට පීතර කණ්ඩායමේ අර්ජුනන් ප්‍රවීන් සමත් විය. (පීතර 2 – 2 ජෝසප්) 

තරගයේ අවසන් මිනිත්තු කිහිපය ඉතාමත් උද්වේගකර වූ අතර කණ්ඩායම් දෙකම තම ප්‍රබල ක්‍රීඩා රටාවන් වෙත අවතීර්ණ වී සිටියහ. 

කෙසේවෙතත් තරගයේ අවසන් මිනිත්තු 5 වන විට ජෝසප් කණ්ඩායමේ ගෝල සීමාව සාර්ථකව ආක්‍රමණය කිරීමට පීතර කණ්ඩායම සමත් විය. 

තරගයේ 89 වන මිනිත්තුවේ දී ක්‍රීඩාංගණයේ මැද සිට යොමුකළ පන්දුව සාර්ථකව ගෝලය තුළට යොමු කිරීමට ශබීර් රසූනියා සමත්වූ අතර එය ඔහුගේ දෙවන ගෝලය ලෙස සටහන් විය. (පීතර 3 – 2 ජෝසප්) 

එම ගෝලයත් සමඟින් තරගයේ ජයග්‍රහණය පීතර කණ්ඩායම සතු වූයේ ගෝල 3 – 2ක් ලෙසිනි. 

අවසන් ලකුණු තත්ත්වය : සාන්ත පීතර විද්‍යාලය 3 – 2 සාන්ත ජෝසප් විද්‍යාලය

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්: 

  •  සාන්ත පීතර විද්‍යාලය – ශබීර් රසූනියා 2′, 89′ සහ අර්ජුනන් ප්‍රවීන් 81′ 
  •  සාන්ත ජෝසප් විද්‍යාලය – ශෙනාල් සන්දේශ් 33′, 69′ 

Liverpool හා PSG පළමු දිනයේ දී පසුබසියි

ශූරයින්ගේ ලීග් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ තරග ඊයේ (18) ආරම්භ වුණා…

දෙවන අවසන් පූර්ව තරගය – සහිරා විද්‍යාලය සහ සාන්ත පැට්‍රික් විද්‍යාලය 

සහිරා කණ්ඩායම මෙම තරගය සඳහා ප්‍රබල කණ්ඩායමක් එක්කර තිබූ අතර ඔවුන් තරගයේ මුල සිටම ප්‍රබල ආක්‍රමණයක් එල්ල කිරීමට සමත් විය. තරගයේ 08 වන මිනිත්තුවේ දී සහිරා නායක රුමී රාසා යොමු කළ පන්දුවක් සාර්ථකව ගෝලයක් බවට පත්කිරීමට මොහොමඩ් සාජීඩ් සමත් විය. (සහිරා 1 – 0 ප්‍රැට්‍රික්) 

තරගයේ 18 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කර ගැනීමට සහිරා කණ්ඩායමට අවස්ථාව උදාවූ අතර මොහොමඩ් ආකීබ් එල්ල කළ පන්දුව එවර ගෝලය තුළට යොමු වූයේ නැත. 

කෙසේවෙතත් තරගයේ 22 වන මිනිත්තුවේ දී සහිරා කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කිරීමට මොහොමඩ් සාජීඩ් සමත්වූ අතර එවර ද පන්දුව ඔහු වෙත පිරිනමන ලද්දේ රුමී රාසා විසිනි. (සහිරා 2 – 0 පැට්‍රික්) 

තරගයේ මිනිත්තු 25 තුළ ගෝල දෙකක් වාර්තා කරමින් ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සහිරා කණ්ඩායම සමත්වූ අතර පන්දුව වැඩි වේලාවක් ඔවුන් සතුව තබා ගනිමින් ක්‍රීඩා කිරීමට සහිරා කණ්ඩායම වගබලා ගත්හ. 

කෙසේවෙතත් පළමු අර්ධය නිමා වීමට පෙර ගෝලයක් වාර්තා කරගැනීමට සාන්ත පැට්‍රික් විද්‍යාලය සමත් විය. ඒ තරගයේ 39 වන මිනිත්තුවේ දී හිමිවූ දඩුවම් පහරක් සාර්ථකව ගෝලය තුළට යොමු කරමිනි. එම ගෝලයට හිමිකම් කීවේ රාජ්කුමාර් ශාන්තන් ය. (සහිරා 2-1 සාන්ත පැට්‍රික්)

පළමු අර්ධය : සහිරා විද්‍යාලය 2 – 1 සාන්ත පැට්‍රික් විද්‍යාලය 

තරගයේ දෙවන අර්ධයේ ආරම්භක මිනිත්තු කිහිපය මන්දගාමී වූ අතර පැට්‍රික් කණ්ඩායම ගෝලයක් වාර්තා කර ගැනීමේ ප්‍රබල අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කළහ. 

තරගයේ 65 වන මිනිත්තුවේ දී ප්‍රතිවාදී ගෝල සීමාව ආක්‍රමණය කළ සහිරා කණ්ඩායමේ මොහොමඩ් සාජීඩ් එල්ල කළ පන්දුව සාර්ථකව රැක ගැනීමට ගෝල රකින්නා සමත් විය. 

තරගයේ 71 වන මිනිත්තුවේ දී සාන්ත පැට්‍රික් ක්‍රීඩක තියාස් හට රතු කාඩ්පතක් නිකුත් කළ අතර ඉන් පැට්‍රික් කණ්ඩායමට එල්ල වූ අභියෝගය සුළුපටු නොවිනි. තරගයේ අවසන් මිනිත්තු 20 ඉතාමත් තීරණාත්මක වූ අතර එම මිනිත්තු 20 ඔවුන්ට ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදුවිය. 

සහිරා කණ්ඩායම ප්‍රබල ආක්‍රමණ කිහිපයක් මඟින් ගෝල සීමාව අසලට පන්දුව රැගෙන ඒමට සමත් වුවද එම අවස්ථාවන් පැට්‍රික් පසුපෙළ ක්‍රීඩකයන් හමුවේ ව්‍යර්ථ විය. 

කෙසේවෙතත් තරගයේ 84 වන මිනිත්තුවේ දී විශිෂ්ඨ ගෝලයක් වාර්තා කිරීමට සහිරා කණ්ඩායමේ මොහොමඩ් ආකිබ් සමත් විය. යාර 30ක පමණ දුරක සිට එල්ල කළ පන්දුව වැළැක්වීමට පැට්‍රික් ගෝල රකින්නාට කිසිඳු අවස්ථාවක් හිමි වූයේ නැත. (සහිරා 3 – 1 සාන්ත ප්‍රැට්‍රික්) 

තරගය නිමා වූයේ සහිරා කණ්ඩායමට ගෝල 3 – 1ක් ලෙස ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

අවසන් ලකුණු තත්ත්වය : සහිරා විද්‍යාලය 3 – 1 සාන්ත පැට්‍රික් විද්‍යාලය 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්:  

  •  සහිරා විද්‍යාලය  – මොහොමඩ් සාජීඩ් 8′, 22′ සහ මොහොමඩ් ආකීබ් 84′
  •  සාන්ත පැට්‍රික් විද්‍යාලය රාජ්කුමාර් ශාන්තන් 39′ 

ThePapare පාපන්දු තරගාවලියේ සුපිරි 4 සටනට සූදානම්

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com හි අනුග්‍රාහකත්වය සමඟින්…

Thepapare පාසල් පාපන්දු තරගාවලියේ අවසන් තරගය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර එළඹෙන පෙබරවාරි මස 26 වනදා පැවැත්වීමට නියමිතය. 

අවසන් තරගය කොළඹ තුරඟ තරග පිටියේ දී සවස 6ට ආරම්භ වීමට නියමිතය. එම තරගයේ සජීවි තොරතුරු, ඡායාරූප සහ විශේෂ පුවත් සියල්ල ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟින්. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<