TPFC කිරුළ දිනා ගන්නට කණ්ඩායම් 8ක් සූදානම්

487

ශ්‍රී ලංකාවේ අනාගත පාපන්දු ශූරයන් බිහිකිරීමේ මූලික පරමාර්ථයෙන් සංවිධානය කරන ලද 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග මෙම මස 23 සහ 24 යන දෙදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

දිවයිනම නියෝජනය වන පරිදි කණ්ඩායම් 20ක් තරගාවලියට සහභාගී විය. එම කණ්ඩායම් 20 මූලික වටයේ දී කාණ්ඩ 4ක් යටතේ තරග කළ අතර ඒ ඒ කාණ්ඩයේ මුල් ස්ථාන දෙක හිමිකරගත් කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

අර්ධ අවසන් පූර්ව වටයේ සියලුම තරග ThePapare.com වෙතින් සජීවීව නරඹන්නට හැකිය.

FA කුසලානයේ අවසන් පූර්ව වටයේ කාල සටහන නිකුත් කෙරේ

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ කාලසටහන නිකුත්…

පළමු අර්ධ අවසන් පූර්ව තරගය:

සාන්ත පීතර විදුහල සහ සාන්ත ජෝසප් විදුහල අතර

“අසේල මධුශාන් ආබාධයට ලක්වූ අවස්ථාව. ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු නිසාම් අලි මහතාද (දකුණේ) මෙහි සිටී”

පැවැත්වෙන හොඳම අර්ධ අවසන් පූර්ව තරගය වශයෙන් මෙම තරගය හැඳින්විය හැකියි. ප්‍රබල සාන්ත ජෝසප් කණ්ඩායමට මූලික වටයේ දී A කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. ඒ ඔවුන් මුහුණ දුන් තරග 4න් එක් තරගයක් ජය ගනිමින් සහ ඉතිරි තරග තුන ජය පරාජයෙන් තොරව නිමා කර ගනිමිනි.

මූලික වටයේ දී මහනුවර කිංග්ස්වුඩ් විදුහල සමඟ පැවති තරගයේ දී සාන්ත ජෝසප් කණ්ඩායමේ ක්‍රීඩක, ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කරන අසේල මධුශාන් ආබාධයකට ලක්වූ අතර ඒ අනුව අර්ධ අවසන් පූර්ව තරගයේ දී සාන්ත ජෝසප් කණ්ඩායමට අසේල නොමැතිව ක්‍රීඩා කිරීමට සිදුවීම අති ්‍විශාල පාඩුවකි.

මූලික වටයේ දී D කාණ්ඩයේ කණ්ඩායම් තුනක් ප්‍රසාද ලකුණු 6 බැගින් ලබාගෙන සම තත්වයේ පසු විය. එසේවූවත් ගෝල අතර වෙනස (+6) අනුව සාන්ත පීතර කණ්ඩායමට D කාණ්ඩයේ පළමු ස්ථානය හිමි විය. ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කරන සබීර් රසූනියා, පීතර කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුව වේ. ඉතාමත් හොඳ තරගයක් අපේක්ෂා කළ හැකියි.

දඬුවම් පහරේ බලයෙන් රිනවුන් පරදා පොලීසිය ඉදිරියට

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ රිනවුන් ක්‍රීඩා…


දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය:

මරදාන සහිරා විදුහල සහ යාපනය සාන්ත පැට්‍රික් විදුහල අතර

“සහිරා කණ්ඩායම සහ කින්නියා අල් අක්සා කණ්ඩායම අතර පැවති තරගයේ අවස්ථාවක්”

පාසල් පාපන්දු ක්‍රීඩාවේ කවදත් ඉහළින් වැජඹෙන මරදාන සහිරා කණ්ඩායම C කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. තරගාවලිය පුරාවටම ඉතා උසස් මට්ටමේ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ සහිරා ක්‍රීඩකයන් අර්ධ අවසන් පූර්ව වටයෙන් තරගාවලිය නිමා කරතැයි අනුමාන කළ නොහැක.

අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා මූලික වටයේ දී තමන් මුහුණ දුන් අවසන් තරගය ජය ගැනීම යාපනය සාන්ත පැට්‍රික් විදුහලට අවශ්‍යම කාරණයක් වී තිබූ අතර කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව පැවති එම තරගයෙන් පැට්‍රික් කණ්ඩායම ජය ගනු ලැබුවේ ගෝල 6-0ක් ලෙසිනි. ඒ අනුව ඉතාමත් හොඳ මානසික විශ්වාසයකින් යුතුව අර්ධ අවසන් පූර්ව වටයේ දී ක්‍රීඩා කිරීමට උතුරු පළාත් ක්‍රීඩකයන්ට හැකියාව ලැබෙනු ඇත. මූලික වටයේ වැඩිම ගෝල වාර්තා කළ කණ්ඩායම වන්නේ ද සාන්ත පැට්‍රික් විද්‍යාලයයි.


තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය:

මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල සහ යාපනය මහජන විදුහල

“මාරිස් ස්ටෙල්ලා විදුහල සහ ද මැසනොඩ් විදුහල අතර පැවති මූලික තරගයේ අවස්ථාවක්”

එතරම් අභියෝගයකින් තොරවම මූලික වටයේ දී B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමට හැකි විය. තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වන තරින්ද සිල්වා (ගෝල 7) සහ තරගාවලියේ දෙවැනි වැඩිම ගෝල ලාභියා (සම) වන රවිඳු ප්‍රනාන්දු ද මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම සතු වේ. මූලික වටයේ දී ගෝල 15ක් වාර්තා කරමින් මූලික වටයේ දෙවැනි වැඩිම ගෝල වාර්තා කළ කණ්ඩායම බවට පත්වීමට ද මාරිස් ස්ටෙල්ලා විදුහලට හැකි විය.

අනෙක් අතින් යාපනය මහජන විදුහල මූලික වටයේ දී ප්‍රතිවාදී කණ්ඩායම් හට ලබා දී තිබෙන්නේ එක් ගෝලයක් පමණි. මහජන විදුහලේ ඉදිරිපෙළ ද ඉතා ශක්තිමත් එකක් වන අතර ශරීර ශක්තියෙන්  ඉහළ ක්‍රීඩකයන් මහජන විදුහල සතුව සිටී. ඒ අනුව අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමිකර ගැනීම සඳහා දෙපිල අතර ඉතා හොඳ සටනක් අපේක්ෂා කළ හැකියි.

ඒ නිහතමානී මිනිසා “N’Golo Kanté” නම් විය

Badlur Rahman Jalil එදින Kings Cross හි පල්ලිය වෙත ආවේ සුපුරුදු පරිදි…


සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය:

ගම්පොළ සහිරා විදුහල සහ කොළඹ හමීඩ් අල් හුසේනී විදුහල අතර

“ගම්පොළ ක්‍රීඩකයන් හට අර්ධ අවසන් පූර්ව වටයේ ඉඩක් හිමිකර ගැනීමට ඉවහල් වූ කොළඹ රාජකීය විදුහල සමඟ පැවති තරගයේ අවස්ථාවක්”

මූලික වටයේ දී කොළඹ රාජකීය විදුහල පරාජය කරමින් සහ කොළඹ සාන්ත ජෝසප් විදුහල සමඟ පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමා කරමින්, A කාණ්ඩයේ පළමු තැන හිමිකරගනු ලැබුවේ ගම්පොළ සහිරා විදුහලයි. සහිරා විදුහලේ බාසිත් අහමඩ් මූලික වටයේ දී ඉතා හොඳින් දස්කම් දැක්වීමට සමත් වූ අතර සහිරා විදුහලේ ප්‍රධානම බලාපොරොත්තුව වශයෙන් බාසිත් හැඳින්විය හැක.

ගෝල අතර පරතරය අනුව (+3) C කාණ්ඩයේ දෙවැනි ස්ථානය සහ අර්ධ අවසන් පූර්ව වටයේ ඉඩක් ලද කොළඹ හමීඩ් අල් හුසේනි විදුහලෙන් ගම්පොළ ක්‍රීඩකයන්ට විශාල අභියෝගයක් එල්ල වනු ඇත. ශ්‍රී ලංකාවේ ඉතා හොඳ ක්‍රීඩා සමාජ ගණනාවක්ම නියෝජනය කරන ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම්ලත් හමීඩ් විදුහල අවසන් පූර්ව වටය පිළිබඳ බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටින කණ්ඩායමක් වශයෙන් ද හැඳින්විය හැක.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<