සාන්ත පීතර ක්‍රීඩකයන්ට දැවැන්ත ජයක්

386

2018 ThePapare පාපන්දු ශූරතාවයේ අද (18) පැවති තරගයකින් ගෝල 7-1ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය සාන්ත පීතර විදුහලට හැකි විය. ඔවුන් හමුවේ පරාජය වූයේ මාවනැල්ල බදූරිය මධ්‍ය මහා විද්‍යාලයයි.

රාජකීයයන් පරාජය කරමින් ගම්පොල ක්‍රීඩකයින්ට විශිෂ්ට ජයක්

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ පසුගිය සෙනසුරාදා (13) පැවති තරගයකින් පෙරළිකාර ජයක් ලැබීමට ගම්පොල සහිරා විදුහලට හැකි විය.

කණ්ඩායම් ද්විත්වයම තරගාවලියේ ඔවුන් මුහුණ දුන් පළමු තරගය පරාජය වී තිබුණි. ජාතික සංචිතය නියෝජනය කළ නිසා පසුගිය තරගයට ක්‍රීඩා නොකළ සාන්ත පීතර විදුහලේ මොහොමඩ් රසූනියා මෙම තරගයට ක්‍රීඩා කළේය.

මෙම සම්පූර්ණ තරගයම සාන්ත පීතරයන්ගේ තරගයක් ලෙසින් හැඳින්වූවත් වරදක් නැත. තරගය ආරම්භ වී තත්පර කිහිපයක් ගත්වද්දී පළමු ගෝලය වාර්තා කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයන් උත්සාහ ගත්ත ද එම උත්සාහය ව්‍යර්ථ විය.

එහෙත් 6 වැනි මිනිත්තුවේ දී සබීර් රසූනියා මෙම තරගාවලියේ ඔහු විසින් වාර්තා කළ පළමු ගෝලය ලබා ගත් අතර ඒ අනුව තරගයේ පෙරමුණ පීතර ක්‍රීඩකයන් හට හිමි විය.

10 වැනි මිනිත්තුවේ දී රසූනියා විසින් මොහොමඩ් ඉන්සාම් හට ලබා දුන් පන්දුව ගෝලයක් බවට පරිවර්තනය කර ගැනීමට ඉන්සාම් සමත් විය. බදූරිය කණ්ඩායමේ ඉතා දුර්වල ආරක්ෂක උපක්‍රම ද එම ගෝලය වාර්තා කිරීමට උපකාරී විය. ඒ අනුව පළමු මිනිත්තු 10 තුළ දී ම තරගයේ ප්‍රතිඵලය දැක්වුණේ 2-0ක් ලෙසිනි.

13 වැනි මිනිත්තුවේ දී පන්දුව බදූරිය දැල තුළට එල්ල කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයන් සමත් වූවත් අනිසි බලපෑමක් (foul) හේතුවෙන් එම ගෝලය සාන්ත පීතර ක්‍රීඩකයින්ට හිමි නොවුනි.

29 වැනි මිනිත්තුවේ දී සිය දෙවැනි ගෝලය වාර්තා කරන්නට සබීර් රසූනියා සමත් විය. බදූරිය ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සමඟින් ගැටී, යාර 6 සීමාව (6 yard box) තුල සිට ඉතා අපහසු කෝණයකින් රසූනියා විසින් එම පහර එල්ල කරන ලදි. එම ගෝලයත් සමඟින් තරගයේ ප්‍රතිඵලය 3-0 ලෙසින් දැක්විය.

ප්‍රබල සටනක් ජය පරාජයෙන් තොරව නිමා වේ

අනාගත පාපන්දු ශූරයන් බිහිකිරීමේ මූලික පරමාර්ථයෙන් සංවිධානය කරන ලද 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ කොළඹ සහිරා…

රසූනියා විසින් ගෝලය වාර්තා කර මිනිත්තු දෙකක් පමණ ඉක්මවන අවස්ථාවේ දී යාර 25ක පමණ දුර සිට ඉතා වේගවත් සහ ඉලක්කය දෙසටම පහරක් සාන්ත පීතර කණ්ඩායමෙන් එල්ල වූ නමුදු බදූරිය දැල් රකින්නා ඉතා හොඳ වළක්වාලීමක් සිදු කරමින් සාන්ත පීතර විදුහලට ඔවුන්ගේ සිව්වැනි ගෝලය වාර්තා කරන්නට ඉඩ නොදුනි.

තරගය පුරාවටම හොඳින් ක්‍රීඩා කළ සාන්ත පීතර ක්‍රීඩක අකීල් නිසාර් විසින් 38 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් තරගය ගෝල 4-0ක් බවට පත්කරන ලදි. හරහට එල්ල කරන ලද (cross) පන්දුව බදූරිය දැල් රකින්නා විසින් ඔහුගේ දෑත්වලින් ඉවතට දැමූව ද පන්දුව නතර වූයේ නිසාර්ගේ පාද ආසන්නයේය. ඒ අනුව පහර එල්ල කිරීමට පමණක් නිසාර්ගේ කාර්ය භාර්‍යය වී තිබූ අතර ඔහු එය නිසි පරිදි ඉටු කළේය.

පළමු අර්ධයේ අතිරේක කාලයේ දී තවත් ගෝලයක් වාර්තා කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයන්ට හැකි විය. මෙම අවස්ථාවේ දී ගෝලය වාර්තා කරන ලද්දේ දෙවැනි ගෝලය වාර්තා කළ මොහොමඩ් ඉන්සාම් විසින්මය.

පළමු අර්ධය: සාන්ත පීතර විදුහල 05 – 00 බදූරිය මධ්‍ය මහා විදුහල

පළමු අර්ධයේ දී තම කණ්ඩායමෙන් සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් දෙවැනි අර්ධයේ දී බදූරිය කණ්ඩායම ක්‍රීඩා කරන බවක් පෙනී යන ලදි. දෙවැනි අර්ධයේ දී ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් සිව්දෙනෙකු සමඟින් ආරක්ෂක මැදපෙළ ක්‍රීඩකයන් දෙදෙනෙකු ද යොදා ගනිමින් බදූරිය කණ්ඩායම ක්‍රීඩා කළ අතර එම උපක්‍රමය සාර්ථක බව පෙනුණි.

දූෂණ චෝදනාව “ත්‍රිබල්” වෙයි

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව නැගෙන කාන්තා දූෂණ චෝදනාව ගැන දිගින් දිගටම පුවත් මැවෙමින් තිබේ. මේ වන විට වාර්තා වන්නේ තවත් චෝදනා…

කෙසේ නමුත් 52 වැනි මිනිත්තුවේ දී සබීර් රසූනියා විසන් ඔහුගේ ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කිරීමට සමත් විය. තවමත් 17 හැවිරිදි රසූනියා බදූරිය ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අතරින් මීටර 15ක් පමණ පන්දුව ගෙන ගොස් එම ගෝලය වාර්තා කළේය. රසූනියා හට පන්දුව යොමු කළේ ඩැනියෙල් මැග්‍රාත් විසිනි.

රසූනියාට පන්දුව යොමු කිරීමෙන් නොනැවතුන මැග්‍රාත් 62 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් ඉම්සාම් හට ද ඉතා සාර්ථකව පන්දුව යොමු කළේය. එහි දී ඉන්සාම් ද ගෝලයක් වාර්තා කළ අතර ඒ අනුව තරගය ගෝල 7-0ක් ලෙසින් දැක්වුණි. ඒ අනුව ඉන්සාම් ද ඔහුගේ ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කරන ලදි.

මාවනැල්ල බදූරිය මාධ්‍ය මහා විදුහල විසින් තරගයේ දී වාර්තා කරන ලද එකම ගෝලය 71 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් විසින් වාර්තා කරන ලදි. එම ගෝලය බදූරිය කණ්ඩායමට සැනසුම් ගෝලයක් පමණක්ම විය. ඉතා හොඳ හරහට යොමු කරන ලද පන්දුවට සිය හිස භාවිතා කරගනිමින් මොහොමඩ් විසින් එම ගෝලය වාර්තා කළේය. සාන්ත පීතර ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් මොහොමඩ් ආවරණය නොකළ අතර එහි වාසිය මොහොමඩ් විසින් ලබාගන්නා ලදි.

>> ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන්පසු ද තරගයේ පන්දුව වැඩි වශයෙන් පැවතුණේ පීතර ක්‍රීඩකයන් සතුවය. නමුත් කිසිදු කණ්ඩායමකට ගෝලයක් වාර්තා කළ නොහැකි විය. ඒ අනුව ගෝල 7-1ක් ලෙසින් තරගයේ ජය සමඟින් ප්‍රසාද ලකුණු තුන කොළඹ සාන්ත පීතර කණ්ඩායමට හිමි විය.

2018 ThePapare පාපන්දු ශූරතාවයේ හෙට (19) තරග දෙකක් පැවැත්වේ. කොළඹ සහිරා විද්‍යාලය සහ කින්නියා අල් අක්සා විද්‍යාලය අතර තරගය හෙට සවස 3.30ට පැවැත්වෙන අතර එම තරගය සජීවීව ThePapare.com වෙතින් ඔබට නැරඹිය හැක. අනෙක් තරගය ද හෙට සවස 3.30ට පැවැත්වේ. ඒ මීගමුව මාරිස් ස්ටෙල්ලා සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතරයි.

අවසාන ප්‍රතිඵලය: සාන්ත පීතර විද්‍යාලය 07 – 01 බදූරිය මධ්‍ය මහා විද්‍යාලය  

ගෝල වාර්තා කරන ලද ක්‍රීඩකයන්:

  • සාන්ත පීතර විද්‍යාලය – සබීර් රසූනියා (6′, 29′, 52′), මොහොමඩ් ඉන්සාම් (10′, 45+1’, 62′), අකීල් නිසාර් 38′
  • බදූරිය මධ්‍ය මහා විද්‍යාලය – මොහොමඩ් (71’)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<