සාන්ත පීතර විදුහලට නොසිතූ පරාජයක්

596

අනාගත පාපන්දු තරු බිහි කිරීමේ සහ ශ්‍රී ලංකාවේ පාසල් පාපන්දු ක්‍රීඩාව නැංවීම මුල්කොට ගනිමින් පැවැත්වෙන 2018 ThePapare පාපන්දු ශූරතාවයේ අද (11) පැවති තරගයකින් ගෝල 2-0ක් ලෙසින් බම්බලපිටිය සාන්ත පීතර විදුහල පරදා පෙරළිකාර ජයක් ලැබීමට ගිංතොට සහිරා විදුහලට හැකි විය.

TPFC ආරම්භයේ දී සාන්ත ජෝසප් විදුහලට විශිෂ්ට ජයක්

ගාල්ල මහින්ද විද්‍යාලය ගෝල 5-1ක් ලෙස පරාජය කරමින් 2018 ThePapare පාපන්දු ශූරතා තරගාවලියේ (TPFC) මංගල තරගයේ ජය හිමි කර ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය…

තරගය පැවැත්වූයේ සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේ දී වන අතර මෙය D කාණ්ඩයේ තරගයකි. සාන්ත පීතර විදුහලේ නිත්‍ය නායක A. වීරයියා ආබාධයක් හේතුවෙන් අද දිනයේ ක්‍රීඩා නොකළ අතර මිරෝන් කෙලී හට නායකත්වයේ වගකීම හිමිව තිබුණි.

එයට අමතරව සාන්ත පීතර විදුහලේ සුපිරි ක්‍රීඩක සබීර් රසූන්යා ද මෙම තරගයට සහභාගී නොවූයේ ඔහුට හෙට (12) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට අවස්ථාව හිමි වී ඇති නිසාය.

තරගයේ පළමු මිනිත්තු කිහිපය තම අණසකට යටත් කර ගැනීමට සාන්ත පීතරයින්ට හැකි විය. 7 වැනි මිනිත්තුවේ දී සාන්ත පීතරයින් විසින් ගෝලයක් වාර්තා කරන්නට උත්සාහ කළ ද, ඔවුන් අනිසි ලෙසින් ස්ථානගත වී (offside) සිටි බැවින් එම අවස්ථාව පීතරයින්ට අහිමි විය.

11 වැනි මිනිත්තුවේ දී නිදහස් පහරක් මගින් ගෝලයක් වාර්තා කිරීමට සාන්ත පීතර ඉදිරිපෙළ ක්‍රීඩක ඩැනියෙල් මැග්‍රාත් විසින් උත්සාහයක යෙදුණ ද, පන්දුව සහිරා විදුහලේ ගෝල කණුවේ වැදී ඉවතට විසි වූ බැවින් එම අවස්ථාව සාන්ත පීතර විද්‍යාලයට අහිමි විය.

නැවතත් 19 මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සාන්ත පීතර ක්‍රීඩක ඩැනියෙල් විසින් ඉතා අලංකාර ලෙසින් පන්දුව මොහොමඩ් ඉර්ෂාන් හට ලබා දුන්න ද ඉර්ෂාන් විසින් එල්ල කළ එම පහර ද දැවටුනේ ගෝල කණුවේ ය.  

යුනයිටඩ් අනූ නවයෙන් බේරෙයි – EPL 8 වැනි සතිය

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ අටවන සතිය මේ සති අන්තයේ දී පැවැත්වුණු අතර දිගින් දිගටම තරග පරාජය වෙමින් සිටි මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා…

පළමු මිනිත්තු කිහිපය තුළ දී ආරක්ෂක උපාය අනුගමනය කළ ගිංතොට සහිරා ක්‍රීඩකයන් කෙමෙන් කෙමෙන් ප්‍රහාර සඳහා අවතීර්ණ විය. 24 සහ 26 වැනි මිනිත්තුවල දී සහිරා ක්‍රීඩකයන් විසින් ගෝල වාර්තා කිරීමට ගන්නා ලද උත්සාහයන් අසාර්ථක වූවද 28 වැනි මිනිත්තුවේ දී ඔවුන් සාර්ථක විය.

සහිරා විදුහලේ ඉදිරිපෙළ ක්‍රීඩක අබ්දුල් රෙහෙමාන් විසින් මීටර 25ක පමණ දුර සිට එල්ල කරන ලද විශිෂ්ට පහර 28 වැනි මිනිත්තුවේ දී ගෝලයක් බවට පරිවර්තනය වූයේ කිසිවකු නොසිතූ පරිදි සහිරා විදුහලට තරගයේ පෙරමුණ හිමිකර දෙමිනි.

ඉන්පසු පළමුවැනි අර්ධයේ දී නැවත නැවතත් සාන්ත පීතර ගෝල සීමාව ආක්‍රමණය කිරීමට ගිංතොට ක්‍රීඩකයන්ට හැකි වූ නමුත් ගෝලයක් වාර්තා කිරීමේ අවසරය ඔවුන්ට හිමි නොවීය.

පළමු අර්ධය: බම්බලපිටිය සාන්ත පීතර විදුහල 00 – 02 ගිංතොට සහිරා විදුහල

දෙවැනි අර්ධයේ දී ගෝලයක් වාර්තා කිරීමට සාන්ත පීතර විදුහල් ක්‍රීඩකයන් බොහෝ සෙයින් උත්සාහ කළ අතර ඔවුන්ට ගෝලයක් වාර්තා කිරීමට තිබූ ඉතා වටිනා අවස්ථාවක් අහිමි වූයේ 62 වැනි මිනිත්තුවේ දී සාන්ත පීතර ක්‍රීඩකයන්ට හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට අර්ජුනන් ප්‍රවීන් හට නොහැකි වීම නිසාය.

>> ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ප්‍රවීන් විසින් එල්ල කරන ලද එම පහර සහිරා විදුහලේ ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් හස්නි විසින් වළක්වාලීමෙන් අනතුරුව නැවතත් පන්දුව ප්‍රවීන් වෙත පැමිණිය ද එම අවස්ථාවේ දී ද ගෝලයක් වාර්තා කිරීමට ප්‍රවීන්ට නොහැකි විය.

දඬුවම් පහර සාර්ථක කර ගැනීමට නොහැකි වූවද 66 වැනි මිනිත්තුවේ දී සැලකිය යුතු දුරක සිට අර්ජුනන් විසින් ඉතා වේගවත් පහරක් සහිරා ගෝල සීමාව වෙත එල්ල කළත්, මිනිත්තු කිහිපයක් තුල දෙවැනි වතාවට ද සහිරා ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් හස්නි විසින් ප්‍රවීන්ව නවතාලන ලදි.

තරගයේ 74 වැනි මිනිත්තුවේ දී තම දෙවැනි ගෝලය ද රැස් කළ සහිරා ක්‍රීඩකයන් තරගයේ පාලනය සියතට ගත්හ. අබ්දුල් රෙහෙමාන් විසින් ලබා දුන් පන්දුව මොහොමඩ් අර්ෂාඩ් විසින් සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කරන ලදි.

“රොනාල්ඩෝ හොඳින්” – ජුවෙන්ටස් පුහුණුකරු

“ඔහුට සිදුවුණු කරදරය ගැන කිව්වොත්, මම දැනට මාස තුනක ඉඳන් ඔහුව දන්නවා…” ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු මැසිමෝ ඇලෙග්රි, රොයිටර් හමුවේ සිය අදහස් දැක්වීම අරඹා…

ඉන්පසු තරගයේ අතිරේක මිනිත්තු කිහිපයේ දී සාන්ත පීතර ක්‍රීඩක ඩැනියෙල් මැග්‍රාත් විසින් ගෝලයක් වීමට ඉතා ආසන්න පහරක් එල්ල කළ ද එම අවස්ථාවේ දී ද සිය වගකීම මැනවින් ඉටු කළ හස්නි මොහොමඩ් එම පහර ද සාර්ථකව වළක්වාලීමට කටයුතු කළේය.

තරගය නිමා වීමට තත්පර කිහිපයක් ඉතිරිව තිබිය දී තවත් ගෝලයක් වාර්තා කිරීමට සහිරා විදුහලට හිමි වූ අවස්ථාව ඔවුන්ට මඟහැරී ගියේ සාන්ත පීතර විදුහලේ ගෝල රකින ක්‍රීඩක ඉෂ්රාවේලු මිතුර්ශන්ගේ දස්කම් නිසාය.

තරගයේ නියමිත කාලය අවසානයේ ගෝල 02 – 00ක් ලෙසින් ජය ලබා ප්‍රසාද ලකුණු 3ක් ලබා ගැනීමට සහ D කාණ්ඩයේ පෙරමුණට පත්වීමට ගිංතොට සහිරා විදුහලට හැකි විය.

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ මීළඟ තරගය හෙට (12) කොළඹ සහිරා විදුහල සහ යාපනය මහජන විදුහල අතර සවස 3.30ට පැවැත්වෙනු ඇත. එම තරගයේ සජීව විකාශය ඔබට ThePapare.com වෙතින් නැරඹිය හැක.

අවසාන ප්‍රතිඵලය: බම්බලපිටිය සාන්ත පීතර විදුහල 00 – 02 ගිංතොට සහිරා විදුහල

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්

  • ගිංතොට සහිරා විදුහල – අබ්දුල් රෙහෙමාන් 28′, මොහොමඩ් අර්ෂාඩ් 74′

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<