රාජකීයයන් පරාජය කරමින් ගම්පොල ක්‍රීඩකයින්ට විශිෂ්ට ජයක්

759

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ පසුගිය සෙනසුරාදා (13) පැවති තරගයකින් පෙරළිකාර ජයක් ලැබීමට ගම්පොල සහිරා විදුහලට හැකි විය. ඒ කොළඹ රාජකීය විදුහල ගෝල 4-2ක් වශයෙන් පරාජය කරමිනි.

A කාණ්ඩයේ තරගයක් ලෙසින් එම තරගය පැවති අතර තරගය පැවැත්වුණේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ දී ය. රාජකීය විදුහලේ නිත්‍ය ගෝල රකින්නා මෙම තරගයට සහභාගී නොවූයේ ආබාධයක් හේතුවෙනි.

ප්‍රබල සටනක් ජය පරාජයෙන් තොරව නිමා වේ

අනාගත පාපන්දු ශූරයන් බිහිකිරීමේ මූලික පරමාර්ථයෙන් සංවිධානය කරන ලද 2018…

ආරම්භයේ සිටම රාජකීයයන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නියත විය. තරගය ආරම්භ වූ සැණින් ගෝලයක් වාර්තා කිරීමට රාජකීය ක්‍රීඩකයෝ ප්‍රයත්න දැරූව ද, එම අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගියේ සහිරා විදුහලේ ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් මුජාහිඩ්ගේ උත්සාහය නිසාය.

කෙසේ නමුත් රාජකීය ක්‍රීඩකයන්ට නොදෙවෙනි ප්‍රහාරක රටාවක නිරත වූ සහිරා ක්‍රීඩකයන් තරගයේ 11 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරන ලදි. ගෝලය වාර්තා කරන ලද්දේ මොහොමඩ් රිෆාස් විසිනි.

එම ගෝලය වාර්තා කිරීමත් සමඟින් දිගින් දිගටම රාජකීය දඬුවම් කලාපය ආක්‍රමණය කළ ගම්පොල සහිරා ක්‍රීඩකයන්ට දෙවැනි ගෝලය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වූයේ මොහොමඩ් රිෆාස් විසින් එල්ල කරන ලද ප්‍රහාරය ගෝල සීමාවෙන් ඉවතට ගිය නිසයි.

16 වැනි මිනිත්තුවේ දී රාජකීය ක්‍රීඩකයන් හට දඬුවම් පහරක් හිමි වූයේ, පන්දුව සහිරා විදුහලේ දඬුවම් සීමාව තුල, සහිරා ක්‍රීඩක මොහොමඩ් ඉල්හාම්ගේ දෑතෙහි දැවටීම නිසාය. රාජකීය විදුහලේ 18න් පහළ නායක ටිෂාන් ප්‍රබුද්ධ විසින් දඬුවම් පහර සාර්ථක කරගනිමින් තරගය 1-1ක් ලෙසින් සම තත්වයට ගෙන එන ලදි.

22 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් රිෆාස් විසින් දුර සිට එල්ල කරන ලද ප්‍රහාරය නතර වූයේ රාජකීය දැල තුලය. රාජකීය විද්‍යාලයේ ගෝල රකින්නා තමාගේ සීමාවේ නොසිටි අතර ගෝලය වාර්තා කිරීමට එය ද උපකාරී විය.  

දූෂණ චෝදනාව “ත්‍රිබල්” වෙයි

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව නැගෙන කාන්තා දූෂණ චෝදනාව ගැන දිගින් දිගටම පුවත්…

ඉන් මිනිත්තු කිහිපයක් ඉක්මවූ තැන, 28 වැනි මිනිත්තුවේ දී සහිරා විදුහලට දඬුවම් පහරක් හිමි විය. මෙවර රාජකීය විදුහලේ ක්‍රීඩකයෙකු විසින් ඔවුන්ගේ දඬුවම් සීමාව තුල දී පන්දුව අතින් ස්පර්ශ කරන ලදි. සහිරා විදුහලේ මොහොමඩ් ඉෆාම් විසින් දඬුවම් පහර සාර්ථක කරගනිමින් 3-1ක් ලෙසින් තරගයේ පෙරමුණ තම විදුහලට හිමිකර දුන්නේය.

පළමු අර්ධය: කොළඹ රාජකීය විදුහල 1-3 ගම්පොල සහිරා විදුහල

දෙවැනි අර්ධයේ පළමු මිනිත්තු 15 පමණ තරගය උදාසීන බවක් පෙන්නුම් කළත්, ඉන්පසු දෙපිලම නැවතත් ආක්‍රමණශීලී ලෙසින් ක්‍රීඩා කරන ලදි. රාජකීය විදුහලේ ටිෂාන් තමාගේ හිස භාවිතා කරමින් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කළත් නැවත වරක් ක්‍රියාත්මක වූ සහිරා ගෝල රකින ක්‍රීඩක මුජාහිඩ් විසින් ටිෂාන්ගේ ප්‍රහාරය වළක්වන ලදි.

එසේ නමුත් සිය උත්සාහය අත්නොහැරී රාජකීයයන් 67 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් තරගයේ ප්‍රතිඵලය ගෝල 2-3ක් බවට පත් කරන්නට සමත් වූහ. ටිෂාන් විසින් ඉදිරියට යොමුකරන ලද පන්දුව ගෝලයක් බවට පරිවර්තනය කරන ලද්දේ ලුක්මන් විසිනි.

>> ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එහෙත් එම ගෝලයේ උණුසුම මැකීයාමටත් ප්‍රථම සහිරා විදුහලේ බාසිත් අහමඩ් විසින් විශිෂ්ට ප්‍රහාරයකින් ගෝලයක් වාර්තා කරමින් ගෝල දෙකෙහි පරතරය පවත්වා ගන්නට සමත් විය.

ඒ අනුව තරගය ගෝල 2-4ක් ලෙසින් නිමා වූයේ ගම්පොල සහිරා විදුහලට ප්‍රසාද ලකුණු ත්‍රිත්වයක්, ගෝල ද්විත්වයක වාසියක් සහ A කාණ්ඩයේ පෙරමුණත් හිමිකර දෙමිනි.

අවසාන ප්‍රතිඵලය: කොළඹ රාජකීය විදුහල 2-4 ගම්පොල සහිරා විදුහල

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන් :

  • රාජකීය විදුහල – ටිෂාන් ප්‍රබුද්ධ 16’, ලුක්මන් 67′
  • ගම්පොල සහිරා විදුහල – මොහොමඩ් රිෆාස් 07′ සහ 22′, මොහොමඩ් ඉෆාම් 28′, බාසිත් අහමඩ් 69′

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<