මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් අර්ධ අවසන් පූර්ව වටයට

525

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා මීගමුව මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම අද (7) සමත් වූයේ කඳාන ද මැසනෝඩ් විදුහල සමඟ පැවති තරගයෙන් ගෝල 3-1ක ජයක් ලබමිනි.

මෙම කණ්ඩායම් දෙක ප්‍රසාද ලකුණු 7 බැගින් හිමිකර ගෙන B කාණ්ඩයේ මුල් ස්ථාන දෙකෙහි පසුවූවත්, අර්ධ අවසන් පූර්ව වටයේ නිත්‍ය ස්ථානයක් හිමිකර ගැනීමට නම් මෙම කණ්ඩායම් දෙකටම මෙම තරගය ජය ගැනීම අනිවාර්ය කරුණක් විය.

සාන්ත ජෝසප් විදුහල තවදුරටත් A කාණ්ඩයේ පෙරමුණ රැක ගනියි

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ A කාණ්ඩය යටතේ අද (01) දින බැද්දගාන ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වුනු කොළඹ සාන්ත….

මැසනෝඩ් විදුහලේ ක්‍රීඩා පිටියේ දී තරගය පැවතුණ ද තරගයේ ආරම්භයේ සිටම මැසනෝඩ් විදුහල වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමට මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයන්ට හැකි විය. තරගයේ පළමු මිනිත්තු 5 තුළ දී ගෝල වාර්තා කිරීමට අවස්ථා කිහිපයක්ම මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමට හිමිවූවත් එම අවස්ථා ගෝල බවට පරිවර්තනය නොවුනි.

නමුත් තරගයේ මුල් මිනිත්තු 10 තුළ දී ගෝලයක් ලබා ගැනීමට මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමට හැකි වූ අතර ගෝලයේ හිමිකරු වූයේ රජින්ද ප්‍රනාන්දුයි. ඒ අනුව ඉතා වැදගත් තරගයක දී පළමු ගෝලය වාර්තා කරමින් ප්‍රතිවාදී මැසනෝඩ් ක්‍රීඩකයන්ට පීඩනයක් එල්ල කිරීමට මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමට හැකි විය.

තරගයේ 35 වැනි මිනිත්තුවේ දී මැසනෝඩ් විදුහලේ ප්‍රමුදිත ප්‍රනාන්දු විසින් මීටර 30ක පමණ දුරකින් සිට වේගවත් පහරක් එල්ල කළ ද එම පහර ගෝල සීමාවෙන් ඔබ්බට යන ලදි.

මේ අතර වර්ෂාව පිටියට ඇදහැළුණ අතර එය දෙපිලෙහිම ක්‍රීඩකයන් හට සුපුරුදු දක්ෂතා දැක්වීමට බාධාවක් විය. ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ක්‍රීඩා පිටිය මත ලිස්සා යාම දැක ගත හැකි විය.

44 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් තරගය සම තත්වයට ගෙන ඒමට මැසනෝඩ් විදුහලට අවස්ථාවක් ලැබුණ ද මැසනෝඩ් කණ්ඩායමට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ලබාගත නොහැකි විය.

රාජකීය ක්‍රීඩකයන් පළමු ජය වාර්තා කරයි

ඇල්බට් එදිරිසිංහ කුසලානය වෙනුවෙන් දිවයින පුරා කණ්ඩායම් 20ක් තරග වදින 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ අද (28)….

නමුත් ඉන් මිනිත්තු දෙකක් ගිය තැන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මඟ හැර ඉතා මනරම් ගෝලයක් වාර්තා කිරීමට 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ වැඩිම ගෝල ලාභියා වන මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහලේ නායක තරිඳු සිල්වාට හැකි විය. එම ගෝලයත් සමඟින් මෙම තරගාවලිය තුල තරිඳු ලබා තිබෙන ගෝල සංඛ්‍යාව 6කි.

පළමු අර්ධය: කඳාන ද මැසනෝඩ් විදුහල 00 – 02 මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල

දෙවැනි අර්ධයේ දී වඩාත් ආක්‍රමණශීලී වූ කණ්ඩායම වූයේ මැසනෝඩ් කණ්ඩායමයි. 52 වැනි මිනිත්තුවේ දී නැවතත් දුර සිට වේගවත් ප්‍රහාරයක් මැසනෝඩ් විදුහලෙන් එල්ල වූවත් මාරිස් ස්ටෙල්ලා ගෝල රකින ක්‍රීඩක ප්‍රමුදිත පෙරේරාගේ විශිෂ්ට උත්සාහය හමුවේ ඉන්පසු ද තරගය පැවතුණේ 2-0ක් වශයෙනි.

කහ කාඩ්පතක් නොපෙන්වාම රතු කාඩ් පතක් (Straight red) මැසනෝඩ් විදුහලේ  නිම්ශාන් හට ලබා දීමට 56 වැනි මිනිත්තුවේ දී විනිසුරු ක්‍රියා කළ අතර ඒ අනුව තරගය ජය පැරදුමෙන් තොරව හෝ අවසන් කිරීමට මැසනෝඩ් විදුහලට තිබූ අවස්ථාවන් පටු විය.

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ දී සිදු වූ එක්තරා අපූරුතම සිදුවීමක් තරගයේ 80 වැනි මිනිත්තුවේ දී සිදු විය. තරගයේ මුල සිටම දුර සිට එල්ල කරන ප්‍රහාර කෙරෙහි මැසනෝඩ් කණ්ඩායම වැඩි අවධානයක් යොමු කළ අතර 80 වැනි මිනිත්තුවේ දී ද මීටර 35ක පමණ දුර සිට ප්‍රහාරයක් ඔවුන්ගෙන් එල්ල විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

නමුත් එම අවස්ථාවේ දී පන්දුව ඉතා ඉහළට ඇදී ගිය අතර පන්දුව විනිසුරු විසින් ගෝල රකින ක්‍රීඩක ප්‍රමුදිත පෙරේරාගේ දෑතට පැමිණියේ ක්‍රිකට් ක්‍රීඩාවේ උඩ පන්දුවක් ආකාරයෙනි. වේගයක් ද නොවීය. එහෙත් ප්‍රමුදිතගේ දෑතින් පන්දුව ගිලිහී විනිසුරු විසින් දැල තුලට පන්දුව ඇදී ගියේ කිසිවෙකු නොසිතූ පරිදීය. වර්ෂාව නිසා පන්දුවෙහි සහ ක්‍රීඩා පිටියෙහි තිබූ තෙත ස්වභාවය ද ඒ සඳහා යම් බලපෑමක් සිදුකළ බවක් ද දක්නට ලැබුණි. කෙසේ නමුත් ගෝලය මැසනෝඩ් කණ්ඩායමට හිමි විය. ඒ අනුව තරගයේ ප්‍රතිඵලය දැක්වුණේ 2-1ක් වශයෙනි.

ඉන්පසු තවත් ගෝලයක් වාර්තා කරමින් තරගය සම මට්ටමෙන් හෝ නිමා කිරීමට මැසනෝඩ් විදුහල උත්සාහ ගත්ත ද තරගයේ අවසන් තත්පර කිහිපයේ දී මාරිස්ටෙලා කණ්ඩායම ගෝලයක් වාර්තා කරමින් 3-1ක් ලෙසින් තරගය නිමකිරීමට සමත්විය.

මෙම ජයත් සමගින් ප්‍රසාද ලකුණු 10ක් ලබමින් B කාණ්ඩයේ පෙරමුණ ගත් මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් අතර කටුනේරිය සාන්ත සෙබස්තියන් කණ්ඩායම සහ යාපනය සාන්ත පැට්‍රික් විදුහල අතර අනිද්දා (9) පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය මත මැසනෝඩ් විදුහලේ ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇත.

පළමු අර්ධයේ ප්‍රහාරයෙන් රිනවුන් ජයගනී

2018 ඩයලොග් ශුරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් එක් තරගයක් බැද්දගාන පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ දී රිනවුන් ක්‍රීඩා….

හෙට (8) තවත් ඉතා උණුසුම් තරග දෙකක සජීව විකාශය ThePapare.com හරහා ලබා දෙයි. එම තරග දෙක නම් කොළඹ රාජකීය විදුහල සහ කොළඹ සාන්ත ජෝසප් විදුහල අතර තරගයත්, හමීඩ් අල් හුසේනි විදුහල සහ සාන්ත පීතර විදුහල අතර තරගයත්ය. එම තරග ද්විත්වයම පස්වරු 3.20 සිට සජීවීව විකාශය කරනු ඇත.

අවසන් ප්‍රතිඵලය: කඳාන ද මැසනෝඩ් විදුහල 1-3 මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්:

  • ද මැසනෝඩ් විදුහල – Own Goal 80’
  • මාරිස් ස්ටෙල්ලා විදුහල – රජින්ද ප්‍රනාන්දු 10′, තරිඳු සිල්වා 45+1, 90+1

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<