’ThePapare පැසිපන්දු ශූරතාවලිය’ අඛණ්ඩව තෙවන වසරටත්

171

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය, ThePapare.com, අඛණ්ඩව තෙවන වසරටත් “වයස අවුරුදු 19න් පහළ A කාණ්ඩයේ (බාලක සහ බාලිකා) සමස්ත ලංකා පැසිපන්දු ශූරතාවලිය” බලගැන්වීමට සූදානමින් සිටී.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අන්තර් පාඨශාලීය පැසිපන්දු තරගාවලිය; ThePapare පැසිපන්දු ශූරතාවලිය 2018’ සැප්තැම්බර් මස 16 වන දින ප.ව. 2.30ට තරගාවලියේ බාලිකා අංශයේ තරග සමඟ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල් පැසිපන්දු ක්‍රීඩා පිටියේ දී ආරම්භ වේ. අනතුරුව තරගාවලියේ බාලක අංශයේ තරග සැප්තැම්බර් මස 25 වන දින ප.ව. 2.30ට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ දී ආරම්භ වීමට නියමිත ය.

5 වැනි ලෝක කුසලානය සඳහා තරග වදින ශ්‍රී ලංකා කැරම් සංචිතය

ජාත්‍යන්තර කැරම් සම්මේලනය සංවිධානය කරන “5 වැනි කැරම් ලෝක කුසලාන තරගාවලිය” අගෝස්තු මස 23 වැනිදා සිට 28 වැනිදා…..

සහභාගී වන කණ්ඩායම් කාණ්ඩ 04කට බෙදා දක්වා ඇති අතර එහි දී ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. එහි දී ජයග්‍රහණ වාර්තා කරගන්නා කණ්ඩායම් තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන අතර අනතුරුව පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරග ඔක්තෝබර් මස 05 වන දින හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ දී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙනු ඇත.

පාසල් පැසිපන්දු ක්‍රීඩාව දිවයින පුරා ප්‍රචලිත කරවීමේ අරමුණින් 2016 වසරේ දී ’ThePapare පැසිපන්දු ශූරතාවලිය’ ආරම්භ කරන ලදි. එහි දී තරගාවලිය සඳහා පාසල් 26ක් සහභාගී වූ අතර එහි බාලක ශූරතාවය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය විසිනුත්, බාලිකා ශූරතාවය කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය විසිනුත් දිනා ගන්නා ලදි.

අනතුරුව පසුගිය වසරේ පැවති තරගාවලියේ දී බාලක අංශයේ ශූරතාවය දිනා ගන්නට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වූ අතර බාලිකා අංශයේ ශූරතාවය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සහ නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය අතර බෙදී ගියේය.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිට පැවැත්වෙන සියලුම තරග ThePapare.com, ‘Dialog Now (Dialog TV නාලිකා අංක 1) සහ MyTV mobile App එක ඔස්සේ සජීව ලෙස විකාශනය කෙරෙනු ඇත. අර්ධ අවසන් පූර්ව වටයේ තරග සැප්තැම්බර් මස 30 වන දා ආරම්භ වීමට නියමිතව ඇති අතර එම තරග සියල්ල හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ දී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙනු ඇත.

කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව සුරකි; දෙවැනි දිනයේ උණුසුම

18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තෙවන දිනය (20) තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වුනේ කබඩි ක්‍රීඩක…..

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනය හා එක්ව ThePapare.com විසින් පාසල් පැසිපන්දු නීති රීති පොතක් හඳුන්වා දීමට කටයුතු කරනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සියලුම පාසල් පැසිපන්දු තරගාවලි එම නීති රීති පොතට අනුව පැවැත්වීම අනිවාර්ය වේ. ඒ අනුව එම නීති රීති වලට අනුකූලව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින පාසල් කණ්ඩායම් 20 තරගාවලියේ ‘A’ කාණ්ඩයට සුදුසුකම් ලබන අතර අනෙක් කණ්ඩායම් ‘B’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.

එමෙන්ම තරගාවලි ඉතිහාසයේ පළමු වරට සියලුම කණ්ඩායම්වල ක්‍රීඩා ඇඳුම් කට්ටල සඳහා අනුග්‍රාහකත්වයක් ලබා දීමට හැකි වීම පිළිබඳව ThePapare.com අප දැනුම් දෙන්නේ මහත් ආඩම්බරයෙනි. ඒ අනුව මෙවර තරගාවලියේ දී සියලුම පාසල් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය පාසල් වර්ණවලට අනුකූල ක්‍රීඩා ඇඳුම් කට්ටල සැපයෙනු ඇත.

“ශ්‍රී ලංකාවේ දේශීය මෙන්ම ජාත්‍යන්තර පාසල් එක්කරගෙන සංවිධානය කරනු ලබන මෙම තරගාවලියට පාසල් පැසිපන්දු සම්මේලනය සමඟ අත්වැල් බැඳගැනීමට හැකියාව ලැබීම ගැන ThePapare.com අප සතුටට පත්වෙනවා. අපේ අරමුණ ක්‍රීඩාව බලගැන්වීම සහ පැසිපන්දු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීම වගේම පාසල් අතර මිත්‍රත්වය වැඩිදියුණු කිරීම. මෙම තරගාවලියට එක්වෙන සියලුම කණ්ඩායම් වලට අප සුබ පැතුම් එක්කර සිටිනවා. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ හොඳ තරගාවලියක් සහ අත්දැකීමක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා.”

යනුවෙන් Dialog Axiata PLC සමාගමේ ගෝලීය ව්‍යාපාර සහ අන්තර්ගත සේවා අංශයේ ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී මංගල හෙට්ටිආරච්චි මහතා මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේය.

එමෙන්ම පාසල් පැසිපන්දු සංගමයේ සභාපති සනත් ජයලත් මහතා ද මෙහි දී තරගාවලිය පිළිබඳව අදහස් දැක්විය.

“අඛණ්ඩව තෙවන වසරටත් ThePapare.com අපත් සමඟ අත්වැල් බැඳගැනීම ගැන අප සතුටු වෙනවා. තරගාවලිය සජීව ලෙස විකාශය කිරීම නිසා ක්‍රීඩකයන්ගේ උත්තේජනය ගොඩක් ඉහළ තත්වයක තියෙන්නේ. තරගාවලියට කොළඹින් පිටත තියෙන පාසල් ද එක්වන නිසා තරගාවලියේ තරගකාරීත්වය තවත් ඉහළ යැයි. ඒ වගේම අපි හැමෝටම ආරාධනා කරනවා මේ තරගාවලියට සහභාගී වෙන්න කියලා.”

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<