17න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පාසල් 16 තීන්දුයි

953

2018 සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වට දෙක පසුගිය දා අවසන් වූ අතර එහි දී ඒ ඒ පාසල් කණ්ඩායම් දැක්වූ දස්කම් අනුව කණ්ඩායම් 16ක් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.

බෙන් ස්ටෝක්ස් නිදොස් කොට නිදහස්

ලන්ඩන නුවර රාත්‍රි සමාජ ශාලාවක දී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එම චෝදනා සියල්ලෙන්ම නොදොස් කොට නිදහස් කිරීමට බ්‍රිස්ටල් හි ක්‍රවුන් අධිකරණය තීරණය කර ඇත. ඉතිහාසයේ අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී යමින් නොසිතූ ව්‍යසනයකට මුහුණ දීමට සිදු වූ දකුණු …

ගියවර ශූරතාවය දිනා ගත් මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය මෙවර තරගාවලියේ පළමු වටය තුලින්ම ඉවතට යාම නිසා මෙවර තරගාවලිය අවසානයේ දී නව ශූරයින් පිරිසක් බිහිවෙනු ඇත.

මේ තරගාවලියේ පළමු තරග වට දෙක දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී මාස තුනකට ආසන්න කාලයක් පුරාවට ක්‍රියාත්මක විය. මැයි මාසයේ දී ආරම්භ වූ මේ තරගාවලිය සඳහා කාණ්ඩ 10ක් යටතේ පාසල් ක්‍රිකට් කණ්ඩායම් 74ක් තරග වැදුණු අතර පසුව මේ තරගාවලියේ දෙවන වටයේ දී පාසල් ක්‍රිකට් කණ්ඩායම් 32ක් කාණ්ඩ 8ක් යටතේ තරග වැදී සුපිරි 16 දෙනාගේ තරග වටය නොහොත් පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට තේරීපත්ව ඇත.

සුපිරි 16 දෙනාගේ තරග වටය ජයග්‍රහණය කරන කණ්ඩායම් අට තරගාවලියේ අවසන් පූර්ව වටය නොහොත් සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර තරගාවලියේ සිටි ප්‍රබල කණ්ඩායම් කිහිපයක් වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඇතුළු ප්‍රබල කණ්ඩායම් කිහිපයක් තරගාවලියේ පළමු වට දෙක තුල දී ම තරගාවලියෙන් ඉවතට යාම කැපී පෙනුණි.

සුදුසුකම් ලබාගත් පාසල් 16

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කැලණිය ගුරුකුල විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය

තරග කාලසටහන

  • 2018 අගෝස්තු 18 –  සාන්ත ජෝසප් විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය – සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටිය
  • 2018 අගෝස්තු 20 – මහින්ද විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය – ගාලු ජාත්‍යන්තර පිටිය
  • 2018 අගෝස්තු 20 – ගුරුකුල විද්‍යාලය හා රාජකීය විද්‍යාලය – මහර බන්ධනාගාර පිටිය
  • 2018 අගෝස්තු 21 –  සාන්ත තෝමස් විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය – ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල පිටිය
  • 2018 අගෝස්තු 22 – සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය – සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටිය
  • 2018 අගෝස්තු 22 – බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – සාන්ත පීතර විද්‍යාල පිටිය
  • 2018 අගෝස්තු 23 – කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය – අනුරාධපුර සමාධී ක්‍රීඩාංගණය
  • දිනය තවමත් නිශ්චිත නැත – නාලන්ද විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය – නාලන්ද විද්‍යාලයීය පිටිය

තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<