​බාලක අංශයේ පෙරමුණ ගිනිගත්හේනට, බාලිකා අංශයේ පෙරමුණ මහනුවරට

222

සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනය අදත් (10) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය. තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර අද දිනය අවසානයේ දී හෙට දිනයේ (11) පැවැත්වෙන අවසන් තරග සඳහා සහභාගී වන කණ්ඩායම් තෝරා ගන්නා ලදි. තරගාවලිය සඳහා තුන්වැනි ශ්‍රේණියේ හා හතරවැනි ශ්‍රේණියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීම විශේෂත්වයක්.

ළමා මලල ක්‍රීඩා ශූරතාවලිය බෝගම්බර දී ඇරඹේ!

ශ්‍රී ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවලිය අද (9) මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය. 3 ශ්‍රේණියේ..

කලාප 74ක් හා පළාත් මට්ටම් හතක සහභාගිත්වයෙන් තරගාවලිය ක්‍රියාත්මක වන අතර තරගාවලියේ මූලික අරමුණ ළාබාල තරගකරුවන්ගේ කණ්ඩායම් හැඟීම, එකමුතු බව, මිත්‍රත්වය හා පෞර්ෂ සංවර්ධනය වැඩි දියුණු කිරීමයි.

ඉතා විනෝදාත්මක ක්‍රීඩා වූ කඹය ඇසුරින් දුර පැනීම, බාධා දිවීම, ස්කිපින් හා පැසිපන්දු  සමඟ දිවීම වැනි ක්‍රීඩා අදත් ක්‍රියාත්මක විය. අද දිනයේ ද කාල ගණනයක් සිදු කළ අතර හොඳම දක්ෂතා දක්වන කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා තෝරා ගන්නා ලදි.

ධර්මපාල විද්‍යාලයෙන් පිරිමි පළමු ස්ථානය උදුරා ගන්නට ගිනිගත්හේන මහා විද්‍යාලය අද සමත් විය. ඒ ප්‍රසාද ලකුණු 293 ක් සමඟිනි. ගුණසේකර විද්‍යාලය දෙවන ස්ථානයේත් මාතර රාහුල විද්‍යාලය තෙවන ස්ථානයේත් රැඳී සිටින්නේ ලකුණු 279ක් හා 276ක් සමඟිනි. ස්කිපින් ඉසව්වේ හැර අනෙක් සියලු ඉසව්වල පළමු ස්ථානය ගිනිගත්හේන මහා විද්‍යාලය දිනා ගැනීම විශේෂත්වයක්.

දිනයේ පළමු අවසන් පූර්ව තරගය වූයේ තුන්වැනි ශ්‍රේණියේ බාධක දිවීමේ තරගයයි. මිනිත්තු 2.46කින් ඉසව්ව නිමා කළ රජයේ මුස්ලිම් විද්‍යාලය එහි පළමු ස්ථානය දිනා ගන්නා ලදි. එම ඉසව්ව සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 10 දෙනෙක් අන්තර්ගත විය. ගුණසේකර විද්‍යාලය එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත් අතර තත්පර 2.53කින් ගිනිගත්හේන මහා විද්‍යාලය තුන්වැනි ස්ථානය දිනා ගන්නා ලදි.  

බාලිකා බාධක දිවීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගත්තේ තත්පර 2.53කින් ඉසව්ව නිමා කළ මහනුවර උසස් බාලිකා විද්‍යාලයයි. ගිනිගත්හේන මහා විද්‍යාලය දෙවන ස්ථානය දිනා ගන්නා ලදි.

ළමා මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් මහා තරග මහනුවර දී

අධ්‍යාපන අමාත්‍යාංශය සහ නෙස්ලේ ලංකා පෞද්ගලික සමාගම එක්ව සංවිධානය කරනු ලබන සමස්ත…

කෙසේ වෙතත් සමස්ත ලකුණු සටහනේ පළමු ස්ථානය මහගම මහා විද්‍යාලයට හිමිව තිබූ අතර ඔවුන් හිමිකර ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව ලකුණු 321කි. දෙවන ස්ථානයේ රැඳී සිටියේ ලකුණු 312 ක් රැස්කර ගත් මහනුවර උසස් බාලිකා විද්‍යාලයයි. ගලිගමුව ප්‍රාථමිකය ලකුණු 309ක් සමඟින් තුන්වැනි ස්ථානයේ රැඳී සිටියි.

තරගාවලියේ තෙවන හා අවසන් දිනය හෙට පැවැත්වෙන අතර එහි දී ජයග්‍රාහකයින්ට කුසලාන හා සහතික පත් ලබා දීමට නියමිතයි. තරගාවලියේ අවසන් දිනයේ තොරතුරු සඳහාත් රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<