2020 පාසල් රග්බි පිටිය උණුසුම් කරන කාලසටහන එළිදකියි

170
Schools Rugby 2020

2020 වර්ෂය සඳහා වන පාසල් රග්බි තරග කාලසටහන නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් පසුගියදා සිදු කෙරිනි. 

පාසල් රග්බි C කාණ්ඩයේ කාලසටහන නිකුත්වේ

B කාණ්ඩයට පිවිසීමේ අරමුණින් කණ්ඩායම් 12ක් මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ C කාණ්ඩයේ තරග

දිවයන පුරා විසිරී තිබෙන සෑම පාසලක්ම ආවරණය වන පරිදි දරුවන් අතර රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මෙවර පාසල් රග්බි සම්මේලනයේ මූලික අභිප්‍රාය වන අතර එම ප්‍රතිපත්තියෙහි සිටිමින් ඉදිරි සති 10ක කාලසීමාව පුරාවට පාසල් රග්බි පිටියේ පෙරළියක් සිදු කිරීමට මෙවර තරග සංවිධායකවරුන් අපේක්ෂාවෙන් පසුවෙයි. 

වයස අවුරුදු 19න් පහළ ලීග් තරගාවලිය මාර්තු මස 02 වනදායින් ආරම්භ වීමට නියමිත අතර එහි අවසන් වටයේ තරග මැයි මස 24 වනදා අවසන් වීමට නියමිතය. 2017 වර්ෂයේ දී ස්ථාපිත කළ තරග ආකෘතිය අනුව යමින් මෙවර තරගාවලිය ද ඒ හා සමාන මුහුණුවරකින් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබේ. 

ඒ අනුව සමස්ත ලංකා පාසල් සත්සාමාජික රග්බි තරගාවලිය, ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලි ද්විත්වය අවසන් වීමෙන් අනතුරුව එළැඹෙන ජුනි මාසයේ දී පැවැත්වීමට දින නියම කර ඇත. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තම තරගවාරය ජූලි මාසයේ අවසන් කිරීමත් සමඟම ඊට සමගාමීව කනිෂ්ට ක්‍රීඩකයින්ගේ තරගාවලීන් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල සැලසුම් කර තිබේ. 

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග කාලසටහන

දිවයින පුරා විහිදී ඇති පාසල් රග්බි කණ්ඩායම් උරෙන් උර ගැටෙන උද්වේගකර, උද්‍යෝගී

තවද කිසිඳු ආකාරයකින් දින වකවානු නියම කර ගෙන ඇති තරගාවලි නොවැළැක්විය හැකි හේතුවක් හැරුනු කොට කල්දැමීමක් සිදු නොකරන බවට ද පාසල් රග්බි සම්මේලනය අවධාරණය කර සිටියි. එමඟින් මොන යම් හෝ පාර්ශවයකට අගතියක් සිදු වීමේ සම්භාවිතාවක් වෙතොත් එය අවම කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. 

2020 පාසල් රග්බි තරගවාරයේ කාලසටහන 

තරගාවලිය දිනය
පළාත් තරගාවලිය – වයස අවු.10න් පහළ – බාලක පෙබරවාරි 29
පළාත් තරගාවලිය – වයස අවු.12න් පහළ – බාලක මාර්තු 01
වයස අවු.19න් පහළ ලීග් තරගාවලිය – බාලක මාර්තු 02 – මැයි 24
පළමු කොටසේ තරගාවලිය – වයස අවු.14න් පහළ දස සාමාජික – බාලක මැයි 30 සහ 31
වයස අවු.19න් පහළ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය – බාලක  ජුනි 06 – 20 දක්වා
වයස අවු.14න් සහ 16න් පහළ ලීග් තරගාවලිය – පළමු වටය – බාලක  ජුනි 22 – ජූලි 17 දක්වා
වයස අවු.19න් පහළ සත්සාමාජික තරගාවලිය – බාලිකා ජුනි 27 සහ 28
පළමු කොටසේ තරගාවලිය – වයස අවු.19න් පහළ – බාලක ජූලි 04 සහ 05
වයස අවු. 16න් පහළ සත්සාමාජික තරගාවලිය – බාලිකා ජූලි 11 සහ 12
දෙවන කොටසේ තරගාවලිය – වයස අවු.14න් පහළ දස සාමාජික – බාලක අගෝස්තු 01 සහ 02
වයස අවු.14න් සහ 16න් පහළ ලීග් තරගාවලිය – දෙවන වටය – බාලක  අගෝස්තු 04 – 14 දක්වා
වයස අවු.14න් පහළ සත්සාමාජික තරගාවලිය – බාලිකා අගෝස්තු 08 සහ 09
පළමු කොටසේ තරගාවලිය – වයස අවු.18න් පහළ සත්සාමාජික තරගාවලිය – බාලක  අගෝස්තු 15 සහ 16
දෙවන කොටසේ තරගාවලිය – වයස අවු.16න් පහළ දස සාමාජික තරගාවලිය – බාලක අගෝස්තු 22 සහ 23
පළමු කොටසේ තරගාවලිය – වයස 16න් පහළ දස සාමාජික තරගාවලිය – බාලක අගෝස්තු 29 සහ 30
දෙවන කොටසේ තරගාවලිය – වයස අවු.18න් පහළ සත්සාමාජික තරගාවලිය – බාලක සැප්තැම්බර් 05 සහ 06
වයස අවු.18න් පහළ සත්සාමාජික තරගාවලිය – බාලිකා සැප්තැම්බර් 12 සහ 13
දෙවන කොටසේ තරගාවලිය – වයස අවු.19න් පහළ සත්සාමාජික තරගාවලිය – බාලක සැප්තැම්බර් 19 සහ 20
වයස අවු.10න් පහළ සත්සාමාජික – බාලිකා සැප්තැම්බර් 26
වයස අවු. 12න් පහළ සත්සාමාජික – බාලිකා  සැප්තැම්බර් 27 

දිනෙන් දින උණුසුම් වන පාසල් රග්බි පිටියේ තතු එසැනින් ඔබ වෙත ළං කිරීමට Thepapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<