නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවට වැඩි ගෞරව

323
pic credit EPA

රග්බි ශූරතා තරගාවලිය ආරම්භ කරමින් තරග ද්විත්වයක් අද (20) පැවැත්විය. එංගලන්තයේ All Blacks සහ ඕස්ට්‍රේලියාවේ Wallabies කණ්ඩායම් අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට සිඩ්නි නුවර ANZ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර අනෙක් තරගය දකුණු අප්‍රිකා සහ ආර්ජෙන්ටිනා රග්බි කණ්ඩායම් අතර පෝර්ට් එලිසබෙත් හි නෙල්සන් මැන්ඩෙලා බේ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එය සවස 8.30ට ආරම්භ විය.

අත්දැකීම් බහුල මරීජා සංචිතයෙන් ඉවත් වේ

මීළඟ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා වන පුහුණු සංචිතයෙන් ඉවත් වීමට හිටපු රග්බි නායක ෆසිල් මරීජා තීරණය කොට ඇත. පෞද්ගලික හේතුවක් ඊට බලපෑ බවයි වාර්තා වන්නේ. හොංකොං හිදී …

ඕස්ට්‍රේලියාවට අනපේක්ෂිත ප්‍රහාරයක්!

මෙම තරගය ආරම්භයේ සිටම දැඩි උද්වේගකර එකක් විය. ඒ නවසීලන්තය වෙනුවෙන් රතු කාඩ්පත් ලැබූ කොලින් හෙඩ්ට පසු, පෙරදා රතු කාඩ්පත් ලැබූ සොනී බිල් විලියම්ස් තරග 4ක තහනමකින් පසුව නැවත පිටියට අවතීර්ණ වීම නිසාය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් නවක ක්‍රීඩක කර්ටිස් රෝනාගේ පළමු ජාත්‍යන්තර තරගය ද මෙය වීම විශේෂත්වයක්.

ඇලන් මැඩන් මහතාගේ (හිටපු රග්බි ක්‍රීඩක) පිළිගැනීමෙන් තරගය ඇරඹිණි. තරගයේ 4 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගත් බර්නාඩ් ෆොලී තරගයේ ඉදිරිය ඕස්ට්‍රේලියානුවන් වෙත නතු කර ගත්තේය.

ඉන්පසු ක්‍රියාත්මක වූ ලියාම් ස්ක්වයර් 9 වන මිනිත්තුවේ දී නවසීලන්තයට පැහැදිලි ආරම්භයක් ලබා දෙමින් තරගයේ පළමු උත්සාහක දිනුම ලබාගත් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් බීඩන් බැරට් ලකුණු තත්වය 03-07ක් දක්වා වර්ධනය කළේය.

pic credit EPA
pic credit EPA

නැවත ක්‍රියාත්මක වූ ෆොලීගේ පාදයෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේ ඕස්ට්‍රේලියානුවන්ට තරගය වෙත නැවත අවතීර්ණ වීමේ අවස්ථාව සළසා දෙමිනි. 17 වන මිනිත්තුවේ දී රීකො අයන් නවසීලන්ත ලකුණු පුවරුවට තවත් උත්සාහක දිනුමක් ලබා දුන් අතර බැරට්ගේ විසින් ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය (06-12).

ඉන්පසු පිටිය සිසාරා තම අණසක පතුරවමින් පිළිවෙළින් 20 වන මිනිත්තුවේ දී නැවත රිකූ ද, 24 වන මිනිත්තුවේ දී රයන් ක්‍රොටී ද, 33 වන මිනිත්තුවේ දී සොනී බිල් ද තම රට වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් විය. 06-33ක විශාල පරතරයකින් ඉදිරියෙන් සිටියේ නවසීලන්තයයි.

36 වන මිනිත්තුවේ දී යම් කලහකාරී තත්වයක් උද්ගත වූ අතර එය පහව යාමෙන් පසුව තරගයේ පළමු භාගයේ අවසන් මිනිත්තුවේ ලද උත්සාහක දිනුම ද ක්‍රොටී ප්‍රවර්තනය කළේය.

පළමු අර්ධය: ඕස්ට්‍රේලියාව 06 – 40 නවසීලන්තය

දෙවන අර්ධය අරම්භ කළ විගස නැවතත් නවසීලන්තය පෙර සේ ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. ඩේමියන් මැකෙන්සි උත්සාහක දිනුමක් ලබා ගත් අතර ලකුණු 06-47ක් ලෙස නවසීලන්තය ඉදිරියට ගෙන එමින් බැරට් ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේය.

නැවත 47 වන මිනිත්තුවට බෙන් ස්මිත් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. (06-54). තම මංගල තරගයට සහභාගී වන කර්ටිස් රෝනා ඕස්ට්‍රේලියාවට යම් අස්වැසිල්ලක් ලබා දෙමින් 51 වැනි මිනිත්තුව උත්සාහක දිනුමකට පරිවර්තනය කර ගත්තේ ෆොලීගේ ලකුණු ද්විත්වය ද ලබා ගනිමිනි (13-54).

ටවීටා කුරිදානී නැවතත් ඕස්ට්‍රේලියානුවන්ට උත්සාහක දිනුමක් ලබා දෙමින් පරාජයේ අවමානය යම් තාක් දුරකට අවම කරන්නට උත්සහයක් දැරීය. ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් ෆොල්ය් ලකුණු පුවරුව 20-54ක් දක්වා ගෙන ඒමට සමත් විය.

කර්ට්ලි බේල් 60 වන මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නේ ඕස්ට්‍රේලියානුවන්ට ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් එක් කරමිනි (27-54). 68 වන මිනිත්තුවේ දී ඉස්‍රායල් ෆොලාව් තවත් උත්සාහක දිනුමක් ඕස්ට්‍රේලියාවට ලබා දෙන්නේ නරඹන්නන් පුදුම කරමිනි. නමුත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් කාලය හරස් විය.

අවසන් ලකුණු තත්වය: ඕස්ට්‍රේලියාව 34 – 54 නවසීලන්තය


ආර්ජෙන්ටිනාව පරදා දකුණු අප්‍රිකාව පළමු ජය වාර්තා කරයි

පෙරළිකාර කණ්ඩායමක් ලෙස නම් දරා සිටින දකුණු අප්‍රිකාව ඊබන් එටිසබෙත්ගේ නායකත්වයෙන් ද, ඔග්ස්ටින් ක්‍රීවිගේ නායකත්වයෙන් ආර්ජෙන්ටිනාව ද තරග බිමට පිවිසියේය.

pic credit EPA
pic credit EPA

ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් 11 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් එල්ටන් ජැන්ටීස් අප්‍රිකාව තරගයට අවතීර්ණ කරවීය.

නැවතත් ක්‍රියාත්මක වූ ජැන්ටීස් 19 වන මිනිත්තුවේ දී තවත් ලකුණු 3ක් එක් කරමින් තරගය 06-00ක් දක්වා ඔසවා තැබීය.

ප්‍රතිවාදී පිලේ මාර්ටින් ලැන්ජගෝ 31 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් ලබා ගනිමින් පුවරුව 06-05කට ගන එනු ලැබීය. නැවතත් ක්‍රියාත්මක වෙමින් 13-05ක තත්වයකට ලකුණු පුවරුව ඉහළ දමා ගන්නට කොර්ටනල් ස්කොර්ටන්ගේ පළමු ජාත්‍යන්තර උත්සාහක දිනුමට හැකි විය. ප්‍රවර්තනය ජැන්ටීස් විසින් සාර්ථක කර ගත්තේ අඩුපාඩු නොමැති ෆ්ලයි හාර්ෆ් ක්‍රීඩකයෙකු බව පසක් කරමිනි.

පළමු අර්ධය: දකුණු අප්‍රිකාව 13 – 05 ආර්ජෙන්ටිනාව

දෙවන අර්ධය ආරම්භ කරමින් 44 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගත් සැන්චස්, ආර්ජෙන්ටිනාවේ ලකුණු තත්වය 08ක් දක්වා වර්ධනය කළේය (13-08). ඊට දෙවෙනි නොවෙමින් ජැන්ටීස් ද දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය (16-08).

සූක්ෂමව පන්දුව ඩැහැ ගනිමින් රේමන්ඩ් රූල් 51 වන මිනිත්තුවේ දී ලකුණු 5ක් ලකුණු පුවරුවට එක් කළේය. ජැන්ටීස් එය සාර්ථකව ප්‍රවර්තනය කළේය (23-08).

58 වන මිනිත්තුව නැවත ආර්ජෙන්ටිනාවට සුලු ජවයක් ගෙන දුන්නේ එමලිආනෝ බොෆෙලී සහ හර්නැන්ඩස් විසිනි. නමුත් 65 වන මිනිත්තුවේ දී සියා කොලිසිත් සහ තරගයේ අවසන් මිනිත්තු 10 දී පීටර්-ස්ටෙප්-ඩූ-ටොයිට් නැවත උත්සාහක දිනුම් වාර්තා කරමින් තරගයේ ජය දකුණු අප්‍රිකාව වෙනුවෙන් සීල් තබන්නට සමත්විය.

අවසන් ප්‍රතිඵලය: දකුණු අප්‍රිකාව 37 – 15 ආර්ජෙන්ටිනාව

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට