ගෙවුනු දවස ජුලි 29 – පොඩ්ඩෝ වැඩ පෙන්නද්දි සංවර්ධන පිල පරාද වේ

296

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

සංවර්ධන කණ්ඩායම ඒකත් පරාදයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ දෙවන තරගයෙනුත් පරාජය උරුම කර ගන්නට ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය. ප්‍රිටෝරියා හී පැවති මේ තරගයේදී ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රීඩකයන් කඩුලු 6කින් පරාජය වුයේ දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම හමුවෙයි.

ලකුණු පුවරුව –

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම – 240/7 (50) – අනුක් ප්‍රනාන්දු 53, රුමේෂ් බුද්ධික – 48, සංජය චතුරංග – 36*, තෝමස් කර්බර් – 2/27, කීත් ඩූජෝන් -2/29

දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – 241/4 (47.5) – සුබයර් හම්සා – 111*, විහාන් ලුබේ – 47, ජැනමන් මාලන් – 41, අමිල අපොන්සෝ – 2/44

දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායමට කඩුලු 6ක ජයක්

සම්පූර්ණ ලිපිය: සංවර්ධන කණ්ඩායමට තවත් පරාජයක්


ස්ටීව් ඔකීෆ්ට අාබාධයක්

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර වෝන් – මුරලි  කුසලානය සඳහා පැවැත්වෙන තරගමාලාවේ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය ඊයේ  (29) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී පැවැත්විය.

ඔස්ට්‍රේලියානු දක්ෂ පන්දු යවන්නෙකු වන ස්ටීව් ඔකීෆ් මෙම තරගය අතරවාරයේදි ඔහුගේ කලව ප්‍රදේශයේ වු අාබාධ තත්වයක් හේතුවෙන් පවතින ටෙස්ට් තරගමාලාවෙන් ඉවත් කර අැති අතර ඒ වෙනුවට ජෝන් හොලන්ඩ් පිටියට කැදවා තිබේ.

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 353 -10 (93.4) කුසල් මෙන්ඩිස් 176, දිනේෂ් චන්දිමාල් 42, ධනංජය ද සිල්වා 36, රංගන හේරත් 35, මිචෙල් ස්ටාක් 4/84, ජෝස් හෙසේල්වූඩ් 2/59

ඕස්ට්‍රේලියානු දෙවන ඉණිම ( 4 වන දිනය අවසන් වනවිට) -83-3 (27) ජෝශප් ඇන්තනී බර්න්ස් 29,  ස්ටීවන්  ස්මිත් 26*, ලක්ෂාන් සඳකැන් 1-13, රංගන හේරත් 1-35

අද (30) තරගයේ පස්වන හා අවසන් දිනයයි.

සම්පූර්ණ ලිපිය: සිංහයින්ගේ අභියෝගය කැන්ගරුවන් භාර ගනියි


යොවුන් තරගය ජය පරාජයෙන් තොරයි

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවති පළමු යොවුන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන්නට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට හැකිවිය. කේම්බ්‍රිජ් හී පැවති මේ තරගයේ සිව්වන සහ අවසන් දිනය තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ පන්දුවාර 63ක් පමණක් වුවත්, දෙවන ඉනිමේ වඩාත් සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා යෞවනයන් තරගය ජයග්‍රහණය කිරීම පිලිබඳ එංගලන්තය තබා තිබූ බලාපොරොත්තු බිඳ දැමීමට සමත්කම් දැක්වූහ.

එංගලන්ත 19න් පහළ පළමු ඉනිම – 500/9 d  (ඔලී වෙස්ට්බරි – 196, ජෝජ් බාට්ලට් – 131, ඔලී පෝප් – 78, ජෙහාන් ඩැනියල් – 3/91, ලහිරු කුමාර – 2/104, සම්මු අශාන් – 1/21)

ශ්‍රී ලංකා 19න් පහළ පළමු ඉනිම – සියල්ලන් දැවී – 335 (චරිත් අසලංක – 81, ජෙහාන් ඩැනියල් – 62, සම්මු අශාන් – 51, අවිශ්ක ප්‍රනාන්දු – 45, අමර් විර්දි – 5/77, ජෝෂ් කෝලින් – 2/45)

ශ්‍රී ලංකා 19න් පහළ දෙවන ඉනිම – 182/3 (ඩිලාන් ජයලත් – 77*, චරිත් අසලංක – 70, ජෝජ් පනායි – 2/62)

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

සම්පූර්ණ ලිපිය: යොවුන් පිතිකරුවෝ තරගය බේරා ගනියි

දවසේ නිමාව

අද දිනයේ පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට