සෑම ක්‍රීඩාවකටම අභියෝගයක් වන මානසික ආතතිය

198

පසුගිය සති කීපය තුල සිදු වූ සිදුවීම් කීපයක් ජාත්‍යන්තර ක්‍රීඩාවේ වඩාත් වැදගත් අංශයක් කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමුකර වීමට සමත් විය. එනම් මානසික අසමතුලිතතාවය, මානසික පීඩනය ලොව ඕනෑම ක්‍රීඩකයෙකුට, ඕනෑම අවස්ථාවක ඇති විය හැකි බවයි. 

මෙලෙස මානසික අසමතුලිතතාවයන් නිසා ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් තාවකාලික විරාමයක් ලබා ගත් එකම ක්‍රීඩකයා ග්ලෙන් මැක්ස්වෙල් නොවේ. නමුත් ප්‍රබල හා ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කළ ඔහුගේ මෙම තත්ත්වය ලොව පුරා මාධ්‍යවල හා වගකිව යුත්තන්ගේ අවධානයට ලක්විය. 

මීට පෙර නික් මැඩින්සන් ද මෙලෙස ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් තාවකාලික විරාමයක් ලබා ගැනීමට තීරණය කර තිබුණි. ඒ අතරතුර මෙම වසරේ දෙවතාවක් මෙම මානසික තත්ත්වයන් නිසා පීඩා විඳීමට විල් පුකොව්ස්කිට සිදුව තිබුණි. 

ග්ලෙන් මැක්ස්වෙල්ගේ මෙම තාවකාලික විරාමය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය නායක විරාත් කෝලි ද පවසා සිටියේ ඔහු 2014 වසරේ දී එවැනිම තත්වයකට මුහුණ දුන් බවයි. 

මැක්ස්වෙල්ගේ තීරණයට කෝලිගෙන් පැසසුම්

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා තරගාවලියෙන් අනතුරුව ………..

මානසික ආතතීන් නිසා පීඩා විඳින ක්‍රීඩකයන් මේ සිව්දෙනා පමණක් නොවේ. තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම තත්වයන් නිසා පීඩා විඳින අතර ඔවුන්ගේ දක්ෂතාවලට ද මෙම තත්ත්ව දැඩි බලපෑමක් එල්ල කරයි. නමුත් මෙවන් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන්ට පවා මෙලෙස බලපෑම් එල්ල වන්නේ නම් අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එමඟින් එල්ල වන බලපෑම් සුළුපටු නොවන බව පැහැදිලිය. 

මෙම මානසික ආතති තත්ත්වයන් ලොව පුරා පැතිර යමින් මානව සමාජය වෙත ප්‍රබල බලපෑමක් එල්ල කරන අතර සංඛ්‍යාත්මක දත්තවලින් පවා එය තහවුරු වේ. නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව ලොව සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙක් මෙම මානසික ආතති තත්ත්ව නිසා පීඩා විදින අතර ඔවුන් තම ජීවිත කාලය තුල එක් අවස්ථාවක දී හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුවේ. 

මෙම මානසික ආතති තත්වයන් ශරීරයේ යම් යම් ඉන්ද්‍රියන් වලට බලපෑම් කරන අතර ඒවා මඟින් පූර්ණ කාලීන හෝ තාවකාලික ආබාධයන්ට ලක්වීමේ ප්‍රවණතාවයක් ද පවතී. එලෙස ආබාධ ඇති කරන ප්‍රධාන හේතුව ලෙස මීට පෙර හෘදයාබාධ හඳුනා ගෙන තිබූ අතර Depression හෙවත් විෂාදය එලෙස ආබාධ ඇති කිරීම හෘදයාබාධ වලට වඩා වැඩි බව නවතම වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම මෙම රෝග තත්ව පවතින පුද්ගලයන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ප්‍රමාණය 5-10% අතර ප්‍රමාණයක පවතී. 

ඉන්දියාව වැනි රටවල ක්‍රීඩකයන්ට ඇති සමාජ පීඩනය නිසා මෙම තත්ව වල වර්ධනයක් පෙන්වන අතර එම ක්‍රීඩකයන් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ප්‍රමාණයේ ද අඩුවක් පවතී. 

මෙම තත්ත්වයන් පිළිබඳව වඩාත් අත්දැකීම් ඇති මානසික වෛද්‍යවරයෙකු වන සැන්ඩි ගෝර්ඩන් අදහස් දක්වා සිටියා. 

“ඒක ගැන කතා කරන එකත් ගොඩක් දෙනාට පීඩනයක්. මේ වගේ තත්ව ඇතිවෙන එක ඕනෑම වටපිටාවකින් වෙන්න පුළුවන්. ඒක ඕනෑම කෙනෙක්ට එන්න පුළුවන්. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාව බොහෝ දුරට වාණිජකරණය වෙලා තියෙන්නේ. ඒ වගේම ඒක ගොඩක් විනෝදය සඳහා භාවිතා වෙන තත්වයක් තියෙන්නේ. මේ නිසා ක්‍රීඩකයන්ට එල්ල වන පීඩනය සුළුපටු නොවේ. මේකම තමයි ක්‍රීඩකයන් නොයෙක් තහනම් උත්තේජක වලට යොමුකරලා තියෙන්නේ. ඒ වගේම ක්‍රීඩකයන්ට විවේකයක් නැතිකමත් බලපාලා තියනවා.” 

සැන්ඩි ගෝර්ඩන් ලොව ප්‍රධාන පෙළේ රටවල් කීපයක ජාත්‍යන්තර කණ්ඩායම් සමඟ කටයුතු කර ඇති අතර ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම් උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇත. වර්ථමානයේදී ඔහු බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ උපදේශක ලෙස කටයුතු කරයි. 

“ඔබ ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායමක ක්‍රීඩා කරනවා නම් අසාර්ථක නොවිය යුතුයි කියන හැඟීම ඇතිවෙනවා. අසාර්ථක වන විට ඒ පීඩනයත් ඔබට ඇතිවෙනවා. ඒ හැඟීම නවත්වා ගැනීමට ක්‍රීඩකයන් හැමවෙලේම උත්සාහ කරනවා. මේ හැමදෙයක්ම බලපාන්නේ ඔවුන්ගේ මානසික මට්ටමට.”

නව තාක්ෂණය නිසා පීඩනය විනිසුරුවන්ට

නව තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවේ තීරණ සඳහා එක්වීම සිතන ……….

කෙසේ වෙතත් ගෝර්ඩන් පවසන්නේ ක්‍රීඩාවේ තරගකාරී බව දිනෙන් දින වැඩි වන නිසා මෙම මානසික පීඩනයන්ගේ අඩුවීමක් බලාපොරොත්තු නොවිය හැකි බවයි. නමුත් එම තත්ත්වයන් පාලනය කරගැනීමේ හැකියාව ක්‍රීඩකයන්ට ඇති බව ඔහු පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගෝර්ඩන් පවසන ප්‍රධාන කරුණක් නම් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන්ට ලැබෙන විවේකය ඉතාමත් අඩු මට්ටමක පවතින නිසා ක්‍රීඩකයන්ට මනස සැහැල්ලු කරගැනීම සඳහා ලැබෙන ඉඩකඩ අඩු බවයි. එම තත්වයන් නිසා ක්‍රීඩකයන් “මේක අමාරුයි. මේක ගොඩක් වැඩියි” යන අදහසට පැමිණෙන බවත් ඔහු පවසා සිටියා. 

“මම දන්නේ නෑ මේ දිනවල අපි ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස් රටාවන් කීයක් සෙල්ලම් කරනවා ද කියලා. ඒත් ඒක එක ක්‍රීඩාවක් විතරයි. ඒ වගේම මේ තරග වාරවල කිසිම විවේකයක් නෑ. මම දැන් වැඩ කරන්නේ පර්ත් වයිල්ඩ්කැට්ස් කණ්ඩායම එක්ක. (ඕස්ට්‍රේලියානු ජාතික බේස්බෝල් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායමකි) මේ ක්‍රීඩකයන් එක් තරගාවලියක් අවසන් වුන ගමන් වෙනත් තරගාවලියක් සඳහා යනවා.”

“මේ වගේ දෙයක් වුනාම ගොඩක් අය ඒක ඒ ක්‍රීඩකයන්ගේ දුර්වල මානසිකත්වය කියලා කියන්න පෙලඹෙනවා. ඒක එහෙම දෙයක් නෙමෙයි. අපි මේ වගේ දෙයක් වුනාම ඒකට ශාරීරිකව ප්‍රතිකාර කරන්න අවශ්‍යයි. ඒක හරියට ශාරීරික ආබාධයක් වගේ. කෙනෙක් යම් ශාරීරික ආබාධයක් වුනාම ඒකට මාස කිපයක ප්‍රතිකාරයක් ගන්නවා වගේ. ඕනෙම කෙනෙක්ට ඕනෙම වෙලාවක මේ වගේ ආබාධයක් එන්න පුළුවන්. ඒක එයාලගේ වැරැද්දක් නෙමෙයි.”

“ක්‍රීඩාවෙන් යම් දියුණුවක් ලබාගෙන ඉන්න ක්‍රීඩකයන්ට මේ වගේ දෙයක් වුනාම ඒක දරාගන්න අමාරුයි. ඔවුන් හැමවෙලේම උත්සාහ කරන්නේ අනෙක් අයට වඩා හොඳින් සෙල්ලම් කරන්න. අනෙක් අයට වඩා ඉදිරියෙන් ඉන්න. ඒ වගේම තවත් ක්‍රීඩකයන් ඉන්නවා ඔවුන්ගේ තරගය තියෙන්නේ ඔවුන් එක්කමයි. ඔවුන් කලින් හිටියට වඩා හොඳින් ඉන්න එක තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. ස්ටීව් ස්මිත් ඒ වගේ ක්‍රීඩකයෙක්. ඔහු හැමවෙලේම හිතන්නේ ඊයෙට වඩා හොඳින් අද සෙල්ලම් කරන එක ගැන. අදට වඩා හොඳින් හෙට සෙල්ලම් කරන එක ගැන. ඔහු සාර්ථක වෙන්නේ ඒ නිසා. “

නිකලස්ගේ තරග තහනම ගැන ස්මිත් කතා කරයි

පසුගිය දා ඇෆ්ගනිස්තානය සමඟින් පැවති තරගයක ……….

මෙම මානසික ආතතිය පිළිබඳව ඇති තත්ත්වයන් වඩාත් කතාබහට ලක්වීමට පටන්ගෙන තිබුණේ විරාත් කෝලිගේ ප්‍රකාශයෙන් අනතුරුවය. ඉන්පසු ක්‍රීඩකයන් කීපදෙනෙකුම තම තත්ව පිළිබඳව බලධාරීන් දැනුවත් කර තිබුණි. 

ගෝර්ඩන් පවසන ආකාරයට විරාත් කෝලි, ග්ලෙන් මැක්ස්වෙල් වැනි ප්‍රබල ක්‍රීඩකයන් මෙවන් ගැටලු පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් අන් අයට ද තම ගැටලු පිළිබඳව කතා කිරීමට යම් පන්නරයක් ලබා දෙන බවයි. එමෙන්ම සෑම කණ්ඩායමක් සමඟම මානසික වෛද්‍යවරයෙක් සිටීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මනා උපකාරයක් වන බව ඔහුගේ අදහස වී ඇත. 

ජාත්‍යන්තර ක්‍රීඩාවේ දීර්ඝතම සටන දැන් ආරම්භ වී ඇත. මානසික රෝගයේ දුර්වල බලපෑමට එරෙහි ලොකුම අවිය ලෙස සැලකෙන්නේ සරලව කථා කිරීමයි. ගෝර්ඩන් පවසන්නේ, “මිනිසුන් උදව් ඉල්ලන මොහොතේ සිට සටනෙන් අඩක් ජය ගනී.” පැහැදිලිවම එය ජයග්‍රහණය කළ යුතු සටනකි.

CricBuzz හි පල වූ ලිපියක සිංහල අනුවාදයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<