“ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් උපරිමය කරනවා” – කුසල් මෙන්ඩිස්

479
kusal mendis

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 02ක් පමණි. සියලු කණ්ඩායම් මේ වනවිට ලෝක කුසලාන වසන්තය සඳහා ලහි ලහියේ සූදානම් වෙමින් සිටී. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන පෙර සූදානම පිළිබඳව කුසල් මෙන්ඩිස් අදහස් දක්වා තිබේ. එහිදී නවසීලන්ත තරගයේදී සිදුවූ අඩුපාඩු මගහැරගෙන ක්‍රීඩා කරනු ඇතැයි ඔහු විශ්වාසය පළකර තිබේ.

“පන්දු යවන්නන්ට ක්‍රිකට් වෙනස් කළ හැකියි” – මාලිංග

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට තවත් ඇත්තේ දින 02ක් පමණය…

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පුහුණු තරග 2කට සහභාගී වූ අතර එම තරග දෙකම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. අවසන් වරට ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයේදී ලකුණු 87ක පරාජයක් ලැබීමට සිදුවීම කණ්ඩායමේ මානසික යෝග්‍යතාවයට යම් බලපෑමක් ඇති කරනු නොඅනුමානය.

දකුණු අප්‍රිකාව සමඟින් පැවති පළමු පුහුණු තරගයේදී ලකුණු 338ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 251ක් පමණි.

දෙවන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 238ක් ලබාගත් අතර එහිදී ලහිරු තිරිමාන්න ලකුණු 56 ක් ලබාගැනීමට සමත් විය. ඕස්ට්‍රේලියාව එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී පසුකර ගියේය. එහිදී උස්මාන් කවාජා ලකුණු 89ක් රැස් කිරීමට සමත් විය. පුහුණු තරගය පිළිබඳව අදහස් දක්වමින් කුසල් මෙන්ඩිස් කියා සිටියේ පිතිකරණ අංශය තවත් හොඳින් පුහුණුවීම් සිදුකළ යුතු බවයි.

“අපි හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ. ඒක පහසුවෙන්ම ලකුණු 300ක් ලබාගන්න පුළුවන් තණතීරුවක්. ඒත් තරගයේ මැද පන්දුවාර වලදී අපි අසාර්ථක වුනා.” යයි කුසල් මෙන්ඩිස් පවසා තිබේ.

“ඒක හොඳ තරගයක් වුනා. අපි කණ්ඩායමක් විදිහට සැලසුම් කරපු විදිහට අපිට ක්‍රීඩා කරන්න බැරි වුනා. අපි ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් ලබාගත්තේ නෑ. ඒ හින්දා ඔවුන්ට පීඩනයක් එල්ල කරන්න බැරි වුනා. අපි හිතනවා අපිට මේක වෙනස් කරන් පුළුවන් කියලා. ඇන්ජලෝ මැතිව්ස් වගේම ලසිත් මාලිංග අපේ කණ්ඩායම පිතිකරණයෙන් වගේම පන්දුවෙන් ශක්තිමත් කරාවි. අපි හැමෝටම ලොකු වාසියක් ඔවුන් කණ්ඩායමේ ඉන්න එක.”

“එංගලන්තයේ තියෙන්නේ ලංකාවට වඩා වේගවත් තණතීරු. අපි ඒවට හුරුවෙන්න ඕනේ. මේ දේශගුණයට පුරුදු වෙන්න අපි පන්දු යැවීමේ මැශිම (Bowling Machine) මඟින් පුහුණුවීම් කරනවා.”

ලසිත් මාලිංග වාර්තාවක් අභියස

දැනට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග රටාව තුළ වැඩිම කඩුලු ලබාගෙන තිබෙන පන්දු …

ඕස්ට්‍රේලියා තරගයේදී කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාව තීරණය කළ අතර ලකුණු 16ක් ලබා සිටි නායක දිමුත් කරුණාරත්න, පළමු කඩුල්ල ලෙස කේන් රිචඩ්සන් විසින් දවාගැනීමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ පීඩනය එල්ල කිරීමට නොහැකි විය. කුසල් පෙරේරා ලකුණු 12කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලබාගත්තේ ලකුණු 24ක් පමණි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 17ක් ලබා සිටියදී දැවී ගිය අතර ජීවන් මෙන්ඩිස් ලබාගත්තේ ලකුණු 21ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා මැදපෙළ බිඳවැටුනු අතර ලකුණු 238කින් සෑහීමකට පත්වීමට ඔවුන්ට සිදුවිය.

ලෝක කුසලාන ගමන එතරම් පහසු, සොඳුරු ගමනක් නොවන බවත් එය රළු, දුෂ්කර එකක් වනු ඇති බවත් තමන් ඇතුලු කණ්ඩායම වටහා ගෙන ඇති බව කුසල් මෙන්ඩිස් තවදුරටත් පවසා සිටියේය. සියලු බාධක හමුවේ ශක්තිමත්ව කණ්ඩායමක් ලෙස තරගාවලියට මුහුණ දෙන බවත් කුසල් මෙන්ඩිස් පැවසීය.

පසුගිය අප්‍රේල් 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව එක් රටක් ලෙස එක්සත්ව නැගී සිටින අවස්ථාවක තම කණ්ඩායමද එක් අරමුණක් වෙනුවෙන් එක්සත්ව සිටිය යුතු බව කුසල් මෙන්ඩිස්ගේ මතය වී ඇත.

“මම හිතන්නේ අපිට විශේෂ සහයෝගයක් තියෙනවා කණ්ඩායමේ. මම කතෝලික. ඒත් කණ්ඩායමේ බෞද්ධ වගේම මුස්ලිම් ක්‍රීඩකයන් ඉන්නවා.”

“ශ්‍රී ලංකාවේදී හැම ආගමක්ම සමානයි. හැම ආගමකම පුරවැසියන් එකට ඉන්නවා. කණ්ඩායමත් ඒ වගේමයි. අපි හැමෝම එකිනෙකාට උදව් කරනවා. අපිට මුළු ලෝකයෙන්ම සහයෝගය තියනවා.”

“අපි කණ්ඩායමක් විදිහට අපිට පුළුවන් උපරිමය කරනවා. මුළු ශ්‍රී ලංකාවම අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඔවුන්ට සාධාරණයක් කරන එක අපේ වගකීමක්.”

2019 ලෝක කුසලාන වසන්තය මැයි මස 30 වනදා එංගලන්ත – දකුණු අප්‍රිකා තරගයෙන් ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලියේ මුල් වටය තරග 45 කින් සමන්විත අතර සෑම කණ්ඩායමක්ම තරගාවලියේ අනෙක් කණ්ඩායම් 9 සමඟ තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය නවසීලන්තයට එරෙහිව ජුනි මස 01 වනදා පැවැත්වේ. මෑත ඉතිහාසයේ එතරම් සාර්ථක නොවූවත් ශ්‍රී ලාංකීය නාමය ලෝකයේ ඉහළින්ම රඳවා තබනු ඇතැයි සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රාර්ථනාව වී ඇත. දිගින් දිගටම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම අත්හැර නොගොස් ඔවුන් තවමත් කණ්ඩායම සමඟින් රැඳී සිටිමින් කණ්ඩායම දිරිගන්වන්නේ ඒ නිසාවෙනි.

“පීඩනයක් තියෙනවා. ඒත් අභියෝගයට සූදානම්” – ඇන්ජලෝ මැතිව්ස්

2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 03ක් පමණි…

වසර 4 කට පසුව එළඹෙන ලෝක කුසලාන වසන්තය තම මව්රටට රැගෙන ඒම, එලෙස කණ්ඩායම වෙනුවෙන් තම විශ්වාසය තබාගෙන සිටින ක්‍රීඩා ලෝලීන්ට සිදුකරන යුතුකමකි.

2019 ලෝක කුසලාන තරගාවලියේ නිල ඩිජිටල් වීඩියෝ පට වෙබ් අඩවියක් ලෙස ThePapare.com, මෙවර ලෝක කුසලාන තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<